ගුරු විදුහල්පති සටනට බාල්දි පෙරලූ රාජා කොල්ලුරේ ට සභාපති ධුරය අහිමි වෙයි

වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණයක් ගෙන ඇති බව වාර්තා වෙනවා. මෙම ඉවත් කිරීමට හේතුව වී තිබෙන්නේ විසි එක් වෙනිදා පාසැල් ආරම්භ කිරීමට රජය ගත් තීරණයට එරෙහිව තමන්ගේ ඉල්ලීම් ඉටු කරන්න කියමින් ගුරු විදුහල්පති අරගලයේ නිරත වී සිටින ගුරු විදුහල්පතිවරුන් ගත් තීරණයට එරෙහිව වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ නොවැම්බර් මාසේ පඩිය කපා දැමීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන බවට කළ නිවේදනයයි. එම ප්‍රකාශය හේතුකරගෙන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ කීර්තිනාමයට හානියක් සිදුවී ඇති බව ඔවුන් නිගමනය කර තිබේ. ඒ අනුව රාජා කොල්ලුරේ මහතා එම තනතුරෙන් නෙරපා හැරීමට ඔවුන් කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකාවේ කොමියුනිස් පක්ෂයේ නියෝජ්‍ය සභාපති වීරසුමන වීරසිංහ මහතා පක්ෂයේ තීන්දුව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියා. නමුත් රාජා කොල්ලුරේ ප්‍රකාශ කර සිටින්නේ ආණ්ඩුකාරවරයා හැටියට ගත් තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධූරයෙන් තමන්ව ඉවත් කර හැරීමට ශ්‍රී ලංකාවේ කොමියුනිස් පක්ෂයට කිසිදු අයිතියක් නැති බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...