වරෙන්තුවක් හෝ හේතුවක් නොදක්වා අත්අඩංගුවට ගත් තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රිමාන්ඩ්

වට්ස්ඇප් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් බව කියමින් ඊයේ අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ මැතිව් හෙට (09) දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

මෙම තරුණයා ඊයේ රහස් පොලිසියේ යැයි කියා ගන්නා පිරිසක් පැමිණ චෝදනා පැහැදිලි කර දීමකින් තොරව රැගෙන ගොස් තිබිණි.

ඊයේ කියා තිබුණේ ඔහු වට්ස්ඇප් සම්බන්ධයෙන් පළ කළ නිවේදනයක් ගැන මෙම විමර්ශනය යන බවයි. කෙසේ වෙතත් අද ඔහු අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය දැනුම් දුන්නේ ජනාධිපතිවරයාගේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට මෙම තරුණයා ව්‍යාජ නිවේදනයක් නිකුත් කර ඇති බවයි.

මෙම චෝදනාව සම්බන්ධයෙන් රහස් පොලිසිය මීට පෙර ප්‍රකාශයක් ලබා ගෙන එය අවසන් කළ බවත්, ඊයේ ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ වට්ස්ඇප් සම්බන්ධයෙන් නිවේදනයකට බව කියමින් බවත් රජීව් යසිරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

මෙවැනි නිවේදනයක් පළ කිරීමට ඇති අයිතිය කුමක්දැයි මහේස්ත්‍රාත්වරිය විමසූ අවස්ථාවේ නීතිඥවරුන් පවසා ඇත්තේ තරුණයා පුරවැසියෙක් වීමම ප්‍රමාණවත් බවයි. මෙය භාෂණයේ ප්‍රකාශනයේ අයිතිය සීමා කිරීමක් බවත් මෙම නඩුව ඇසීමට මෙම අධිකරණයට අධිකරණ බලයක් නැති බව ද නීතිඥවරුන් මෙහිදී පවසා ඇත.

කෙසේ වෙතත් මෙම නඩුව යොමු කළ යුත්තේ තමාට නොව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට බැවින් හෙට මෙම තරුණයා ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරන ලෙස නියම කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඔහු හෙට දක්වා රිමාන්ඩ් කරන ලෙස ද නියෝග කර තිබේ.

ඊයේ රජිව් යසිරු රැගෙන යෑමට පැමිණි පොලිසියේ යැයි කියාගන්නා පිරිසෙන් ඔහු අත්අඩංගුවට ගන්නේ කුමන හේතුවකටදැයි විමසද්දී ඔවුන් කියා ඇත්තේ වට්ස්ඇප් සම්බන්ධයෙන් පළ කළ නිවේදනයක් හේතුවෙන් බවයි. අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ඇත්දැයි විමසද්දී වරෙන්තුවක් නැති බව එම පිරිස ප්‍රකාශ කර තිබේ.

රජිව් යසිරු අත්අඩංගුවට ගන්නේ කුමන චෝදනාවක් මත, කුමන නීතියක් කඩකිරීම සම්බන්ධයෙන්දැයි විමසීමේදී චෝදනාව ප්‍රකාශ කර නැති අදාළ පිරිස, ඔහුව රැගෙන ගොස් තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...