පල්ලේගමට ඇප – නඩුවේදී පොලීසියේ වගකීම් විරහිතභාවය ගැනත් හෙළිවෙයි

බාල වයස්කාර දැරියකට බරපතල ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි රුපියල් ලක්ෂ 50 ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත මුදා හරින ලෙස හා විදෙස් ගමන් තහනමක් පනවන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබ තිබේ.

ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ‌‌ගෙන බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකාර හිමිනම අද (22) මෙලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමටයි කටයුතු කරනු ලැබුවේ.

කෙසේ නමුත්, අද පැවති නඩුවාරයේ දී පොලිස් විමර්ශකයන්ට චෝදනා රැසක් එල්ල කළ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනිය සහ නීති බලාත්මක කිරීමේ අධ්‍යක්ෂවරිය අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කරමින් පෙන්වා දෙනු ලැබුවේ, පොලිස් විමර්ශන අවසන් කියා නීතිපතිට යන ලද ගොනුව අසම්පූර්ණ බවයි.

එහි දී වීඩියෝ සාක්ෂි වශයෙන් ඇති සාක්ෂිය ඇතුළත් කර නොමැති බවත්, ඩීඑන්ඒ විමර්ශන අසම්පූර්ණ බව පෙන්වා දෙනු ලැබූ අතර, දැරිය මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇතුළත් කළයුතු චෝදනා ද චෝදනා පත්‍ර වෙත ඇතුළත් කර නොමැති බව ද පෙන්වා දී තිබේ.

එහි දී මේ සම්බන්ධ විමර්ශන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත මාරුකරන ලෙස ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනිය විසින් වැඩිදුරටත් අධීකරණය හමුවේ ඉල්ලා සිටිනු ලබා තිබේ.

Share post:

Popular

More like this
Related

22ට එරෙහි පෙත්සම් අහන්න සම්පූර්ණ විනිසුරු මඩුල්ලක ඉල්ලීම ඉවතට

විසි දෙවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාලව ඉදිරිපත් කර...

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..!

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මූදුබත් වීමේ සිදුවීමට අදාලව, නැව් සමාගමෙන්...

ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ආදායම් බදු අයකර ගැනීමට එරෙහිව පෙත්සමක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් බදු අය කරගැනීමේ අරමුණින්...