Breaking News

සායනික පුහුණුවීම්වල නිරත සිසුන්ට සෞඛ්‍යාරක්ෂිත උපකරණ ලබාදෙන ලෙස ඉල්ලා අන්තරෙන් ලිපියක් බාර දෙයි

සායනික පුහුණුවල නිරත වෛද්‍ය – සමසෞඛය පීඨ සිසුන්ට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපකරණ වහා ලබාදෙන ලෙස සහ එම සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ලිපියක් බාර දී තිබේ.

මෙහිදී අදහස් දැක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි පැවසුවේ වෛද්‍ය පීඨ, සම සෞඛ්‍ය පීඨවල අවසන් වසරේ අධ්‍යාපනය ලබන සිසුන්ගේ විභාග අවසන් කිරීම සඳහා සායනික කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

එම සායනික කටයුතු සඳහා සම්බන්ධ වී සිටින සිසුන් කොරෝනා වසංගතයට නිරාවරණය වෙමින් ඇති බවත් පිරිසකට කොවිඩ් ආසාදනය වී ඇති බවද ජිනරතන හිමි පවසා තිබේ. එම හිමියන් පවසන්නේ කරාපිටිය වෛද්‍ය පිඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 7 දෙනෙකුත් කොළඹ වෛද්‍ය පීඨයේ සිසුන් දෙදෙනෙකුටත් කොවිඩ් ආසාදිත වී ඇති බවයි.

එහිදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ලිපිය බාරදීමෙන් අනතුරුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති අතර ගැටලු ඉදිරිපත් කළ පසු ඒ සඳහා උපකුලපතිවරුන් සහ පීඨාධිපතිවරුන් සමඟ ඉක්මන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සභාපතිවරයා පොරොන්දු වී තිබේ.

භාරදුන් ලිපිය පහත දැක්වේ.
මහාචාර්ය සම්පත් අමරතුංග,
සභාපති,
විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව,
වෝර්ඞ් පෙදෙස,
කොළඹ 07.
2020.12.11
සභාපතිතුමනි,
සායනික පුහුණුවල නිරත වෛද්ය – සමසෞඛ්ය ඇතුළු සිසුන්ට අවශ්ය සෞඛ්යාරක්ෂිත උපකරණ ප්රමාණවත් පරිදි ලබානොදීම සම්බන්ධවයි.
රුහුණ විශ්වවිද්යාලයට අයත් කරාපිටිය වෛද්ය පීඨයේ සිසුවියන් පස් දෙනෙකුට සහ සිසුන් දෙදෙනෙකුට කෝවිඞ් 19 ආසාදනය වී ඇත. කරන ලද PCR පරීක්ෂණවල ප්රතිඵල අනුව අවසන් වසර සිසුන් දෙදෙනෙකු දෙසැ.03 වන දා ද, තෙවන වසර සිසුන් දෙදෙනෙකු සහ සිසුවියන් දෙදෙනෙකු දෙසැ.06 දිනයේ ද නේවාසිකාගාරවලින් පිට බෝඩිම් නිවෙසක රැඳී සිටින සිසුවියකට දෙසැ. 08 දිනයේද එලෙස වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු විය. සායනික පුහුණුව සඳහා සම්බන්ධ වූ කොළඹ විශ්වවිද්යාලයේ වෛද්ය පීඨයේ සිසුන් දෙදෙනෙකුටද කෝවිඞ් ආසාදනය වී ඇති බව නොවැ.17 සහ 20 දිනවල PCR පරීක්ෂණ අනුව තහවුරු විය. මින් පෙර ද රාගම, කරාපිටිය, කළුබෝවිල රෝහල්වල සායනික පුහුණු සඳහා සහභාගී වුණු වෛද්ය පීඨ සිසුන් කෝවිඞ් රෝගීන්ගේ ආශ්රිතයන් බවට තහවුරු වීම නිසා නිරෝධායනයට ලක් කළ අවස්ථා වාර්තා විය. දැනට ආසාදිතයන් බවට පත්ව සිටින කරාපිටිය වෛද්ය සිසුන් වෛරසයට නිරාවරණය වූ ආකාරය අභිරහසක් වන අතර අවස්ථා තුනකදී ආසාදිත බවට තහවුරු වූ මෙම සිසුන් අතර සමීප සම්බන්ධයක්ද තිබී නැත. පොදුවේ ගත් කල වෛද්ය පීඨ, සමසෞඛ්ය පීඨ සහ පේරාදෙණිය දන්ත වෛද්ය පීඨය යන පීඨවල සිසුන් කෝවිඞ් 19ට නිරාවරණය වීමේ ඍජු අවදානමක් පවතී.
වසංගත අවදානම හේතුවෙන් විශ්වවිද්යාල වසා දැමූ තත්ත්වයක් පැවතියද වෛද්ය පීඨවල සහ සමසෞඛ්ය පීඨවල අවසන් වසර සිසුන් සඳහා සායනික පුහුණු අඛණ්ඩව පැවැත්වේ. එහිදීද කරාපිටිය වෛද්ය පීඨයේ පළමු වසර හැර අනෙක් ශිෂ්ය කණ්ඩායම් පහම පීඨය තුළ රැඳී සිටී. සායනික පුහුණු කටයුතු සහ විභාග කටයුතු අවසන් කිරීමේ අවශ්යතාව පිළිබඳ විවාදයක් නොමැති අතර ගැටලුව පවතින්නේ වසංගත තත්ත්වය තුළ සිසුන්ගේ ජීවිත සම්බන්ධයෙන් හා ඇතිවිය හැකි සමාජ අවදානම සම්බන්ධයෙන් වගකීම් සහගතව බලධාරීන් කටයුතු කරන්නේ ද යන්නයි. විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව ඇතුළු බලධාරීන් මෙහිලා කටයුතු කර තිබෙන්නේ ඉතා වගකීම් විරහිතව වන අතර එහි ප්රතිඵලයක් ලෙස සිසුන් විශාල පිරිසක් අද අවදානමට පාත්ර වී තිබේ.
වසංගත අවදානමක් රට පුරා පැතිර යන මොහොතක සායනික පුහුණුව සඳහා දෛනිකව රෝහල්වලට යන වෛද්ය සිසුන්, දන්ත වෛද්ය සිසුන් සහ සමසෞඛ්ය සිසුන් කෝවිඩ් රෝගීන් හා සම්බන්ධ වීමේ ප්රවනතාව ඉතා ඉහළය. ඔවුන් බොහෝ දෙනා පොදුවේ නේවාසිකාගාර පරිහරණය කරමින් එකට වාසය කරති. විවිධ අවශ්යතා සපුරාගැනීම සඳහා පොදු සමාජය හා ගැටෙති. පුහුණුව ලබන රෝහලේ විවිධ වාට්ටුවලට ගොස් රෝගීන් හා සමීපව ගණුදෙනු කරති. විශේෂයෙන්ම වසංගත තත්ත්වයේ වර්ධනයත් සමඟ දැන් සෞඛ්ය කාර්ය මණ්ඩල පවා වසංගතයට ගොදුරු වෙමින් පවතී. සෞඛ්ය කාර්යමණ්ඩල සාමාජිකයන් ආසාදිතයන් බවට තහවුරු වූ පුවත්, රෝහල්වල වාට්ටු පිටින් නිරෝධායනයට ලක් කළ පුවත් පසුගිය කාලය පුරා මාධ්ය මගින් වාර්තා කරන ලදී. එවන් වටපිටාවක අධ්යයන කටයුතු සඳහා විශ්වවිද්යාලයේ රැඳී සිටින සහ විශේෂයෙන්ම සායනික පුහුණු සඳහා රෝහල් කරා යන ශිෂ්යයන්ගේ ආරක්ෂාව සම්බන්ධව වගකීමක් සහිතව බලධාරීන් කටයුතු කළ යුතුය. වසංගත තත්ත්වයක් පැතිර යද්දී, විශේෂයෙන් වෛද්ය සිසුන්, සම සෞඛ්ය පීඨවල සිසුන් සහ දන්ත වෛද්ය පීඨයේ සිසුන් රෝහල් තුළ කටයුතු කිරීම නිසා සෘජු අවදානමකට මුහුණ දෙන බව බලධාරීන් නොදැනුවත් යැයි කිව නොහැකිය. එහෙයින් ඔවුන්ගේ අධ්යයන කටයුතු අවසන් කිරීමට මෙන්ම එසේ කිරීමට යාමේ දී ඔවුන්ගේ සෞඛ්යාරක්ෂාව සම්බන්ධවද වගකීම් සහගත වන්නට බලධාරීන්ට හැකි විය යුතුය. නමුත් රුහුණ වෛද්ය පීඨය හා කොළඹ වෛද්ය පීඨ්ය ආශ්රිත සිදුවීම්වලින් පෙනී යන්නේ කෙසේ හෝ අධ්යයන කටයුතු අවසන් කොට සිසුන් පිටත් කිරීම කෙරෙහි මිස ඔවුන්ගේ සෞඛ්යාරක්ෂාව සම්බන්ධව අබමල් රොණක තරම් වගකීමක් විශ්වවිද්යාල පරිපාලනයත්, විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාවත් ඇතුළු බලධාරීන් භාරගෙන නොමැති බවයි.
ප්රතිකාර කටයුතුවල නිරත සෞඛ්ය කාර්යමණ්ඩල සඳහා අනිවාර්යයෙන්ම සෞඛ්යාරක්ෂිත ඇඳුම් (PPE) ලබාදිය යුතු අතර රජය විසින් එම වගකීම පැහැර හැර සෞඛ්ය කාර්යමණ්ඩල අවදානමකට ඇද දමා ඇති බව අ.වි.ශි.බ.ම විසින් මින් පෙර ද ජනාධිපතිවරයාගේ පටන් සියලු බලධාරීන් දැනුවත් කර තිබේ. නමුත් ඒ පිළිබඳව කිසිඳු තැකීමකින් තොරව මේ මොහොතේත් කටයුතු සිදු වෙමින් තිබෙන අතර සෞඛ්ය කාර්යමණ්ඩලවලට ප්රතිකාර කටයුතුවලට අමතරව අවශ්ය සෞඛ්යාරක්ෂිත පළඳනා (PPE) සකසා ගැනීමටත් කාලය වැය කිරීමට සිදුව තිබේ. 2021 අයවැය තුළින් ද සෞඛ්ය ප්රතිපාදන රු. බිලියන 20 ක් කප්පාදු කර ඇති අතර වසංගත තත්ත්වය මෙතරම් උග්රව පැතිර යන මොහොතකත් රජය වගකීම් විරහිතව කටයුතු කරන බවට තවත් කරුණු අවශ්ය නැත. වෛද්ය පීඨවල සායනික කටයුතු සඳහා සම්බන්ධ වන සිසුන් අනාරක්ෂිත වන්නට මෙයද ප්රබල හේතුවක් වී තිබේ. කරාපිටිය වෛද්ය පීඨයේ සිසුන්ට ගතවූ මුළු කාලය පුරාවටම අවශ්ය සෞඛ්යාරක්ෂිත ඇඳුම් (PPE) කිසිවක් පරිපාලනය මගින් ලබාදී නැත. ඒවා සිසුන් මැදිහත්ව සකසාගෙන, හෝ මිලදීගෙන තිබේ. කොළඹ වෛද්ය පීඨයේ සිසුන්ට අවශ්ය සෞඛ්යාරක්ෂිත ඇඳුම් විශ්වවිද්යාලයෙන් ලබාදී ඇත්තේ එක්වරක් පමණි. පේරාදෙණිය දන්ත වෛද්ය පීඨයේ සිසුන්ට ද PPE ලබාදී නැත. පේරාදෙණිය පශු වෛද්ය පීඨ සිසුන්ටද ගණුදෙනු කිරීමට සිදුවන්නේ පොදු සමාජයත් සමඟ වන අතර ඔවුන්ටද උපදෙස් දී ඇත්තේ අවශ්ය සෞඛ්යාරක්ෂිත උපකරණ මිලදී ගන්නා ලෙසයි. රජය, විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව, අදාළ විශ්වවිද්යාලවල පරිපාලනය සිසුන්ගේ සෞඛ්යාරක්ෂාව සම්බන්ධව අංශු මාත්රයක තැකීමකින් තොරව කටයුතු කර ඇති බව එමගින්ම පැහැදිලි වේ.
එක්දිනක් පමණක් භාවිතා කළ හැකි ඉටි කොළවලින් සැකසූ සෞඛ්යාරක්ෂිත ඇඳුමක මිල වෙළඳපොලේ රු.750ක් පමණ වන අතර ඒවා දෛනිකව මිලදී ගැනීමට ගියේ නම් සිසුන්ට එක් මාසයකට අවම රු. 22500ක් වත් වැය කිරීමට සිදුවේ. එය කිසිසේත් සිසුන්ට දරාගත හැක්කක් නොවන අතර ඒ හේතුවෙන් වෛද්ය පීඨවල හා සම සෞඛ්ය පීඨවල බොහෝ සිසුන්ට එකම ඇඳුම සෝදා දින ගණනක් පරිහරණය කිරීමට සිදුව තිබේ. මේ සියල්ලේ ප්රතිඵලයක් ලෙස දැන් සිසුන් කෝවිඩ් 19 ට නිරාවරණය වී ඇත.
සෑම වෛද්ය පීඨයකම, සෑම සමසෞඛ්ය පීඨයකම හා අනෙකුත් පීඨවල සායනික කටයුතු සඳහා සම්බන්ධවන සියලු සිසුන්ට කටයුතු කිරීමට සිදුව ඇත්තේ ඉතා අනාරක්ෂිතව වන අතර ඒ පිළිබඳව සම්පූර්ණ වගකීම රජය විසින් භාරගත යුතුය. නමුත් පෙනෙන්නට තිබෙන්නේ රජය වෛද්ය සිසුන්, සම සෞඛ්ය සිසුන් ඇතුළු සෞඛ්ය කාර්යමණ්ඩලවල වගකීම තබා දිනකට රෝගී මරණ කිහිපයක්ම වාර්තාවන තත්ත්වයක් පවතින මොහොතකත් වසංගතය පිළිබඳව කිසිඳු තැකීමක් නොකර අත්තනෝමතිකව කටයුතු කරන බවයි. රජය කරන්නේ වසංගතය පිළිබඳ සත්ය තොරතුරු ජනතාවගෙන් වසන් කොට සඟවා තබා ගැනීමට උත්සාහ කිරීම පමණි. විශ්වවිද්යාල සිසුන් පිළිබඳ වගකීම් පැවරෙන ආයතනය විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව වන අතර අවම වශයෙන් සිසුන්ට අවශ්ය මුව ආවරණවත් ප්රමාණවත් පරිදි ලබාදීමට විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව අසමත්වීම නින්දාසහගතය. එහෙයින් වහාම සියලු වෛද්ය පීඨවල, සියලු සම සෞඛ්ය පීඨවල සිසුන්ගේ සෞඛ්යාරක්ෂාව තහවුරු කළ යුතු බවත්, ඔවුන්ට අවශ්ය සෞඛ්යාරක්ෂිත උපකරණ (PPE) ප්රමාණවත් පරිදි ලබාදිය යුතු බවත්, ඒ සඳහා අවශ්ය ප්රතිපාදන විශ්වවිද්යාල වෙත ලබාදිය යුතු බවත්, සිසුන්ගේ ජීවිත පිලිබඳ වගකීම විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව විසින් භාරගත යුතු බවත්, මෙම ගැටලුව සඳහා වහාම මැදිහත් විය යුතු බවත් අප ඔබට දැඩිව අවධාරණය කර සිටිමු.
මෙයට,
රත්කරව්වේ ජිනරතන හිමි,
කැඳවුම්කරු,
අන්තර් විශ්වවිද්යාලයීය ශිෂ්ය බලමණ්ඩලය.

leave a reply