ගුරු විදුහල්පති සටනට බාල්දි පෙරලූ රාජා කොල්ලුරේ ට සභාපති ධුරය අහිමි වෙයි

වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණයක් ගෙන ඇති බව වාර්තා වෙනවා. මෙම ඉවත් කිරීමට හේතුව වී තිබෙන්නේ විසි එක් වෙනිදා පාසැල් ආරම්භ කිරීමට රජය ගත් තීරණයට එරෙහිව තමන්ගේ ඉල්ලීම් ඉටු කරන්න කියමින් ගුරු විදුහල්පති අරගලයේ නිරත වී සිටින ගුරු විදුහල්පතිවරුන් ගත් තීරණයට එරෙහිව වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ නොවැම්බර් මාසේ පඩිය කපා දැමීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන බවට කළ නිවේදනයයි. එම ප්‍රකාශය හේතුකරගෙන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ කීර්තිනාමයට හානියක් සිදුවී ඇති බව ඔවුන් නිගමනය කර තිබේ. ඒ අනුව රාජා කොල්ලුරේ මහතා එම තනතුරෙන් නෙරපා හැරීමට ඔවුන් කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකාවේ කොමියුනිස් පක්ෂයේ නියෝජ්‍ය සභාපති වීරසුමන වීරසිංහ මහතා පක්ෂයේ තීන්දුව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියා. නමුත් රාජා කොල්ලුරේ ප්‍රකාශ කර සිටින්නේ ආණ්ඩුකාරවරයා හැටියට ගත් තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධූරයෙන් තමන්ව ඉවත් කර හැරීමට ශ්‍රී ලංකාවේ කොමියුනිස් පක්ෂයට කිසිදු අයිතියක් නැති බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...