ශක්තික චෝදනාවලින් නිදොස්කර නිදහස්

අසාධාරණ චෝදනා මත සිරගත කරනු ලැබ පනත යටතේ චෝදනා ලැබූ ශක්ති සත්කුමාර, අද(9) පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරනයේදී නිදොස් කොට නිදහස්කර ඇත.

ජනවාරි 25 වැනිදා නීතිපතිවරයා විසින් අධිකරණය වෙත යොමු කළ වාර්තා අනුව, මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවෙන් නිදොස් කොට නිදහස්කර ඇත.

ෆේස්බුක් හි පළ කළ නිර්මාණයක් සම්බන්ධව, අන්තවාදී කන්ඩායම් විසින් ද්වේශ සහගත ලෙස කරණු ලැබූ පැමිණිල්ලකින් පසුව පොල්ගහවෙල පොලීසිය මගින් 2019 අප්‍රේල් 1 වැනිදා ඔහු අත්අඩංගුවට ගනු ලැබී ය. දණ්ඩ නීති සංග්‍රහයේ 291බී වගන්තිය හා 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති (ICCPR) පනතේ 3 වන වගන්තිය යටතේ වන වැරදිවලට ඔහුට විරුද්ධව චෝදනා කරනු ලැබිණ. මාස 4ක් අයුක්ති සහගත ලෙස සිරගත කරනු ලැබූ ඔහු වෙනුවෙන් මෙරට වාමාංශිකයන්, සමාජ ක්‍රියාකාරින්, ලේඛකයන් හා කලාකරුවන් ගෙනගිය විරෝධතාවකින් පසුව ඇප ලබා දෙනු ලැබුවේ 2019 අගෝස්තු 5 වැනිදාය.

පසුව ඉදිරියට ගිය නඩුවේදී ඔහුට එල්ල කළ චෝදනා මත නඩුව ගෙන යා හැකිදැයි නීතිපති මතය විමසනු ලැබිණි. නීතිපතිවරයාගේ නිර්දේශ සලකා බලමින් අද නඩුව විභාගයට ගත් මහෙස්ත්‍රාත්වරයා විසින් ශක්තික චෝදනාවලින් නිදොස්කර නිදහස් කරන ලදී.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...