Breaking News

කොවිඩ් 19 මර්ධනයේදී කොලඹ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා කනිෂ්ඨ නිලධාරීන්ට සහාය දීම පැහැර හරියි

නෙත්මි පෙරේරා

කොළඹ බන්ඩාරනායකපුර කාන්තාවකට කොවිඩ් 19 ආසාදනය වූ බව 15.04.2020 දින දැනගත් විට එම වත්තට මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා හා මහජන සෞඛ්‍ය නිලධාරීහු ගියේ නිරෝධායනය කටයුතු සඳහාය. එම වත්තේ හා අවට වතුවල ගෙවල් සිය ගණනක මෙම රෝගියා ආශ්‍රය කල අයද, ඒ අය ආශ්‍රය කල තවත් අයද එකතුව 1300 ක පමණ පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යැවීමේ කටුයුතු ඉදිරි දින දහයක් පමණ කාලයක් තුල දින පතා මධ්‍යම රාත්‍රි වන තුරු සිදු කිරීමට මොවුනට සිදුවිය. එහෙත් පුද්ගලික ආරක්‍ෂිත උපකරණ වන මුඛවැසුම්, උඩු කබායන් හා අත් වැසුම් ඔවුනට නොතිබිණ.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මුඛ වැසුම් 3500 ක්ද කබායන් 200 කට අධික ප්‍රමාණයක්ද ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාහට ද, මෙම දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අධ්‍යාපන අංශයට තවත් එවාද ලැබී තිබුණු නමුත් ඒවා කිසිම දෙයක් කොළඹ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්ත මෙන්තුවේ ප්‍රධානින් විසින් මෙම ස්ථානයට නොඑවූ බැවින් ඒවා තමන්ටම සමහර විට සොයා ගැනීමට සිදුවිය. මේ කටයුතු වලට සහභාගී වූ හෙදි නිලධාරින්හටද අවසානයේ මෙම උපකරණ සැපයීමට සිදු වුයේ පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ටය.

මේ නිසා මෙම නිලධාරීන් අතර කලකිරීමක් ඇති වී තිබිණ. ඔවුන්ගේ වැඩකටයුතු බැලීමට ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා පැමිණියේ දෙවතාවක් පමණක් බවත් එත් ඉතාමත් සුළු වෙලාවකට බවත් ප්‍රධාන වශයෙන් ඔහු මාධ්‍ය ප්‍රකාශයන් සිදු කරන්නේ තමන්ගේ පුරහලේ ඇති කාර්යාලයේදී බවත් ඔව්හු කියති. ඒ අතර ඔවුනට මෙම රෝගය වැළදීමට තිබුන ඉඩ කඩ වැඩි හෙයින් ඔවුන් විසින් PCR පරීක්ෂණ අප්‍රේල් 19, 20 දිනයන්හි සිදුකර ගන්නා ලදී. මෙම වැඩ කටයුතු අවසන් වුයේ තවත් සතියකින් පමණ වීම නිසා ඔවුන්ට ආරක්ෂිත උපකරණ නොමැතිව මෙම කටයුතු කරන ලද නිසා තමන්ගේ කැපවීම අගයා නැවත වරක් PCR පරීක්ෂණ සිදුකර ගැනීමට ඉල්ලීමක් ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා හට කලත් ඔහු එය ප්‍රතික්ෂේප කරන ලදී. මෙයින් බලවත් ලෙස අසාධාරණයට ලක්වූ නිලධාරී පිරිස තමන් ස්වයං නිරෝධානයට ලක්වන බව පවසා ලිපියක් දී සේවයට නොපැමිණියහ. පසුව මේ පිළිබඳව මාධ්‍ය මගින් ප්‍රචාරය වූ පසුව මොවුනට සේවයට පැමිණීමට පවසා PCR පරීක්ෂණ පවත්වන ලදි.

 

leave a reply