මහවිරු සැමරුම් ප්‍රවර්ධනය කලැයි තිදෙනෙක් අත්අඩංගුවට

එල්.ටී.ටී.ඊ මහවිරු දින සැමරුම් ප්‍රවර්ධනය වන අයුරින් ප්‍රචාරයන් සිදු කිරිමට අදාළව පොලිසිය විසින් සැකකරුවන් තුන් දෙනෙකු
අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, 37 හැවිරිදි වියේ පසුවන ඉන් එක් අයෙකු චුන්නාකම් ප්‍රදේශයේ දී ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසයේ යාපනය උප ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ නොවැම්බර් 30 වැනිදාට එළිවන විට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනයේ, ඉනුවිල් බටහිර, චුන්නාක්කම් හි පදිංචි මනෝහරන් ගජන්දරූබන් බවයි.

අත්අඩංගුවට ගෙන ඇති අනෙක් දෙදෙනා ගෙන් එක් අයෙකු බද්දේගම පදිංචි එදිරිසුරිය මද්දුමගේ ජනිත චතුරංග ටෙනිසන් නමැති 28 හැවිරිදි අයෙකි. අත්අඩංගුවට ගත් මෙම තරුණයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

මේ අතර ෆේස් බුක් ගිණුමක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු ද පොලිසිය විසින් අද අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. එසේම එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් සංවිධානයක් වුවත් බැනර්, ලාංඡන හා ඡායාරූප යොදාගෙන මියගිය සාමාජිකයන් සැමරිම බධාවක් නොවන බවට, මහජන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශයක් කළ බවට පැතිර ගිය අසත්‍ය පළ කිරීම සම්බන්ධයෙන් ද පොලිස්පතිවරයාගේ උපදෙස් මත විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...