Breaking News

එක තැනක විකුණාගත නොහැකි එළවළු ය. අනෙක් තැන, කන්නට නැති මිනිසුන්ය

රජිත් කීර්ති තෙන්කෝන්

දඹුල්ල එළවළු තොගවලින් වැසී යයි. කිලෝවක් රු. 20 හෝ විකුණන්නට බෑ.

මේ වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු කිරීමට හෝ නොහැකිව ලොරි රථ 780 ක් මග දෙපස නවතා ඇත. එයට වැඩි ප්‍රමාණයක් ආර්ථික මධ්‍යස්ථාන ඇතුළේය. තක්කාලි ඇතුළු එළවළු වර්ග 8 ක මිල රු. 20 ට වැඩි නොවේ. එළවළු රුගෙන ආ අති විශාල පිරිසක් මේ වන විට දඹුල්ලේ තැන තැන සිටී. මේ අය කොරෝනා වාහකයින් බවට පත්වීම බරපතල ඛෙදවාචකයක ආරම්භයක් විය හැකිය.

බස්නාහිර, වයඹ, දකුණ හා නැගෙනහිර පළාත් හි මේ වන විට දැඩි එළවලු හිගයක් පවතී. ඊයේ කැප්පෙටිපොල හා බණ්ඩාරවෙල ආර්ථික මධ්‍යස්ථානවල බෝංචි රු. 80 – 110 මිලකට විකිණී ඇත. බණ්ඩාරවෙල තොග පොලට ලොරි 1100+ ක් පැමිණ ඇත. තක්කාලි රු. 85 ක 50 – සිට 85 ට බණ්ඩාරවෙල දී විකුණා ඇත. අද දඹුල්ලේ රු. 20 ට තක්කාලි විකිණිය නොහැකිය. හගුරන්කෙත – වලපනේ – නුවරඑළිය එළවළු ද ඊයේ සවස දක්වා ම විකුණා ගැනීමේ අපහසුවක් තිබුණේ නැත. අද වන විට එළවළු සුලබ බදුල්ල, යාපනය, රත්නපුර (ඇඹිලිපිටිය), ප්‍ර දේශවලින් කෙළින්ම එළවළු අවශ්‍ය කළුතර, ගම්පහ, ගාල්ල, කොළඹ, මාතර, කුරුණෑගල, පුත්තලම ප්‍රදේශ වෙත යැවීමට යාන්ත්‍රණය සකස් නොවේ නම්, එය දැවැන්ත විනාශයකට හේතු වනු ඇත.

එක තැනක විකුණාගත නොහැකි එළවළු ය. අනෙක් තැන, කන්නට නැති මිනිසුන්ය. තවත් තැනෙක මුදලට හෝ එළවළු නැති තැන් ය. අප සියල්ල කලමනාකරණය කර ගත නොහැකි මිනිසුන් පිරිසක් බවට පත්වෙමින් ඇත.

‍ඡායාරූපය කෙසෙල් කැන රු. 60 යි.

 

leave a reply