මව්බිම හැර යන හැම මිනිසකුටම රට හැර යන්නේ ඇයි කියා ඇසුවොත් කියන්නට උත්තරයක් තිබේ. බහුතරයකගේ උත්තරය වනුයේ මුදල් හම්බ කිරීමට රැකියාවක් සොයා ආවා යන්නයි. මේ රට හැර යන අය අතර ඊට වෙනස් හේතුන් මත රට හැර යන පිරිස්ද සිටිති. එසේ විදෙස්ගත වූ අය අතරින් දේශපාලන හේතූන් මත ජීවිතය බේරාගැනීමට විදෙස්ගත වෙන අය එක්තරා යුගයක සුලබ වී තිබුණි.
තිස් වසරක යුද්ධය දෙමළ ජනතාවට රට හැර යන්නට බල කර තිබුණි. ඒ අතර විවිධ හේතූන් මත විවේචනයට ලක්වෙච්ච පැවැති දේශපාලනයට හිසරදයක් වූ මාධ්‍යවේදීන් ඇතුළු සමාජ ක්‍රියාධරයන්ට ද වාමාංශික දේශපාලන මත නියෝජනය කළ පුද්ගලයන්ටද රට හැර යාමට බල කර තිබුණි.
එසේ දේශපාලන හේතූන් මත විදෙස්ගත වන බොහොමයක් පදිංචි වන රටේම නිෂ්ක්‍රීය වුනු අතර අතලොස්සක් වූ පිරිසක් තවමන් තමන්ට රටින් පිටුවහල් වෙන්නට බලපෑ වෘතීය අතනොහැර දිගින් දිගටම අලුත් ලෝකයක් වෙනුවෙන් එහිම වැඩ කරති. ඒ අතර කවියන් මාධ්‍යවේදීන් පරිවර්තකයෝ ලේඛකයෝ විචාරකයෝ අපට හමු වී තිබේ.
සරත් මද්දුමාගේ යනු එසේ තවමත් ලෝකය වෙනස් කිරීමට ජාත්‍යන්තරව මැදිහත්වීමේ අවශ්‍යතාවය මත ස්විස්ටර්ලන්තයේ ජීවත්වෙන ප්‍රගතිශීලි වාමාංශික අදහස් දරන ශ්‍රී ලාංකිකයෙකි.ඔහු තමන්ගේ දේශපාලන අදහස් ප්‍රකාශ කිරීම සඳහා තෝරා ගන්නේ දිය සායම් චිත්‍ර කලාවයි. එය ඔහුට අහම්බයෙන් හමුවූ අවස්ථාවකි. ,කුඩා කලම දෙමව්පියන් අහිමි වීම ඒ හරහා ජීවිතය පුරාවට ලද කටුක අත්දැකීම් හේතුවෙන් මෙන්ම දේශපාලන සිරකරුවෙකු ලෙස වසර දෙකක් ලද මර්දනයේ පීඩනය, සරණාගතයකු වීමෙන් ලද පීඩාවද ඔහුව ක්‍රමානුකූලව රෝගියෙක් බවට පරිවර්තනය කිරීමට ඉවහල්වෙනවා . එහි ප්‍රතිඵලයක් ලෙස Post-traumatic රෝගයට ගොදුරු වෙන ඔහුව වෛද්‍යවරුන් යොමු කරන්නේ චිත්‍ර ඇඳීම හරහා මොළය නිදහස් කර ගැනීමේ ව්‍යායාමය සඳහායි .එමගින් සරත් මධුමගේ චිත්‍ර ඇඳීමට පිවිසුම් දොරටුව විවර කර ගන්නවා . දැන් ඔහුගේ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශන තුනක් ස්විස්ටර්ලන්තයේ පවත්වා තිබේ. අවසාන ප්‍රදර්ශනය ඔහු පවත්වන්නේ 2020 නොවැම්බර් මාසයේදී.
ඒ ගැන අදහස් දක්වන ඔහු මෙසේ පවසයි
මෙම චිත්‍ර ප්‍රදර්ශනය මා පැවැත්වූයේ පසුගිය නොවැම්බරයේ ස්වීට්සර්ලන්තයේ පැවැති ” ස්වීට්සර්ලන්තය මූලස්ථානය කරගත් බහුජාතික සමාගම් විදේශයන්හී සිදුකරන මානව හිමිකම් උල්ලංගනයන්ට සහ පරිසර විනාශයන්ට වගවීමට බැදීමේ නීති ගෙන ඒම සදහා පැවැත්වූ ජනමත විචාරණයට සහය පළ කිරීම ද මුල්කරගෙනයි.එය මහජනයා විසින් ඉල්ලාසිටි ජනමත විමසුමක් .වාමාංශීකයින් , ප්‍රගතිශීලී සමාජ ක්‍රියා කාරීන් මෙම ජන මත විමසුම ජය ගැනීමට කැප වුණා. බහුජාතික සමාගම්ද ජන මනස වෙනස් කිරීමට විශාල මෙහෙයුමක් දියත්කලා තිබුණා ඒ දවස්වල. බහුජාතික සමාගම්වල උවමනාව පරාජයට පත් කරන්න මං මගේ සහාය මේ ආකාරයෙන් පල කළා.
නම්බර් මාස 29 වෙනිදා තමයි ජනමත විමසුම පැවැත් වුණේ. කෙසේ වෙතත් පැවති ජන මත විමසුමේදී 50.7 ජනතා කැමැත්තක් ඊට පක්ෂව ලැබුනා.. එහෙත් ස්වීට්සර්ලන්තයේ ප්‍රාන්ත වශයෙන් බහුතරය ලැබුනේ නෑ ඒ හේතුවෙන් නීති පැනවීමේ බාදාවක් පවතිනවා. නමුත් ස්වීට්සර්ලන්තය වැනි රටක බහුතර ජන හඩක් අයුක්තියට එරෙහි වීමත් ජයග්‍රාහනයක්. දැන් පෙඩරල් පාර්ලිමේන්තුවට වගකීමක් පැවරෙනවා පෙරට වඩා.සරත් මද්දුමගේ එසේ සිතනවා.
ලෝකයේ මිලියන 65කට අධික ජනතාවක් සරණාගතයින් වෙලා. මම මගේ චිත්‍ර ප්‍රදර්ශනය මගින් මිනිසුන් සරණාගතයින් වීමට හේතුවන බහුජාතික සමාගම්හී ක්‍රියාකාරීත්වය හා පවතින සම්බන්දතාවය පෙන්වා දෙමින්. ජන මත විමසුම ජයගැනීමට දායක උනා සුරාකෑම, පරිසර විනාශයන් ,මානව හිමිකම් උල්ලංගනයන්, වර්ගවාදයට එරෙහීවීම මං මගේ චිත්‍රය යොදා ගත්තා කියලා මං විශ්වාස කරනවා . සරත් මද්දුම ගේ තමන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව එසේ පවසා සිටියා.
ස්විස්ටර්ලන්තයේ ප්‍රාන්ත පුවත්පතක් වන Thurgau Zeitung ( තුර්ගාවෝ පුවත්පත)සරත් මද්දුමාගේගේ චිත්‍ර පිළිබඳව මෙසේ සඳහන් කර තිබුණි.
ඔහු තම චිත්තවේගීය ලෝකය ප්‍රකාශ කිරීමට තීන්ත ආලේප කරයි.
නොවැම්බර් 07 සහ 22 සති අන්තය දක්වා ෆ්රවුන්ෆෙල්ඩ් හි මෙතෝදිස්ත පල්ලියේ පහළම මාලය තුළ සරත් මඩුමාගේ ප්‍රකාශන සිතුවම දැකිය හැකිවිය . “සරණාගතයෙකුගේ පින්තූර – පැවැත්ම වෙනුවට ජීවිතය” යනු ප්‍රදර්ශනයට තබා තිබුණු නම වූ අතර ප්‍රදර්ශනය සඳහා දිය සායම් චිත්‍ර 26 ක් තබා තිබුණි. කුඩා රූප පමණක් නොව මහා පරිමාණයේ පින්තූර ද දියසායම් වලින් වන අතර ඒවායින් බොහොමයක් පසුගිය වසර දෙක තුළ නිර්මාණය කළ ඒවාය . 2018 ගිම්හානයේදී ඔහු ප්‍රථම වරට මහජනතාව අතරට පැමිණ තම චිත්‍ර ප්‍රදර්ශනය කරන ලදී.
සරත් මද්දුමගේ ස්වීස් පෙඩරල් දුම්රිය සේවයේ කාර්මික ශිල්පියෙකු ලෙස සේවය කරන ඔහු , ලංකාවේ වෘත්තීය සමිති ක්‍රියා කාරීයෙකු වූ අතර දේශපාලන රැදවියකු ලෙස වසර දෙකක් සිරගතව සිටියේය. ඉන්පසු 2009 දී නේපාලය හරහා ස්විට්සර්ලන්තයට පලා යාමට ඔහුට හැකි විය. පින්තාරු චිකිත්සාව මගින් ඔහු පැන යාමේ කම්පනය පාලනය කරගති .
“අද මට චිත්‍ර ඇදිය හැකිය.” ඒ
ඔහුට තවදුරටත් පලායෑමට ඇවැසි නැත , පැවැත්මේ දුෂ්කරතා අවසන් වී තිබේ . මද්දුමාගේගේ චිත්‍ර කලාව තවදුරටත් හුදු බොලද. සුන්දරත්වය හුවා දක්වන්නක් නොවේ. ඔහු දේශපාලනිකයි. එහෙයින් මොරියාගේ ගින්න සහ ප්‍රජාතන්ත්‍රවාදය නමින් (ගිම්හානයේ ගිනිබත්වූ ග්‍රීසියේ මොරියා සරණාගත කදවුර)වන් චිත්‍රයක් ද ඔහු අතින් නිමවිය .