ජනතා අරගල සම්බන්ධයෙනුත් ආණ්ඩුව පරණ පුරුදු පාරෙම

මුත්තු නගර් ගොවි ජනතාවට ආන්ඩුවේ මැරයින් විසින් පහරදීම හෙළා දකිමින් අද ත්‍රිකුණාමලයේ දී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ. මුත්තු නගර් ප්‍රදේශයේ වසර ගණනාවක් ගොවීන් විසින් වගා කරමින් සිටි ඉඩම් සෝලා ව්‍යාපෘතියකට බව පවසමින් ආණ්ඩුව විසින් වැටවල් ගසා අත්පත්කර ගැනීමට ගොවින් මාස කිහිපයක සිට විරෝධය දක්වමින් සිටියි. මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් විසඳුම් ඉල්ලා මුත්තු නගර් වැසියන් කොළඹ ජනාධිපති කාර්යාලය අසළ සිදුකළ උද්ඝෝෂණයකින් පසු බලධාරීන් පොරොන්දු වී තිබුනේ මෙම ප්‍රශ්නය මේ මස 30වනදාට පෙර විසඳන බවයි.

තත්ත්වය එසේ තිබියදී පසුගිය 27වනදා මෙම වගා භූමි ඩෝසර් කිරීම සඳහා යන්ත්‍ර පැමිණ ඇති අතර එය ගොවින් විසින් ග්‍රාම නිලධාරීවරයාට දැනුම් දී තිබේ. එහිදී ග්‍රාම නිලධාරීවරයාට පෙන්වීම සඳහා මෙම අවස්ථාව ගොවීන් විසින් වීඩියෝ කර තිබේ. ගොවීන් පවසන පරිදි එහිදී එම ඩෝසර් යන්ත්‍රවලින් පැමිණි පුද්ගලයන් සහ සමාගමේ නිලධාරීන් ඔවුන්ට පහරදී ඇත. මෙම පහරදීමෙන් එක් පුද්ගලයෙක් රෝහල්ගතකර තිබේ. මේ පිළිබඳ පැමිණිලි කිරීමට චීන වරාය පොලීසියට ගියද ඔවුන් මෙම පැමිණිල්ල ලියා නොගත් බව ගොවින් පවසයි. නමුත් පසුව පොලිසිය සිදුකර ඇත්තේ පැමිණිලි කිරීමට ගිය ගොවින් අත්අඩංගුවට ගැනීමයි.

එසේම සිදුවීමට සම්බන්ධ නැති පුද්ගලයන් පවා බොරු චෝදනා නගමින් අත්අඩංගුවට ගත් බව ගොවින් පවසයි. කෙසේවෙතත් මුත්තු නගර් ගොවින් විසින් මේ පිළිබඳ පැමිණිල්ලක් ත්‍රිකුණාමල දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමුකර තිබේ.

දැන් පෙනෙන්නට තිබෙන්නේ ජනතා අරගල මර්දනය සඳහා පැරණි පාලකයන් අනුගමනය කළ ක්‍රියාමාර්ගම නව ආණ්ඩුවද අනුගමනය කරන බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...