පිං ජනාධිපති ටින් පියාට සරසවි බිම තහනම් – කැළණිය විශ්ව විද්‍යාල සිසුන්

කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි ආයතනය විවෘත කිරීමේ උත්සවයට රනිල් වික්‍රමසිංහ හෙට දිනයේ පැමිණීමට නියමිත අතර සිසුන් ඊට විරෝධය දක්වමින් සිටියි.

ඊයේ (29) රාත්‍රී 7 ට පමණ 2000 ක පමණ පොලිස් හා යුධ හමුදා සේනාවක් පැමිණ විශ්වවිද්‍යාලයේ පරිගණක හා තාක්ෂණ පීඨ පරිශ්‍රය වට කොට ස්ථානගත කර තිබී ඇත. පශ්චාද් උපාධි ආයනයේ ගොඩනැගිල්ල මෙම පීඨයට යාබදව පැවතීම මෙයට හේතුවයි. ඊයේ උදෑසන උසස් පොලිස් නිලධාරීන් පැමිණ විශ්වවිද්‍යාල පරිපාලනය සමඟ මේ පිළිබඳව සාකච්ඡාවක් ද පවත්වා තිබේ. මෙම දිනවල පරිගණක හා තාක්ෂණ පීඨයේ විභාග ක්‍රියාත්මක වන අතර ඒ හේතුවෙන් සිසුන් පීඨ පරිශ්‍රයේ රැඳී සිටිමින් අධ්‍යයන කටයුතුවල නිරත වෙන බව ශිෂ්‍ය සංගම් පවසයි.

නමුත් ඊයේ සවස සිසුන්ට පීඨ පරිශ්‍රයට ඇතුළත් වීමට පොලීසිය හා හමුදාව ඉඩ නොදීම හේතුවෙන් සිසුන් ඒ සඳහා විරෝධය පල කර තිබේ. විශ්වවිද්‍යාලයට රනිල් වික්‍රමසිංහ නොපැමිණිය යුතු බවටත්, විශ්වවිද්‍යාල භූමිය වට කර සිටින හමුදාව පොලීසිය වහා ඉවත් කරන ලෙසත් බල කරමින් විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිසුන් විරෝධතාවක් පැවැත්වූ අතර එම විරෝධය නිමවා විසිර යන මොහොතේ පොලිසිය පැමිණ කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරන ලදී.

කඳුළු ගෑස් ප්‍රහාර විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ පරිශ්‍රය තුළට එල්ල කිරීමෙන් එහි කලා උළෙලක් සඳහා සූදානම් වෙමින් සිටි සිසුන්ටද ප්‍රහාර එල්ල විය. කඳුළු ගෑස් උණ්ඩ හා කැරලි මර්දන නිලධාරීන් විසින් එල්ල කළ ගල් ප්‍රහාර හේතුවෙන් සිසුන් දෙදෙනෙක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

අද දිනයේද සිසුන් කළු කොඩි ප්‍රදර්ශනය කරමින් විරෝධය දක්වමින් සිටියි.

මේ අතර ශිෂ්‍ය සංගම් පවසන්නේ කැලණිය විශ්වවිද්‍යාල භූමිය රනිල් වික්‍රමසිංහගේ සංදර්ශන භූමියක් නොවන අතර රනිල් වික්‍රමසිංහ වැනි ජනතා ද්‍රෝහියෙකු ට විශ්ව විද්‍යාලට පැමිණීමට ඉඩදිය නොහැකි බවයි.

රනිල් වික්‍රමසිංහ කැලණිය විශ්ව විද්‍යාලයට මැරයන් එවමින් එම විශ්ව විද්‍යාල සිසුන්ට මැරකම් කිරීම සම්බන්ධයෙන් 80 දක්ෂකයේදී චෝදනා එල්ල වී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...