බාල වයස්කාර පිරිමි දරුවන්ව ලිංගික අපයෝජන සඳහා යොදාගෙන එකී අපයෝජන අවස්ථා ඇතුළත් වීඩියෝ දර්ශන විදේශ රටවලට විකිණීමේ ජාවාරමක නිරත වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය මඟින් අත්ඩංගුවට ගත් පන්නිපිටියේ දෙපානම රියැලිටි වැඩසටහන් නිර්මාණකරුවෙකු වූ නිරන්ත එදිරිසිංහ මාස කීපයක් රිමාන්ඬ්භාරයේ සිට නිදහස් වී ඇත. ඔහුට මෙතෙක් නඩු පවරා නොමැත.
නිරන්ත එදිරිසිංහ විසින් උපක්‍රමශීලීව බාලවයස්කාර පිරිමි දරුවන්ව ලිංගික අපයෝජන කටයුතු සඳහා යොදවාගෙන එම සිද්ධීන් වීඩියෝ ගත කර විදේශ රටවලට අලෙවි කර මුදල් ලබාගන්නා බවට ලද තොරතුරකට අනුව කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුමිත් ගුණරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සැකකාර පුද්ගලයාව අත්ඩංගුවට ගන්නා ලද අතර මොහුව අත් අඩංගුවට ගන්නා විට මොහුගේ පන්නිපිටියේ නිවසේ අල්මාරියක තිබී දරුවන්ගේ දර්ශන ඇතුළත් අසභ්‍ය සීඩී තැටි 130 ක් පමණ පොලිසිය විසින් සොයා ගන්නා ලදි. අත් අඩංගුවට ගස් සීඩී තැටි වල දරුවන්ට පාසල් නිල ඇඳුම් අන්දවා අසභ්‍ය ආකාරයට රූපගත කල දර්ශන මෙන්ම ළමුන් ගේ පූර්ණ නිරුවත් දර්ශනද තිබී ඇත.
මූලික පරීක්‍ෂණ වලදී හෙළිවී ඇත්තේ නිරන්ත එදිරිසිංහ විසින් මෙම ළමා කාම වීඩියෝ ජාවාරම වසර ගණනාවක් පුරා සිදු කොට ඇති බවත් ඒ සඳහා ඕස්ට්‍රේලියාවේ සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු වන හේවා ජයසිංහලාගේ උපුල් කුමාර නොහොත් උපුල් හේවා ද සහාය දී ඇති බවත් ය. මොවුන් දෙදෙනා එකතු වී බාලවයස්කාර ළමුන් ගේ අසභ්‍ය වීඩියෝ චිත්‍රපට ඕස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ සහ යුරෝපයේ සිටින කාමාතුරයන්ට විකුණා විශාල ලෙස මුදල් උපයාගෙන තිබේ. පොලිසිය පවසන පරිදි නිරන්ත එදිරිසිංහ විසින් අපයෝජනයට ලක් කර ඇති දරුවන් ප්‍රමාණය 20 දෙනෙකුට අධික බවත් ඔවුන් සියලු දෙනාම වයස අවුරුදු 8-12 අතර වයසේ පසුවන බවත් සඳහන් වෙයි. පන්නිපිටියේ දෙපානම රියැලිටි වැඩසටහන් නිර්මාණකරුගේ මිතුරෙකු වන මෙම වෛද්‍යවරයා මීට වසර ගණනාවකට ඉහතදී මහනුවර ශික්‍ෂණ රෝහලේදී නව හැවිරිදි පිරිමි ළමයෙකුට ලිංගික අපයෝජනයක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබුවෙකි. ඒ සිද්ධියෙන් පසු ඔහු විදේශ ගතවී ඇත.
නිරන්ත එදිරිසිංහළමා අපයෝජන පිළිබඳ සිද්ධියේදී නීතිය ක්‍රියාත්මක වීම මන්දගාමී බව පෙනී යයි. සැකකරුවන් විසින් බලගතු දේශපාලකයන් හරහා පරීක්‍ෂණ වලට බාධා පමුණුවා ප්‍රබල සාක්‍ෂි යටපත් කරන ලද අතර මෙම ළමා අපයෝජන සිද්ධිය පිලිබඳව පරීක්‍ෂණ කරමින් සිටි කොල්ලුපිටිය පොලිසියේ ළමා හා කාන්තා අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක වරුණි බෝගහවත්තව මාරු කර දමා විමර්ශණය අඩපණ කරන ලදි. නිරන්ත එදිරිසිංහ ළමා අපයෝජන පිළිබඳ සිද්ධියේදී පෙනී යන්නේ දූෂිත නිලධාරීන් විසින් අපයෝජකයන්ට ගැලවී යාම සඳහා දොරටු විවෘත කොට තිබෙන බවයි.
ගාමිනී විතාණ






