ලැජ්ජාවක් නැති හිටපු ක්‍රීඩා ඇමති නාමල්ගෙන් නෙත්මිට සුබ පැතුම්

මල්ලවපොර ක්‍රීඩා ඉසව්ව තුළින් ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දීමට සමත් වූ නෙත්මි අහිංසාට ආසන්න කාලය තුළ ක්‍රීඩා ඇමතිවරයා ලෙස කටයුතු කළ නාමල් රාජපක්ෂ ට්වීටර් පණිවිඩයක් තබා සුබ පැතුම් එකක්කර තිබීම ගැන බොහෝ පිරිසක් විරෝධය පළකරමින් සිටියි.

බර පන්ති දෙකක් නියෝජනය කරමින් වෙල්පැල්ල සංඝරතන මහා විද්‍යාලයේ දරුවන් දෙදෙනෙක් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලියට සුදුසුකම් ලබා තිබේ. මෙම සුදුසුකම් ලැබීම පිටුපස මෙම දරුවන්ගේ සහ ඔවුන්ගේ පුහුණුකරුගේ උත්සාහය සහ කැපවීම පමණක් තිබී ඇත. වාර්තා වෙන අන්දමට ඔවුන්ට පුහුණුවීමට පවා ස්ථානයක් තිබී නොමැත. යන්තමින් අටවගත් මඩුවක ඔවුන් පුහුණුවීම් සිදුකර තිබේ. පුහුණුකරු සුරංග කුමාර තමන්ගේ පෞද්ගලික මුදල් පවා වියදම් කරමින් මේ ක්‍රීඩිකාවන් වෙනුවෙන් වෙහෙස මහන්සි වී තිබේ. එසේම ක්‍රීඩිකාවන් සඳහා අවශ්‍ය අතිරේක පෝෂණ මිලදී ගැනීමට මුදල් නොමැති නෙත්මිලා ඇතැම් දිනවල ආහාර ලෙස ගත්තේ අල, බතල බවද ඔවුන්ගේ සමීපතමයන් පවසමින් සිටියි. එවැනි දුෂ්කර කොන්දේස් යටතේ පුහුණුවෙමින් ඔවුන් රට වෙනුවෙන් ජයග්‍රහණ ගෙන එමින් සිටියි.

එහිදී එම ජයග්‍රහණ වෙනුවෙන් කිසිදු මැදිහත්වීමක් නොකළ නාමල් රාජපක්ෂලා කිසිදු හිරිකිතයකින් තොරව නෙත්මිලාට සුබ පතමින් සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

සංවර්ධනය වෙමින් පවතී රට 

වාරිමාර්ග බලධාරීන් සහ එළුවන්කුලම එකමුතු ගොවි සමිතිය එකමුතුව එක්ව විල්පත්තුව...

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...