මෛත්‍රී, පාස්කු වන්දි ගෙවන්න වසර 06ක් ඉල්ලලා

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන්දි ගෙවීමට නියම වී සිටින පිරිසට ගෙවීමට නියමිත වන්දි මුදල් අගෝස්තු මස 30 වනදාට පෙර ගෙවා අවසන් කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය ජුලි 15 වැනිදා නියෝග කර තිබේ.

මේ වන විට රුපියල් මිලියන 100ක වන්දියක් නියම වූ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා එම මුදලින් මිලියන 58ක් ගෙවා අවසන් බව පැවසේ. ඔහු ඉතිරි මුදල ගෙවීම සඳහා වසර 06ක කාලයක් ඉල්ලා ඇත. ඔහුගේ තර්කය වී තිබුණේ තමන්ට ගෙවීමට මුදල් නැති බවයි.

පාස්කු ඉරිදා එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිදුකළ මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 100ක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2023 වසරේ ජනවාරි 12 වනදා නියෝග කරනු ලැබිණි.

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...