එක තැනක විකුණාගත නොහැකි එළවළු ය. අනෙක් තැන, කන්නට නැති මිනිසුන්ය

දඹුල්ල එළවළු තොගවලින් වැසී යයි. කිලෝවක් රු. 20 හෝ විකුණන්නට බෑ.

මේ වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු කිරීමට හෝ නොහැකිව ලොරි රථ 780 ක් මග දෙපස නවතා ඇත. එයට වැඩි ප්‍රමාණයක් ආර්ථික මධ්‍යස්ථාන ඇතුළේය. තක්කාලි ඇතුළු එළවළු වර්ග 8 ක මිල රු. 20 ට වැඩි නොවේ. එළවළු රුගෙන ආ අති විශාල පිරිසක් මේ වන විට දඹුල්ලේ තැන තැන සිටී. මේ අය කොරෝනා වාහකයින් බවට පත්වීම බරපතල ඛෙදවාචකයක ආරම්භයක් විය හැකිය.

බස්නාහිර, වයඹ, දකුණ හා නැගෙනහිර පළාත් හි මේ වන විට දැඩි එළවලු හිගයක් පවතී. ඊයේ කැප්පෙටිපොල හා බණ්ඩාරවෙල ආර්ථික මධ්‍යස්ථානවල බෝංචි රු. 80 – 110 මිලකට විකිණී ඇත. බණ්ඩාරවෙල තොග පොලට ලොරි 1100+ ක් පැමිණ ඇත. තක්කාලි රු. 85 ක 50 – සිට 85 ට බණ්ඩාරවෙල දී විකුණා ඇත. අද දඹුල්ලේ රු. 20 ට තක්කාලි විකිණිය නොහැකිය. හගුරන්කෙත – වලපනේ – නුවරඑළිය එළවළු ද ඊයේ සවස දක්වා ම විකුණා ගැනීමේ අපහසුවක් තිබුණේ නැත. අද වන විට එළවළු සුලබ බදුල්ල, යාපනය, රත්නපුර (ඇඹිලිපිටිය), ප්‍ර දේශවලින් කෙළින්ම එළවළු අවශ්‍ය කළුතර, ගම්පහ, ගාල්ල, කොළඹ, මාතර, කුරුණෑගල, පුත්තලම ප්‍රදේශ වෙත යැවීමට යාන්ත්‍රණය සකස් නොවේ නම්, එය දැවැන්ත විනාශයකට හේතු වනු ඇත.

එක තැනක විකුණාගත නොහැකි එළවළු ය. අනෙක් තැන, කන්නට නැති මිනිසුන්ය. තවත් තැනෙක මුදලට හෝ එළවළු නැති තැන් ය. අප සියල්ල කලමනාකරණය කර ගත නොහැකි මිනිසුන් පිරිසක් බවට පත්වෙමින් ඇත.

‍ඡායාරූපය කෙසෙල් කැන රු. 60 යි.

 

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...