Breaking News

ඔබ ජිවත් වෙන්නේ ඉතාලියේ Lombardia නම් මේ සහන ඔබටත් හිමි වෙනවා

CONTRIBUTI SOCIALI DAL PACCHETTO FAMIGLIA

ලොම්බාර්දියා කලාපය (Regione )විසින් මෑතකදී අනුමත කල පවුල් පැකේජයෙන් යෝජිත සමාජ සුබසාධන

  1. එක් පවුලකට යුරෝ 500ක මුදලක්.
    මෙය හිමි වන්නේ පළමු නිවස සඳහා එක් ණය වාරිකයක් ගෙවීමට වන අතර අවම වශයෙන් වයස අවුරුදු 16 ට අඩු එක් දරුවෙකු සිටින සෑම පවුලකටම මෙය හිමිවේ..

  2. වියදමෙන් 80%ක දීමනාවක්.
    දුරස්ථ ඉගෙනීමේ කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ මිලදී ගැනීමට කල වියදමෙන් උපරිම යුරෝ 500කට යටත්ව 80%ක දීමනාවක් යෝජනා කරන අතර අවම වශයෙන් අවුරුදු 6 ට අඩු සහ අවුරුදු 16 ට අඩු එක් දරුවෙකු සිටින සෑම පවුලක් සඳහාම මෙය හිමිවනු ඇත.
    මෙම දීමනා හිමි වන්නේ වාර්ෂික ආධායම් දර්ශකයේ අගය ISEE යුරෝ 30.000ක හෝ ඊට අඩු අය සඳහා පමණි.

අවශ්‍ය සුදුසුකම්
අයදුම්කරුවන් ලොම්බාර්ඩි කලාපයේ පදිංචිව සිටින පවුල් විය යුතු අතර covid-19 හදිසි අවස්ථාවට මුහුණදුන් අයවලූන් විය යුතු වන අතර අවම වශයෙන් පහත සඳහන් කොන්දේසි වලින් එකක් හෝ සම්පූර්ණ කල යුතුවේ.

යටත් සේවකයින්
දළ මාසික වැටුපෙන් 20%ක හෝ ඊට වැඩි අඩුවීමක් සහිත යම් වාණිජ ආයතනයක හෝ පරපෝෂිත නියෝජිත ආයතනයක් යටතේ රැකියා කරන සේවකයින් විය යුතුය.

ස්වයන් රැකියා හා වෘතීය වේදීන්
2020 පෙබරවාරි 21න් පසු කාර්තුවක් තුළ පිරිවැටුමේ අඩුවීමක් සහිත නිදහස් සේවකයින් සහ ස්වයං රැකියාවල නියුතු කම්කරුවන්,
අයදුම්පත් දිනය සහ ඉහත සඳහන් කළ දිනය අතර කෙටි කාලය තුළ, 2019 අවසාන කාර්තුවේ පිරිවැටුමෙන් 33% ට වඩා වැඩි ප‍්‍රතිශතයකින් ආධායම අඩුවී ඇත්නම් හෝ තම රැකියා නවතා දැමීමට හෝ අවම කිරීමට සිදුවූවන් විය යුතුය.
කෝවිඞ් 19 නිසා පවුලේ සාමාජිකයකු මිය ගියේනම් එම පවුල සඳහා මෙය හිමිවේ.

ඊට අදාල අයදුම්පත් අන්තර්ජාලය හරහා පමණක් www.bandi.servizi.it වෙත ඉදිරිපත් කළ යුතුය.
මැයි 4 දහවල් 12 සිට මෙය ආරම්භ කර තිබෙන අතර මැයි 11 දින දහවල් 12 දක්වා පමනක් අයදුම්පත් බාර ගන්නා හෙයින් හැකි ඉක්මනින් කටයුතු කල යුතුව තිබෙන බවද අවධාරණය කරමු.
අවධානයට
2020 ISEE නොමැති පවුල් සඳහා 2019 ISEE වලංගු වන අතර එය යුරෝ 30,000 ට වඩා අඩු හෝ සමාන විය යුතුය.
ඉල්ලූම්කරු සතුව සහතික දෙකෙන් එකක්වත් නොමැති අවස්ථාවක වුවද ඉල්ලූම් පත් ඉදිරිපත් කල හැකි අතර ඉදිරි දින 90ක් ඇතුලත ISEE සහතිකය ලබාගෙන ඉදිරිපත් කල යුතුය. එහිදී ඊට අදාල කොන්දේසි වලට යටත් විය යුතුවේ.
ඔබ ISEE සකස් කර ගැනීමට CAAF CGIL ආයතනය වෙත යොමු වන්නේනම් පහත සඳහන් දුරකථන අංකයට කතා කර දින වෙන්කර ගත යුතු වන අතර මෙය සමුපූර්ණ නොමිලේ නිකුත් කරන ලේඛණයක් බව මතක තබා ගන්න. 800 990 730

තීමස් විජිත්

leave a reply