එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගෙවීමේදී අල්ලස් ගත් සිද්ධියක් ගැන රහස් වාර්තාවක් 

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම හේතුවෙන් මෙරටට හිමි විය යුතු වන්දි අය කර ගැනීමේ කටයුතුවලදී එම වන්දි ගෙවීමට සම්බන්ධ විදේශීය රක්ෂණ සමාගමක් විසින් කිසියම් පුද්ගලයෙකුට ඇමරිකානු ඩොලර් මිලියන 250 මුදලක් අල්ලස් වශයෙන් ලබා දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කර ඇති විමර්ශනවලට රහසිගත වාර්තාවක් නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එම නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් පීඩාවට පත් වූවන්ට වන්දි අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මැල්කම් රංජිත් හිමි පරිසරය ධීවර ප්‍රජාව ඇතුළු පිරිසක් විසින් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් අද යළි විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ විසින් රහසිගත කවරයක බහා මෙම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සම් අද අග විනිසුරු මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගෙන තිබුණි.

මීට පෙර මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාර ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හිමාලි කුලරත්න ඇතුළු නීතිඥවරු දක්වමින් මෙම නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව මෙරටට අය විය යුතු වන්දි මුදල් අයකර ගැනීමේ ක්‍රියාවලියේදී විදේශීය රක්ෂණ සමාගමක් විසින් යම් පුද්ගලයකුට ඇමරිකානු ඩොලර් මිලියන 250 ක අල්ලසක් ලබා දී ඇති බවට අනාවරණය වී ඇති කරුණු පිළිබඳ විමර්ශනය කරන ලෙස එවක අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බව පෙන්වා දී ඇත.

මීට අදාළව පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබු බවත් මෙම කරුණට අදාළව අල්ලස් කොමිසම වෙත ද පැමිණිලි ඉදිරිපත් වී තිබෙන බවත් නඩු විභාගයේදී කරුණු අනාවරණය වී ඇත. එම කරුණු සලකා බැලූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම කරුණු සම්බන්ධයෙන් සිදුකර තිබෙන විමර්ශනවලට අදාළ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට පෙර නියෝග කර තිබී ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...