අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ වසංගත සහනාධාරයත්  අතුරුදහන් කරලා 

කොරෝනා  වසංගත තත්ත්වය  හමුවේ රජය විසින් ලබාදෙනු  ලබන රුපියල් 5000 දීමනාව, අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් කරන ලද ඉල්ලීමට මාසයකට වැඩි කලක් ගතවීත් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයි අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (OMP) සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් JDS වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

අගමැති මහින්ද රාජපක්ෂ වෙත පසුගිය අප්‍රේල් 7 වන දින ලිපියක් යොමු කරන OMP කාර්යාලයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්  ඉල්ලා සිටියේ  රජය විසින් අඩු ආදායම් ලාභීන් වෙත ලබා දීමට සැලැසුම් කොට ඇතැයි ප්‍රකාශයට පත් කොට තිබෙන සහනාධාර අතුරුදහන් වූවන්ගේ පවුල්වල සමාජිකයන් වෙත ද ලබා දීමට කටයුතු කරන ලෙස ය. නමුත් රජය, අතුරුදහන් වුවන්ගේ පවුල් වෙත ආර්ථික හෝ වෙන යම් හෝ සහනාධාරයක් ලබා දෙන බවට කිසිදු තොරතුරක් වාර්තා වී නැතැයි පවසන සභාපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ  සිය කාර්යාලය විසින් රජයේ බලධාරින් වෙත යවන ලද ලිපිය ලැබුණු බවක් හෝ සඳහන් කොට මේ දක්වා පිළිතුරු ලිපියක් හෝ නොඑවීම කණගාටුවට කරුණක් බව ය.

පවතින වසංගත තත්ත්වය හමුවේ අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් දැඩි ආර්ථික දුෂ්කරතාවයන්ට ගොදුරුව ඇති බවට විශ්වාසය පලකරන සභාපතිවරයා, ඔහුගේ ලිපිය මගින් අවධාරණය කර තිබුනේ  එම පවුල්වල සාමාජිකයන් සීමිත යැපුම් මාර්ගයන් ද අහිමිව දිවිගෙවන බව ය. කෙටි කාලීන විසඳුම් ලෙස අතුරුදහන් වූවන්ගේ පවුල් වෙත වියලි ආහාර ලබා දීමට කටයුතු කිරීම සුදුසු බවට තමන් විසින් නිර්දේශ කරන්නේ යැයි අදාළ ලිපියෙහි දක්වා තිබුණි. ඔහු ඒ සමගම පෙන්වා දී තිබුනේ අතුරුදහන්වූවන්ගේ පවුල්වල තොරුතුරු ග්‍රාම නිලධාරීන් සතුවන බැවින් ඔවුන් මගින් පහසුවෙන් එම කාර්යය සිදුකළ හැකි බව ය.

විශේෂිත ආර්ථික අපහසුතා ඇති පාර්ශවයක් ලෙස සලකා ඔවුන් වෙත ආර්ථික හෝ වෙනයම් සහනාධාරයක් ලබා දී තිබේ දැයි JDS වෙබ් අඩවිය විසින් අතුරුදහන් වුවන්ගේ  පවුල් වෙතින් කරන ලද විමසීමකදි උතුරු නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ උද්ඝෝෂණ ව්‍යාපාරයේ ඉදිරිපෙළ ක්‍රියාකාරි සාමාජිකාවක් පවසා ඇත්තේ  රජය විසින් මේ තාක් කිසිදු ආධාරයක් ලබා දී නොමැති බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

පොඩි පොඩි දේවල් ටිකක් කරල යන්න ලංකාවට ආපු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා 

දසක තුනකට පමණ පසු ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයෙක් තෙදින නිල...

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට්...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...

ගෙවුණු මාස කීපය තුළ අලි මරණ සංඛ්‍යාව 200කට ආසන්නයි 

2026 වසර ආරම්භයේ ළමු දින 50 තුළ වන අලි...