උන්ඩියල් හා හවාලා ක්‍රමවේදවලට තහනමක්

ආනයන සදහා සිදුකරන ගෙවීම් බැංකු පද්ධතිය හරහා පමණක් සිදු කිරීම සදහා ආනයන අපනයන පනත යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

“බැංකු ක්‍රමයට පිටතින් උන්ඩියල් සහ හවාලා යන ක්‍රමවේද ඔස්සේ විදේශ විනිමය හුවමාරු වෙනවා. අපි ඒ ගැන යම් තීරණ ගත යුතුයි.”

“මීට පස්සේ රට ඇතුළට එන සියලුම ආනයන වලට සහතිකයක් දෙන්න ඔ්නේ ඒ සදහා මුදල් ගෙවීම බැංකු ක්‍රමය තුළින්ම පමණයි කරන්න පුළුවන් වෙන්නේ කියන ක්‍රමවේදය තමයි දැන් සකස් කරන්න යන්නේ.”

“එතකොට බැංකු ක්‍රමයට පිටතින් මුදල් ගෙවලා ආනයනය කළොත් ඒක අපේ රේගුවෙන් ක්ලියර් කරලා ගන්න බැහැ. ඒ ක්‍රමවේදයෙන් ආනයනය කරන්න ලැබෙන්නේ නැහැ”

“සියලුම ආනයනය වලට මින් ඉදිරියට මුදල් ගෙවීම මේ චක්‍රලේඛය නිකුත් කළාට පස්සේ සිදුකරන්න වෙන්නේ බැංකු ක්‍රමය තුළින්ම පමණයි. ඒක තමයි මේ චක්‍රලේඛයේ අරමුණ.”

මාධ්‍ය අමතමින් ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේ බැංකු ක්‍රමවේදයට පිටතින් ගොස් භාණ්ඩ ආනයනය සඳහා ඉහත ක්‍රමවේද හරහා විදෙස් විනිමය ගෙවීමත් සිදුකෙරෙන බව හඳුනාගෙන ඇති බවය.

එය පාලනය කිරීම සඳහා හැකි ඉක්මනින් චක්‍රලේඛයක් නිකුත් කරන බව මහ බැංකු අධිපතිවරයා පැවසීය.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...