හිස ඔසවමින් එන රජ්‍ය මර්ධනයට එරෙහි වෙමු, පෙරටුගාමීන් ඉතාලියේදී කියයි.

මහර බන්ධනාගාර රැඳවියන් ඝාතනය කිරීමට එරෙහිව 2020 දෙසැම්බර් 19දා  මිලානෝ සහ නාපෝලි නගර ජනතාව දැනුවත් කිරීමේ සහ ශ්‍රී ලංකා  රජයේ අත්තනෝමතික ක්‍රියාවලියට එරෙහිව  විරෝධතාවක් සංවිධානය කර තිබුණා.නොවැම්බර් විසි නම වෙනිදා සිදුවූ එම අමානුෂික ප්‍රහාරය අනාගත රාජ්‍ය මර්දනයේ ස්වරූපය පෙන්නුම් කිරීමක් බව ජනතාවට මතක් කර දීම සඳහා මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණු අතර අමානුෂීය පහරදීම,මරාදැමීම් සහ මර්ධනකාරී ඉතිහාසයේ රාජපක්ෂවරුන්ගේ මැදිහත්වීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පත්‍රිකාවක් ද මෙහිදී බෙදා හරිනු ලැබුවා.එම පත්‍රිකාව ඉතාලි සිංහල භාෂා ද්විත්වයෙන්  මුද්‍රණය කර තිබුණි .

නාපෝලි විරෝධතාවයට පොතෙරේ අල් පොපොලෝ ,කොබාස් , සංක්‍රමණික හා දේශපාලන රැදවියන්ගෙ ව්‍යාපාරය, එක්ස් ඕපීජී සංවිධානය සහාය දැක්වීමට සහභාගී වී සිටි අතර මිලානෝ පොන්තේ පොපොලාරේ පක්ෂ නියෝජිතයින් සම්බන්ධවීම විශේෂතත්වයකි .

මෙම විරෝධතාවය සංවිධානය කරනු ලැබුවේය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉතාලි මෙහෙයුම් කමිටුවේ මූලිකත්වයෙනි.

නාපෝලි

මිලානෝ

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...