ශක්තික චෝදනාවලින් නිදොස්කර නිදහස්

අසාධාරණ චෝදනා මත සිරගත කරනු ලැබ පනත යටතේ චෝදනා ලැබූ ශක්ති සත්කුමාර, අද(9) පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරනයේදී නිදොස් කොට නිදහස්කර ඇත.

ජනවාරි 25 වැනිදා නීතිපතිවරයා විසින් අධිකරණය වෙත යොමු කළ වාර්තා අනුව, මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවෙන් නිදොස් කොට නිදහස්කර ඇත.

ෆේස්බුක් හි පළ කළ නිර්මාණයක් සම්බන්ධව, අන්තවාදී කන්ඩායම් විසින් ද්වේශ සහගත ලෙස කරණු ලැබූ පැමිණිල්ලකින් පසුව පොල්ගහවෙල පොලීසිය මගින් 2019 අප්‍රේල් 1 වැනිදා ඔහු අත්අඩංගුවට ගනු ලැබී ය. දණ්ඩ නීති සංග්‍රහයේ 291බී වගන්තිය හා 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති (ICCPR) පනතේ 3 වන වගන්තිය යටතේ වන වැරදිවලට ඔහුට විරුද්ධව චෝදනා කරනු ලැබිණ. මාස 4ක් අයුක්ති සහගත ලෙස සිරගත කරනු ලැබූ ඔහු වෙනුවෙන් මෙරට වාමාංශිකයන්, සමාජ ක්‍රියාකාරින්, ලේඛකයන් හා කලාකරුවන් ගෙනගිය විරෝධතාවකින් පසුව ඇප ලබා දෙනු ලැබුවේ 2019 අගෝස්තු 5 වැනිදාය.

පසුව ඉදිරියට ගිය නඩුවේදී ඔහුට එල්ල කළ චෝදනා මත නඩුව ගෙන යා හැකිදැයි නීතිපති මතය විමසනු ලැබිණි. නීතිපතිවරයාගේ නිර්දේශ සලකා බලමින් අද නඩුව විභාගයට ගත් මහෙස්ත්‍රාත්වරයා විසින් ශක්තික චෝදනාවලින් නිදොස්කර නිදහස් කරන ලදී.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...