සිවිල් අයිතිවාසිකම් හා මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී චිරන්ත අමරසිංහ මැයි 7 වන දින විශේෂ පැමිණිල්ලක් සිදු කරා පොලිස් මුලස්‌ථානයට මීගමුවේ හා වැල්ලවත්තේ සිහිපත් කිරීම් කොටි නැගිටීමක් සැමරීමක් කියා බොරු කියා ජනතාව නොමඟ යැවීමට උත්සාහ කළ අන්තවාදයට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසට.
මාධ්‍ය වෙත අදහස් දැක්වූ චිරන්ත අමරසිංහ අසා සිටියේ සිංහල මිනිස්සුයි දෙමළ මිනිස්සුයි එකට එක්ව සාකච්ඡා කරන තැනක් කොටි නැගිටින තැනක් වෙන්නේ කොහොමද කියන එකයි . , එහිදී මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට පිළිතුරු සපයමින් ඔහු ප්‍රකාශ කළේ වර්තමාන අන්තවාදී ක්‍රියාකාරිත්වය පිටුපස සිටින්නේ පොහොට්ටුව බවයි .