කප්පාදු කළ දීමනා වහාම ලබා දෙන්න – හෙදහෙදියෝ විරෝධතාවයේ

කප්පාදුවකට ලක් කොට ඇති හෙද කාර්ය මණ්ඩල දීමනා වහා ලබාදෙන ලෙස ඉල්ලා මහනුවර ජාතික රෝහලේ හෙද කාර්යමණ්ඩලය ඊයේ(13) දින පෙරවරුවේ සංකේතාත්මක විරෝධතා ව්‍යාපාරයක නියැලුණහ.

මෙහිදී අදහස් පළ කළ සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති ප්‍රභාත් පලිපාන කියා සිටියේ ඉකුත් කොවිඩ් 19 වසංගත සමයේ හෙද කාර්ය මණ්ඩලය සඳහා ගෙවිය යුතු නිවාඩු දීමනා හා අමතර දීමනා කප්පාදු ට එරෙහිව මෙන්ම හෙද කාර්ය මණ්ඩල ප්‍රවාහන පහසුකම් විධිමත්ව ලබානොදීමට එරෙහිව මෙම විරෝධතා ව්‍යාපාර සංවිධානය කළ බවය.

ඔහු පවසා ඇත්තේ මෙම අවස්ථාවේ හෙද කාර්ය මණ්ඩල සහයෝගය රජයට අත්‍යවශ්‍යම වුවත් පසුගිය සමයේ මෙන් හෙද කාර්ය මණ්ඩලයේ කිසිවෙකුත් ස්වෙච්ඡාවෙන් සේවයට එක් නොවීමට තීරණය කොට ඇති බවයි.

එම තීරණයට එළඹ ඇත්තේ සෞඛ්‍යය සේවා බලධාරීන් විසින් හෙද කාර්ය මණ්ඩලය රැවටීම නිසා බවද ප්‍රභාත් පලිපාන පවසා ඇත. මෙම විරෝධය පිළිබඳව නිසි අවධානය යොමු කොට අවශ්‍ය පියවර නොගන්නේනම් ඉදිරි වෘත්තීය පියවරකට යාමට සිදුවෙන බවද ඔහු පවසා ඇත.

මහනුවර ජාතික රෝහලේ සියලු හෙද සංගම් එකාබද්ධව මෙම විරෝධතාවය පවත්වා තිබේ.

මේ අතර බස්නාහිර පළාතේ වෛද්‍යවරුන් 3000කට පසුගිය පෙබරවාරි මාසයේ සිට මේ දක්වා අතිකාල දීමනා ලබාදී නැති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට පසුගිය මාස 4 පුරාම සිහිකැඳවීම් ගණනාවක්ම කර තිබෙන නමුත්, මෙතෙක් සතුටුදායක ප්‍රතිචාරයක් ලබාදී නැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් නවීන්ද සොයිසා ප්‍රකාශ කළේය.

ඊට අමතරව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද පසුගිය කාලයේ තම සේවය ඉටු කිරීමට අවශ්‍ය දීමනා සහ පහසුකම් ලබාදෙන ඉල්ලමින් විරෝධතාවයක නිරත විය. එම ඉල්ලීම් මෙතක් ලබාදී නැත.

Share post:

Popular

වෙනත් පුවත්

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...