දින ගණනාවක් ළිඳකට වැටී සිටි ඇෆ්ගනිස්ථාන් දරුවා මරුට

අඩි 80ක් ගැඹුරු කුහරයක සිරවූ ඇෆ්ගනිස්තානයේ වයස අවුරුදු 5ක දරුවා මියගොස් තිබෙනවා.

හයිඩර් නමැති පිරිමි ළමයා බේරා ගැනීමට පැය විසිහතර පුරාම මෙහෙයුම් කණ්ඩායම් ක්‍රියාත්මක වුණා.

අනතුරුව අද පස්වරුවේ ඔහු පිටතට ගැනීමට සමත් වුවත් පසුව ඔහු මියගොස් තිබෙනවා.

එහෙත් ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ මෙහෙයුම් වල අවසන් මොහොත වන විට ළිඳ තුලින් ළමයා ප්‍රතිචාර නොදැක්වූ බවයි.

බ්‍රහස්පතින්දා සිට ළිඳෙන් කිසිදු ශබ්දයක් පිට නොවූ බව ද සහනකණ්ඩායම් පවසා තිබුණා.

බේරා ගැනීමේ කණ්ඩායම පිරිමි ළමයා වෙත ළඟා වීමට පොළව තුළට අගලක් කැණීම් සිදු කල අතර බේරා ගැනීමෙන් පසු ඔහුව හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටරයකින් කාබුල්හි රෝහලකට රැගෙන යාමට ද සැලසුම් කර තිබුණා.

“ගලවා ගැනීමේ මෙහෙයුම අවසන් වූ පසු පළමු මිනිත්තු කිහිපය තුළ ඔහු හුස්ම ගනිමින් සිටි අතර වෛද්‍ය කණ්ඩායම ඔහුට ඔක්සිජන් ලබා දී තිබෙනවා.

කෙසේවෙතත් වෛද්‍ය කණ්ඩායම ඔහු හෙලිකොප්ටරයට ගෙන යාමට උත්සාහ කළ විට ඔහුගේ ජීවිතය අහිමි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම සිදුවීම වර්තාවුයේ මොරොක්කෝවේ රයන් නම් දරුවා නළ ළිං කුහරයකට වැටී අවාසනාවන්ත ලෙස මියගොස් සති 2 කට පසුවයි.

ඇෆ්ගනිස්තානයේ දකුණුදිග සාබුල් ප්‍රාන්තයේ ශොකාක් නම් ගම්බද ප්‍රදේශයේ ළිඳක් කැණීම සඳහා හාරා තිබූ පොලෝ කුහරයකට 5 හැවිරිදි හෙයිඩර් නම් මෙම දරුවා ඇද වැටී තිබෙනවා. ඒ, මීට දින 2 කට පමන පෙරයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...