Breaking News

ආර්ථික ඝාතකයන් ආර්ථික ඔස්තාර්ලා බවට රූපාන්තරණය වීම

ගෝලීය දේශපාලන වෙනස්වීම්වල වාසිය වහාම ජනතාවට දිය යුතු බවට සහ බදු ප්‍රතිපත්තියේ අසාධාරණත්වය නිවැරදි කරන ලෙසට හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමින් විකල්ප යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

වර්තමාන රජයේ ආර්ථික කළමනාකරණය, බදු ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල දත්ත කෙරෙහි දැඩි විවේචනයක් එල්ල කරමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ආර්ථික සහන කඩිනම් කිරීම සඳහා වන යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇති බවද ගෝලීය දේශපාලන ප්‍රවණතා සහ දේශීය බදු ක්‍රමයේ ඇති අසමතුලිතතාවයන් මෙහිදී ප්‍රධාන අවධානයට ලක්ව ඇති බවද වාර්තාවේ.

මෙහි ඇති උපහාසජනක කාරණය වන්නේ මීට පෙර සිටි ආණ්ඩුවල සිටිමින් මුදල් ඇමති ධූරය පවා දරමින් පසුගිය සමයේ ඇතිවූ ආර්ථික අර්බුදය ඇතිකිරීමට දායක වූ රවී කරුණානායක දැන් පැමිණ ආර්ථිකය නිවැරදි දිශාවට ගන්නේ කෙසේද යන්න ගැන උපදෙස් දීමයි.

රවී කරුණානායක යනු ආර්ථික අර්බුදයන්ට ඍජුව වගකිව යුත්තෙක් පමණක් නොව වංචා දූෂණ චෝදනා එල්ල වූ හිටපු ඇමතිවරයෙකි. මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සිදුවූ 2015 පෙබ. 27 වනවිට ඔහු මුදුල් ඇමතිවරයායි. එම ආන්දෝලනාත්මක ගනුදෙනුවට අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධ බවත් එම ගනුදෙනුවෙන් ඔහුගේ බෑනා වූ අර්ජුන් ඇලෝසියස් අයථා මුදල් ඉපයූ බවටත් චෝදනා එල්ල විය. එසේ චෝදනාවට ලක්වූවන්ගෙන් රවී කරුණානායක මුදල් ඇමතිවරයා ලෙස මසකට රු. ලක්‍ෂ 14.5 බැගින් ගෙවල් කුලිය ලබාගෙන තිබෙන බව පරීක්ෂණවලදී හෙළිවිය.

එමෙන්ම ජනාධිපති කොමිසමේදී හෙළිදරව් වූවේ අර්ජුන මහේන්ද්‍රන් වෙත රවී කරුණානායක මුදල් ඇමතිවරයා ලෙස දින රහිත ලිපියකින් මුදල් අවශ්‍ය බව දන්වා තිබු බවයි. රවී කරුණානායක සිය ඇමතිධුරය අර්ජුන් ඇලෝසියස් බේරා ගැනීම වෙනුවෙන් උපයෝගී කරගත් බවට එය සාක්‍ෂියකි. ඒ වගේම රවී කරුණානායක ඔහු සිටි කුලී නිවස රු. ලක්‍ෂ 1650ක් දී මිලට ගෙන තිබුණි. ඒ සඳහා ලබාගත් මුදල කිසිදු ලියකියවිල්ලකින් තොරව බැංකුවේ ආරක්‍ෂක සේප්පුවක තැන්පත් කර තිබූ අතර අවම වශයෙන් සේප්පුවක තැන්පත් කළ බවට රිසිට් පතක් හෝ නොමැතිවිය. එම නිසා රවී කරුණානායකට එරෙහිව අල්ලස් පනත යටතේත් අපරාධ පනත යටතේත් මුදල් විශුද්ධිකරණය යටතේත් චෝදනා එල්ල වී තිබුණි.

leave a reply