Breaking News

කලු ජාතිකයන් කෙරෙහි වූ ඉන්දීය ජාතිවාදය සුදු ජාතික ජාතිවාදයට වඩා නරකයි – අරුන්දතී රෝයි

“කළු ජාතිකයන් කෙරෙහි ඉන්දියානු ජාතිවාදය, සුදු ජාතික ජනයාගේ ජාතිවාදයට වඩා නරක තරම් ය.” අරුන්දතී රෝයි සමඟ ‘දලිත් කැමරා’ සඟරාව කළ සාකච්ඡාව. – පළමු කොටස

ලිත් කැමරා – ඇමෙරිකාවේ ව්‍යාපාරයට සහය දෙන්නෙ කොහොමද සහ කෙනෙක් කොහොමද ඉන්දියාවේ විරෝධතා කරන ජනතාව සමඟ සහයෝගය දක්වන්නේ?

අරුන්දතී – මම උපකල්පනය කරනවා ඔබ අදහස් කරන්නේ සුදු ඇමෙරිකානු පොලීසිය විසින් කළ අප්‍රිකානු ඇමෙරිකානු ඝාතන මාලාවේ නව සිදුවීම වන ජෝජ් ෆ්ලොයිඩ් ව දරුණු ලෙස ඝාතන කිරීමෙන් පුපුරා ආ විශාල විරෝධතා කියා. මම කියන්නෙ එම ව්‍යාපාරයට සහය දැක්වීමේ හොඳම ආකාරය තමයි සියල්ලට පෙර එය ආවෙ කොහෙන්ද යන්න අවබෝධ කරගැනීම. වහල්භාවයේ ඉතිහාසය, ජාතිවාදය, සිවිල් අයිතිවාසිකම් උදෙසා ව්‍යාපාරය — එහි සාර්ථකත්වයන් සහ අසාර්ථකත්වයන්. උතුරු ඇමෙරිකාවෙහි අප්‍රිකානු ඇමෙරිකානුවන් “ප්‍රජාතන්ත්‍රවාදයේ” රාමුව ඇතුළතින් සාහසිකත්වයට ලක්වූවන්, සිරගත වූවන් සහ ඡන්දබලය අහිමි වූවන් බවට පත් කරන අශිෂ්ට වගේම සියුම් ආකාරයන්. මේ සියල්ල තුළ ඇමෙරිකාවේ වෙසෙන ඉන්දීය ප්‍රජාවේ බහුතරය විසින් සිදුකර ඇති භූමිකාව අවබෝධ කරගැනීමට. එම ප්‍රජාව සාම්ප්‍රදායිකව පෙළගැසී සිටින්‍‍‍නේ කා සමඟද? පිළිතුරු අපේම සමාජය ගැන ගොඩක් දේ අපට කියාවි. එහෙ සිදුවෙමින් තිබෙන, ප්‍රජාවන් සහ සංස්කෘතීන් හරහා විශාල ලෙස ප්‍රදර්ශනය කෙරෙන මහා කෝපය කෙරෙහි අපිට සහය දිය හැක්කේ , යම් තරමක අවංකභාවයක් සහිතව අපේම සාරධර්ම සහ ක්‍රියාවන් වෙත ආමන්ත්‍රණය කළොත් පමණයි . සහෝදරත්වය,සහෝදරියත්වය, සහයෝගීතාවය යන හැඟීම්වලදී අසමත් තදින් රෝගී සමාජය තුළයි අප ජීවත් වන්නේ.

දලිත් කැමරා – ඇමෙරිකාවේ ක්ලු ක්ලුක්ස් ක්ලැන් සහ ඉන්දියාව තුළ ගව ජාවාරම්කරුවන්ට දඩුවම් පැමිණවීමට කුලවාදී හින්දූන් විසින් සංවිධානය කරන කණ්ඩායම් ආදින්ගේ දෘෂ්ටිවාදීන් සහ භාවිතයන් එක සමානද?

අරුන්දතී – ඇත්ත වශයෙන්ම සමානකම් තියෙනවා. වෙනස තමයි ක්ලු ක්ලුක්ස් ක්ලැන් සතුව තියෙනවා ඔවුන්ගේ ඝාතන හසුරුවද්දී තරමක් වෙනස් නාට්‍යමය අදහසක්. හරියට අද ආර් එස් එස් එක වගේ, ඒ කාලෙදී, ක්ලෑන් ද ඇමෙරිකාවේ වඩාත් බලපෑම්සහගත සංවිධාන අතර සිටියා. එහි සාමාජිකයන් පොලීසිය සහ අධිකරණය ද ඇතුළත්ව සියලු මහජන ආයතනවලට රහසින් ඇතුළුවෙලා තිබුණා. ක්ලෑන් ලගේ ඝාතන කවදාවක් හුදු ඝාතන නොවීය – ඒවා භීෂණය ප්‍රකාශ කිරීමට සහ පාඩම් ඉගැන්වීම සඳහා වූ අභිචාරාත්මක රංගනයන් ය. කේ කේ කේ ලා විසින් කළු ජාතික මිනිසුන්ව ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙන්ම හින්දු ක්‍රියාකරුවන් විසින් මුස්ලිම් සහ දලිත් ජනයාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද මෙය සත්‍ය වේ . සුරේකා භොට්මන්ගේ සහ ඇගේ පවුල මතකද? ඇත්තටම සුරේඛා භොට්මන්ගේ සහ ජෝජ් ෆ්ලොයිඩ් යනු වෙනස් අරගලවල එක්ක ඉන්න ඉතා වෙනස් මිනිසුන් ය. ඇය සහ ඇගේ පවුල ඇයගේම ගමේ මිනිසුන් විසින් සමූල ඝාතනය කරනු ලැබුවා. පොලිස් නිලධාරී ඩෙරක් චෞවින් නාට්‍යමය සංවේදනයකින් යුතුව ජෝජ් ෆ්ලොයිඩ් ව මරාදැමුවා. ඔහුගේ එක් අතක් ඔහුගේ සාක්කුවෙ දමාගෙන, ඔහුගේ දණහිස ෆ්ලොයිඩ් ගේ බෙල්ල මත විය. ඔහුට උදව් තිබුණා. ඔහුට අනික් පොලිස් නිලධරයන්ගේ ආරක්ෂාව තිබුණා. ඔහුට ප්‍රේක්ෂක පිරිසක් සිටියා. ඔහු දැනගෙන හිටියා ඔහුව කැමරාකරණයට ලක් වනවා කියා. කෙසේවෙතත් ඔහු එය කළා. මොකද ඔහු විශ්වාස කළා ඔහු සුරක්ෂිතයි සහ දඩුවම් නොලබන බව. මේ වන විට සුදු අධිපතිවාදීන් සහ හින්දු අධිපතිවාදීන් යන දොගොල්ලන්ටම අනුකම්පාසහගත සහයෝගය දක්වන්නන් (ආචාරශීලිව කිවහොත්)- උසස් ධූරවල නියැලී ඉන්නවා. ඉතින් මේ දෙකම දිග ඇදෙන සාර්ථකත්වයක් අත්විදිමින් සිටිනවා.

දලිත් කැමරා – අපි දකිනවා ඉන්දියානුවන් අතර #blacklivesmatter ට්‍රෙන්ඩ් වෙනවා. එහෙත් මෙම රට තුළම කළු ජාතිකයන් මත අඛන්ඩ පහරදීම් අපට හමුවෙනවා ? කොහොමද ඉන්දියානුවන් කළු ජාතිකයන් දකින්නේ හෝ කුමන එකාකෘතියක් ද ඔවුන් සම්බන්ධව ඉන්දියානුවන් වන අපට තිබෙන්නේ ?

අරුන්දතී – බලන්න සුදු හම සම්බන්ධව ඉන්දියානුවන්ට තියෙන උමතුව. එය අප සතුව ඇති වඩාත් පිළිකුලක් ඇතිකරන දෙයක්. ඔබ බොලිවුඩ් චිත්‍රපට බලනවා නම් ඔබ හිතයි ඉන්දියාව සුදු අයගේ රටක් කියා. කලු ජාතික ජනයා කෙරෙහි වූ ඉන්දීය ජාතිවාදය සුදු ජාතික මිනිසුන්ගේ ජාතිවාදය ට වඩා දරුණු තරම්ය. එය විශ්වාස කළ නොහැකිය. මම එය දැක තිබෙනවා වීදි වලදී මම කළු ජාතික මිතුරන් සමඟ ඉද්දි. සහ සමහරවෙලාවට එය එන්නෙ හමේ පැහැය ඇත්තටම වෙනසක් නැති මිනිසුන්ගෙන් ! මම මෙතරම් කෝපයට සහ ලැජ්ජාවට පත්වන්නේ කලාතුරකින්. එම ජාතිවාදය එක හෙලාම කරන ප්‍රහාරයන් තුළ ප්‍රකාශමාන වී තියෙනවා. 2014 දී, ආම් ආද්මි පක්ශය විශාල ජනවරමක් සහිතව දිල්ලි මැතිවරණයේදී ජයගත් විගස, නීතිය සම්බන්ධ අමාත්‍ය සොම්නත් භාර්තී මධ්‍යම රැයේ වැටලීමකට මිනිසුන්ගෙ කණ්ඩායමකට නායකත්වය දුන්නා, කොංගෝ ජාතික සහ උගන්ඩන් කාන්තාවන්ව ශාරීරිකව පහරදී නින්දාවට ලක් කළා කිර්කී වලදී දුරාචාර සහ නීතිවිරෝධී ක්‍රියාකාරකම් වල යෙදුනා කියා. 2017 දී අප්‍රිකානු ශිෂ්‍යයන් මත්ද්‍රව්‍ය විකිණීමේ චෝදනාව මත මහා නොයිඩාවල දී මැර ක්‍රියාකාරීන් රැසකගේ පහරදීමකට ලක්විය. නමුත් ඉන්දියාව තුළ ජාතිවාදය විශාලයි සහ විවිධාකාරයි. කාටද අමතක කරන්න පුළුවන් බීජේපී පාලිමේන්තු මන්ත්‍රී තරුන් විජේ නොයිඩා ප්‍රහාරයෙන් පසු ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටි යුරු – ” අපි ජාතිවාදී නම්, ඇයි සමස්ත දකුණම – ඔබ දන්නවා දමිළයන්, ඔබ දන්නවා කේරල, කර්නාටක සහ ආන්ධ්‍රා වැසියන් – ඇයි අපි ඔවුන් සමඟ ජීවත් වෙන්නෙ?” ඇයි ඔවුන් අපි සමඟ ජීවත් වෙන්නෙ? ඔහු අපව හැදින්විය යුත්තේ කළු දකුණු ඉන්දීය ජනතාව කියායි. මම කැමතියි දැනගන්න ඔහුගේ හේතූන්.

දලිත් කැමරා – අප්‍රිකානු ඇමෙරිකානුවන් #blacklivesmatter වෙනුවෙන් තර්ක කරන විට, ආසියානුවන් #asianlivesmatter තර්ක කරයි සහ සුදු ජාතිකයන් #alllivesmatter තර්ක කරයි…

අරුන්දතී – කියනු ලබන දෙය තුල ඇති දේශපාලනය පිටතට කාන්දු කර, එය අර්ථ විරහිත සරල සත්‍යයන් වෙත යොමු කරවන කපටි මාර්ගයක්, මෙය. ආසියානුවන් සහ සුදු ජාතිකයන් ඝාතනයට ලක් ව නැහැ, හිරගත කරල නැහැ, ඡන්ද බලය අහෝසි කරල නැහැ ඇමෙරිකාවේදි , අප්‍රිකානු ඇමෙරිකානුවන්ට කළ ආකාරයෙන්. ඇමෙරිකාවේ වහල්ක්‍රමය අවසන් වූ දා පටන් ප්‍රජාතන්ත්‍රවාදයේ නෛතික රාමුව සහ සමාජ සම්මුතියට ගැලපෙන ලෙස අප්‍රිකානු ඇමෙරිකානුවන්ව හිංසනකාරීව බකල් ගැස්සවීමට, වෙනත් ආකාරවලින් යටපත් කර තබා වහල් භාවයට පත් කරන්න එක්ව උත්සහයක් පැවතුනා. යුද්ධයේ සහ ඇමෙරිකානු අධිරාජ්‍යවාදයේ ජාත්‍යන්තර කතාව – ඇෆ්ගනිස්ථානයේ, ඉරාකයේ, ජපානයේ, වියට්නාමයේ ජන සංහාරය යනු වෙනම කතාවක්.. මම හිතන් නෑ ඒක #asianlivesmatter සහ #alllivesmatter යන්නෙන් අදහස් කරනවා කියලා.

දලිත් කැමරා – දලිත් ජනතාව කියනවිට #dalitlivesmatter කියා , ශතවර්ෂ ගණනාවක් තිස්සේ කලු ජාතිකයන්ගේ අරගලය එයට උකහාගන්නවා සහ එය ඇතුලතින් බිදදමනවා නොවේද ? #dalitlivesmatter ව්‍යාපාරය ජාතිවාදයට වඩා යමක් ද?

අරුන්දතී – කුලවාදය සහ ජාතිවාදයට වෙනස් ඉතිහාසයන් තිබුනද කුලවාදය යම් ආකාරයක දිව්‍යමය වරමක් එය සතුව ඇතැයි කීම හැරෙන්නට ඒවා වෙනස් නොවේ. ඉතින් මට හිතෙනවා ශතවර්ෂ ගණනාවක් පුරා කළු ජාතිකයන්ගේ අරගලය #dalitlivesmatter ට අදාල කිරීම විසින් ඒ තුලට උකහා ගන්නවා යයි කීම මදක් කුරිරුයි කියා. මම හිතන්නෙ එය වූ කලී ඇමෙරිකාවෙ සිදුවෙමින් පැවතීම යන කාරණාව නිසාම අන් කිසිවකටත් වඩා බලවත් සහ දෘශ්‍යමාන වන බ්ලැක් ලයිව්ස් මැටර් ව්‍යාපාරයෙන් යම් එළියක් ලබාගැනීමට, පොදු ව්‍යාපාරයක් ගොඩනැගීමට සහ, සහයෝගීතාවය සොයා යාමට කරන වෑයමක්. ඉන්දියාවේදී, කලක පටන් කුලවාදය ජාත්‍යන්තර පරීක්ෂාවේ රේඩාරයට හසු නොවී සිටීමට කුලවාදයට හැකි වී තිබෙනවා – එය, ප්‍රසිද්ධ වඩාත් ගරුබුහුමන් ලබන බුද්ධිමතුන්, විද්වතුන්ගෙන් පවා උදව් ලබන නොපෙනීම පිලිබඳ ව්‍යාපෘතියක්.

එසේ කිව්වත්- කිසිවෙකු ජාතිවාදයට ඉහළින් නැත. එය වෙනස් ආකෘතීන් ගන්නවා වෙනස් ස්ථාන වලදී. උදාහරණයක් ලෙස දකුණු අප්‍රිකාවේදී, නයිජීරියානුවන් සහ අනෙක් අප්‍රිකානු රටවලින් ආ අප්‍රිකානුවන් කෙරෙහි කළු ජාතික දකුණු අප්‍රිකානුවන්ගෙන් එල්ල වන අතිථි භීතිකාවක් (පිටස්තර පුද්ගලයන් කෙරෙහි සැක මුසු භීතිය) තිබෙනවා. සහ අපි දන්නවා වගේ, කුල පීඩකත්වය, බ්‍රාහ්මනවාදය යන්න පහළින් ඇති කුලය පීඩාවට ලක් කරන සෑම කුලයක් විසින්ම භාවිතා කරයි සහ ඔබ විසින්ම ඔබගේම අරගලවලදී අත්විඳ ඇති ලෙස, දලිත් දේශපාලන ප්‍රවර්ගය ඇතුළත පවා එම පීඩනය ඉනිමඟ දිගේ පහළට ක්‍රියාත්මක වෙනවා. ඕනෑම දෙයක් දෙස දිගු වේලාවක් බලාසිටින්න, සහ එය සෑම විටම එය වටා ඇති අලංකාරෝක්තීන් වලට වඩා සංකීර්ණ බව පෙනෙනු ඇති. එහෙත් අලංකාරෝක්තිය වැදගත්. එය ජනතාවට ඔවුන්ගේ අදහස් සංවිධානය කිරීම සඳහා රාමුවක් සපයයි.

දලිත් කැමරා – ඇයි ඉන්දීය මනස සහ එමඟින් ඉන්දීය ප්‍රවෘත්ති සහ විනෝදාස්වාද මාධ්‍ය තුළ තවමත් කළු ජාතිකයන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, ම්ලේච්ඡයන් සහ මිනීමරුවන් ලෙස ඒකාකෘති ගත කරල තියෙන්නෙ?

අරුන්දතී – හේතුව අපි ජාතිවාදී සංස්කෘතියක්. පසුගිය වසරේ මම දැක්කා ඇබ්‍රහමින්දෙ සන්තිකාල් කියන මලයාලම් චිත්‍රපටය (The Sons of Abraham). දරුණු සහ මෝඩ මිනීමරු දුෂ්ටයන් සියලු දෙනා කළු අප්‍රිකානුවන් ය – සහ අපේක්ෂිත ලෙස ඔවුන්ව මලයාලි සුපිරි වීරයා විසින් විනාශ කරනු ලැබීය. කේරළයේ අප්‍රිකානුවන්ගේ ප්‍රජාවක් නොමැත – එබැවින් මෙම ජාතිවාදය රඟදක්වන්නට ප්‍රබන්ධයේ කොටසකට චිත්‍රපටකරු ඔවුන්ව ආනයනය කළේය! මෙය රාජ්‍යයේ කෘරත්වය නොවේ. මෙය සමාජය. මේ ජනතාවයි. කලාකරුවන්, චිත්‍රපට නිර්මානකරුවන්, නළුවන්, රචකයන් – උතුරු ඉන්දියානුවන් විසින් දකුණු ඉන්දියානුවන්ව අඳුරු හම නිසා සරදම් අවමන් කිරීමයි, දකුණු ඉන්දියානුවන් විසින් අප්‍රිකානුවට නින්දා කරන්නේයි එකම හේතුවකටයි. එය හරියට පතුළක් නැති ගැඹුරු ළිඳක් තුළට වැටෙනවා වගේ.

දලිත් කැමරා – ගාන්ධි ගේ ප්‍රතිමාව එක්සත් ජනපද විරෝධතාවලදී විනාශ කර ඇත, හේතුව කුමක් විය හැකිද?

අරුන්දතී – එය දැනගැනීමට දුෂ්කරයි. ප්‍රවෘත්ති වාර්ථා පැවසුවේ ප්‍රතිමාව විනාශ කර ඇත සහ එය මත ග්‍රැෆිටි ස්ප්‍රේ කර ඇති බවයි. නමුත් ඡායරූප මගින් පෙන්වන ප්‍රතිමාව ඔතා ඇති බැවින් කවුරුත් ග්‍රැෆිටි එක කුමක්ද දන්නේ නැහැ. එය ගාන්ධි දකුණු අප්‍රිකාවේ සිටි කාලය තුල කළු ජාතික අප්‍රිකානුවන්ට එරෙහිව කළ ජාතිවාදී අදහස් දැක්වීම් සහ ඉන්දියාවේ කුලය පිළිබඳ ඔහුගේ ස්ථාවරය ගැන දන්නා අය විසින් ඝානාවේ සහ වෙනත් රටවල දී ගාන්ධි ප්‍රතිමා විනාශ කිරීමේ සිදුවීම් මාලාවේ කොටසක් ද? හෝ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සහ ඔහු ට්‍රම්ප් කෙරෙහි දැක්වූ ප්‍රේමය කෙරෙහි වූ පිළිකුල ප්‍රකාශ කිරීමට අවශ්‍ය වූ ජනතාව විසින් කළාද? … කොහොමද මෝඩි, නමස්තේ ට්‍රම්ප් යනාදිය. මම ඇත්තටම දන් නැහැ. බොහෝ විරෝධතාකරුවන් නිර් ප්‍රචණ්ඩ සිවිල් අකීකරුකම පිළිබඳ උපක්‍රම වල උපදේෂක සහ ඔවුන්ගේ ගුරුවරයා ලෙස, ඔවුන්ගේ ආභාෂයේ ප්‍රභවය ලෙස ගාන්ධි ගේ ඡායාරූප ට්වීට් කළ බව ද ඇත්තකි. එබැවින් එම වීදිවල ගාන්ධි බොහෝ අවතාරයන්ගෙන් පෙනීසිටී.

පරිවර්තනය – ප්‍රබුද්ධ ධණුෂ්ක දික්වත්ත

leave a reply