හිස ඔසවමින් එන රජ්‍ය මර්ධනයට එරෙහි වෙමු, පෙරටුගාමීන් ඉතාලියේදී කියයි.

මහර බන්ධනාගාර රැඳවියන් ඝාතනය කිරීමට එරෙහිව 2020 දෙසැම්බර් 19දා  මිලානෝ සහ නාපෝලි නගර ජනතාව දැනුවත් කිරීමේ සහ ශ්‍රී ලංකා  රජයේ අත්තනෝමතික ක්‍රියාවලියට එරෙහිව  විරෝධතාවක් සංවිධානය කර තිබුණා.නොවැම්බර් විසි නම වෙනිදා සිදුවූ එම අමානුෂික ප්‍රහාරය අනාගත රාජ්‍ය මර්දනයේ ස්වරූපය පෙන්නුම් කිරීමක් බව ජනතාවට මතක් කර දීම සඳහා මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණු අතර අමානුෂීය පහරදීම,මරාදැමීම් සහ මර්ධනකාරී ඉතිහාසයේ රාජපක්ෂවරුන්ගේ මැදිහත්වීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පත්‍රිකාවක් ද මෙහිදී බෙදා හරිනු ලැබුවා.එම පත්‍රිකාව ඉතාලි සිංහල භාෂා ද්විත්වයෙන්  මුද්‍රණය කර තිබුණි .

නාපෝලි විරෝධතාවයට පොතෙරේ අල් පොපොලෝ ,කොබාස් , සංක්‍රමණික හා දේශපාලන රැදවියන්ගෙ ව්‍යාපාරය, එක්ස් ඕපීජී සංවිධානය සහාය දැක්වීමට සහභාගී වී සිටි අතර මිලානෝ පොන්තේ පොපොලාරේ පක්ෂ නියෝජිතයින් සම්බන්ධවීම විශේෂතත්වයකි .

මෙම විරෝධතාවය සංවිධානය කරනු ලැබුවේය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉතාලි මෙහෙයුම් කමිටුවේ මූලිකත්වයෙනි.

නාපෝලි

මිලානෝ

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...