විශාල ඖෂධ සහ ආහාර අර්බුදයකට මුහුණ දෙන ළමා රෝහලේ විදුලි බිල ගෙවීමත් අර්බුදයක

හිඟ බිල්පත් නොගෙවීම හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ආපනශාලාවේ සහ ආරක්ෂක සේවා අංශවල විදුලිය කප්පාදු කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය පවසන්නේ මෙම විදුලි කප්පාදුව පෙරේදා දිනයේදී සිදු කර තිබූ අතර එදිනම ඊට අදාළ ගෙවීම් කිරීමට කටයුතු කිරීමෙන් අනතුරුව විදුලිය ලබාදුන් බවයි

මේ අතර රෝහල් අධ්‍යක්ෂ්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසන්නේ මේ වනවිට රිජ්වේ ආර්යා ළමා රෝහලේ රුපියල් මිලියන 30 ක පමණ විදුලි බිල්පතක් ගෙවීමට නියමිතව ඇති බවයි. එම නිසා පරිත්‍යාගශීලීන් හැකිනම් ඒ සඳහා උදව් උපකාර කරන ලෙස ඔහු ඉල්ලා සිටියි.

රිජ්වේ ළමා රෝහලේ විදුලිය පමණක් නොව ඖෂධ, ආහාර පවා ලබාගැනීමට සිදුව තිබෙන්නේ පරිත්‍යාගශීලින් හරහායි. පසුගියදා එම රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් ද මෙම ප්‍රශ්නවලට විසඳුම් ඉල්ලාරෝහල අසළ විරෝධතාවයක නිරත විය.

මේවනවිට රෝහල තුළ කිසිදු ආකාරයේ රසායනාගාර පරීක්ෂණයක් සිදුවන්නේ නැත. එසේම රෝහලේ දෛනිකව ලබාදෙන ආහාර වේල ලබාදීමේදී ඒ සඳහා ප්‍රෝටීන් අඩංගු ආහාර එනම් කිරි. බිත්තර, මස්, මාළු ලබාදීම සිදුවන්නේ පරිත්‍යාගශීලියෙක් ඒ සඳහා මැදිහත් වුනොත් පමණි. රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ගෙන් බහුතර දරුවන් ප්‍රමාණයක් අඩු බර සහ මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන බව ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසා තිබුණි. එවැනි තත්ත්වයකදී දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් අවශ්‍ය දේ සැපයිමට බලධාරීන්අපොහොසත්ව සිටියි.

ඊට අමතරව ඖෂධ හිඟය ද පවතින්නේ බැරෑරුම් තත්ත්වයකයි. රෝහලට අවශ්‍ය ඖෂධ ලබාගැනීම සිද්වන්නේ ද පරිත්‍යාගශීලින් සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හරහායි.

රිජ්වේ ළමා රෝහල යනු ලංකාවේ තිබෙන ප්‍රධාන ළමා රෝහලකි. මේ නිසාම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රෝගී දරුවන් මේ වෙත පැමිණෙයි. එවැනි රෝහලක තත්ත්වය මේ ආකාර නම් අනෙක් රෝහල් ගැන කතා කිරීමෙන් පලක් නැත. රනිල් රාජපක්ෂගේ ආණ්ඩුව පසුගිය අයවැය හරහා සෞඛ්‍ය වෙත වෙන්කරනු ලැබුවේ රුපියල් බිලියන 248කි. නමුත් ආරක්ෂක අමාත්‍යංශය සඳහා රුපියල් බිලියන 376ක් වෙන්කර තිබේ. මූලික අවශ්‍යතා සඳහා රටේ ජනතාවගේ බදු මුදල් නිසි පරිදි යොදවන්නේ නැති ආණ්ඩුවේ ප්‍රතිපත්ති නිසා සිදුව ඇත්තේ ජනතාවට තව තවත් දුක් විඳීමටයි.

ඊට අමතරව ළමා රෝහලේ විදුලිය විසන්ධි කිරීම ගැන අදහස් දක්වන බොහෝ දෙනෙක් ප්‍රශ්න කර සිටින්නේ පසුගිය කාලයේ ජල සහ විදුලි බිල්පත්වලට ලක්ෂ ගණනින් පොලු තැබූ මැති ඇමතිවරුන්ට ලබාදී තිබූ සහනය රෝහලට ලබා නොදුන්නේ ඇයිද යන්නයි.

 

 

Share post:

Popular

වෙනත් පුවත්

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...