ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් ගෙන එන්න සැරසෙයි

ශාන්ත විජේසූරිය වැනි මාධ්‍යවේදීන්ට රජයේ ප්‍රවෘත්ති සාකච්ඡාව තහනම් කර තිබෙන වාතාවරණයක ආණ්ඩුව ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමට ආරම්භ කර තිබේ.

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීමට අදාළ ව රාජ්‍ය සහ පෞද්ගලික සියලු මාධ්‍ය සංවිධාන තුළින් අදහස් සහ යෝජනා ලබාගැනීම වෙනුවෙන් වූ
විශේෂ සාකච්ඡාවක් ඊයේ (28) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණි.

මාධ්‍ය සංවිධානවලට, මාධ්‍යවේදීන්ට සහ අනෙකුත් අන්තර්ගත නිර්මාණකරුවන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමටත්, සුරක්ෂිත සහ වගවීමෙන් යුක්ත රාමුවක් තුළ පොදු උන්නතිය වෙනුවෙන් ක්‍රියා කිරීමට හැකිවන ප්‍රශස්ත පරිසරයක් නිර්මාණය කිරීමත් මෙහෙවර කර ගනිමින් ජාතික මාධ්‍ය ප්‍රතිපත්ති කෙටුම්පත සම්පාදනයට පියවර ගෙන ඇති බව ආණ්ඩුව පවසයි.

ඒ අනුව ඊයේ දින පැවැති සාකච්ඡාවේ දී දැනට සකස් කර ඇති ජාතික මාධ්‍ය ප්‍රතිපත්ති කෙටුම්පතෙහි සිදුවිය යුතු සංශෝධන, අලුතින් ඇතුළත් විය යුතු කරුණු, භාෂා ත්‍රිත්වයෙන් ම කෙටුම්පත සම්පාදනයේ වැදගත්කම, ප්‍රතිවිරෝධතා, මෙහෙයුම් කමිටු ක්‍රියාකාරීත්වයන් සහ අභිමතාර්ත පිළිබඳව මාධ්‍ය සංවිධාන තුළින් යොමු කරන ලද අදහස් සහ යෝජනා ද සමගින් සාකච්ඡාව සිදු විය.

මෙවැනි ප්‍රතිපත්තියක අවශ්‍යතාවය තිබියදී වුවද මාධ්‍ය සම්බන්ධයෙන් පසුගිය සමයේ ආණ්ඩුවේ හැසිරීම ගැන සැළකු විට විවිධ සැක සංකා මතුව තිබේ. විශේෂයෙන්ම භාෂණයේ නිදහස ගැන වගාවෙන ආණ්ඩුවක් සමාජ මාධ්‍ය වාරණ පනත වැනි මර්දනකාරී පනත් අහෝසි නොකිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ – UNP දීගය අලුත්වෙයි

රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සුරැකීම සහ ජනතාව මුහුණ දී සිටින...

ගෙදර වගකීම් කාන්තාවන්ගේ රැකියා අයිතිය අහිමි කරලා

මෙරට කාන්තාවන්ගෙන් ලක්ෂ 61.8 ක් රැකියාවක් නොකරන බවත් ඉන්...

අනුරගේ ආර්ථිකයයි රටේ ජනතාවගෙ ආර්ථිකයයි

ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස...

සංවර්ධනය වෙමින් පවතී රට 

වාරිමාර්ග බලධාරීන් සහ එළුවන්කුලම එකමුතු ගොවි සමිතිය එකමුතුව එක්ව විල්පත්තුව...