Breaking News

දොළහකට දඩුවම් – දැන් ජූරිය අපියි

දොළහක් නාට්‍යයේදී අවුරුදු දාසයක තරුණයෙකු සිය පියාට පිහියෙන් ඇණ මරා දැමුවේය යන චෝදනාවට ලක් වෙනවා. පැමිණිල්ලේ සියලු සාක්ෂි පෙළ ගැසී ඇත්තේ තරුණයා වැරදිකරු වන කරන දිශාවටය. ජූරියේ දොළොස් දෙනාටත් තිබෙන්නේ ඔහු වැරදිකරු කර ඉක්මනින් ගෙදරයාමටය’

එක් ජූරි සභිකයෙක් රාත්‍රි අටට පැවැත්වෙන බේස් බෝල් තරඟයකට ටිකට් මිලට ගෙන තිබුන නිසා තරුණයා වැරදිකරු බවට තීරණය ඉක්මනින් දීලා තරඟය බලන්න යන්න මහත් තදියමක ඉන්නවා.

එහෙත් එක් ජූරි සාමාජිකයෙකුට ඒ තරුණයා වරදකරුද යන්න පිළිබඳ සාධාරණ සැකයක් තිබුණු නිසා නිසා පළමු ඡන්ද විමසීමේදී වැරදිකරුද නිවැරිදිකරුද යන්නට ඡන්ද ලැබෙන්නේ එකොළහට එකක් වශයෙනි.

නමුත් අර ජූරි සභිකයාට චූදිත තරුණයා වැරදිකරුද යන්න පිළිබඳ සාධාරණ සැකයක් තියෙනවා. ඔහු සිද්ධිය ගැන කතා කරන්න පටන් ගන්නවා. ඒ කතාව ඇතුලේ ඒ සිද්ධිය ක් සංයුක්තව සංවාදයට ගන්නවා. ඒක ඇතුලේ උසාවියේදී ගොඩනගපු කවර හෝ සිද්ධිමය කරුණක් තියෙනවා නම් ඒක සත්‍යය ලෙස ඒ ආකාරයෙන්ම බාර නොගෙන එය යළි පරීක්ෂා කිරීමක අවශ්‍ය බවට ජූරියේ එකොළොස් දෙනාගේම මනස පොළඹවා ගැනීමට අර ජූරි සභිකයා සමත් වෙනවා.
ඒ සංවාදය අවිචාරත්වය වෙනුවට සත්‍යය සොයාගන්නා පාර බවට පත්වෙනවා. එය නීතිය වෙනුවට යුක්තිය සොයා ගන්නා පාර බවට පත්වෙනවා.

අවසානයේදී අර තරුණයා නිදොස් කොට නිදහස් වෙනවා.
දැන් දොළහකට දඬුවම් ලැබිලා. දැන් ජූරිය අපි බවට පත්වෙලා. සංවාදය ඇරඹිලා. ඉතින් අදහස් වෙනස් කරවමු. මේක හරවමු.

නීතිඥ නුවන් බෝපගේ

leave a reply