පල්ලේගමට ඇප – නඩුවේදී පොලීසියේ වගකීම් විරහිතභාවය ගැනත් හෙළිවෙයි

බාල වයස්කාර දැරියකට බරපතල ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි රුපියල් ලක්ෂ 50 ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත මුදා හරින ලෙස හා විදෙස් ගමන් තහනමක් පනවන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබ තිබේ.

ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ‌‌ගෙන බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකාර හිමිනම අද (22) මෙලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමටයි කටයුතු කරනු ලැබුවේ.

කෙසේ නමුත්, අද පැවති නඩුවාරයේ දී පොලිස් විමර්ශකයන්ට චෝදනා රැසක් එල්ල කළ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනිය සහ නීති බලාත්මක කිරීමේ අධ්‍යක්ෂවරිය අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කරමින් පෙන්වා දෙනු ලැබුවේ, පොලිස් විමර්ශන අවසන් කියා නීතිපතිට යන ලද ගොනුව අසම්පූර්ණ බවයි.

එහි දී වීඩියෝ සාක්ෂි වශයෙන් ඇති සාක්ෂිය ඇතුළත් කර නොමැති බවත්, ඩීඑන්ඒ විමර්ශන අසම්පූර්ණ බව පෙන්වා දෙනු ලැබූ අතර, දැරිය මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇතුළත් කළයුතු චෝදනා ද චෝදනා පත්‍ර වෙත ඇතුළත් කර නොමැති බව ද පෙන්වා දී තිබේ.

එහි දී මේ සම්බන්ධ විමර්ශන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත මාරුකරන ලෙස ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනිය විසින් වැඩිදුරටත් අධීකරණය හමුවේ ඉල්ලා සිටිනු ලබා තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

පෑනටත් නීතියේ සීමා වැටෙයිද?

ත්‍රස්තවාදය වැළැක්වීමේ නව කෙටුම්පත හමුවේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස...

NPP කාරයන්ගේ කෝකටත් තෛලය පිළිතුරු සහ  අධ්‍යහනයෙන් තොර ප්‍රශ්න අහන මාධ්‍යවේදීන්ගේ වැනෙන ප්‍රශ්න 

NPP කාරයන්ගේ කෝකටත් තෛලය පිළිතුරු සහ  අධ්‍යහනයෙන් තොර ප්‍රශ්න...

ගැහැනු ලෙයට බදු නොගසනු!

කුසගින්න, පිපාසය හුස්ම ගැනීම යනු මිනිසාට පාලනය කළ නොහැකි...

ඉතාලිය උණුසුම් කළ ඔක්තෝම්බර් 30 වැඩ වර්ජනය

ඉතාලිය පුරා දහස් ගණනක් සිසුන් සහ කම්කරුවන් ඔක්තෝම්බර් 30...