ගෝඨාභයගේ ‘අනේ මාව බේරගන්න’ ඉල්ලීමට තීන්දුව ලබාදීම කල් යයි

පාස්කු ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළ විමර්ශන සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම හෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම ජූනි 24 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද (18) නියම කර තිබේ.

මෙම පෙත්සම ඊයේ දින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එහිදී විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව දැනුම් දී තිබේ. ඒ අනුව, පෙත්සම සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු සරත් දිසානායක යන අයගෙන් සමන්විත නව විනිසුරු මඩුල්ලක් හමුවේ යළි කැඳවීමට තීරණය විය.

අධිකරණය හමුවේ කරුණු දැක්වූ පෙත්සම්කාර හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා , සිය සේවාදායකයා ඕනෑම මොහොතක අත්අඩංගුවට පත්වීමේ අවදානමක් පවතින බැවින් එය වළක්වමින් වහාම අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා තිබේ.

නීතිඥ සනත් විජේවර්ධන මාර්ගයෙන් ගොනුකර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු පිරිසක් නම් කර ඇත.

ත්‍රස්ත පනත හිතූ හිතූ හැටියට යොදාගත් ගෝඨාභයලාට දැන් එම පනතම පාරා වළල්ලක් වී තිබේ. එපමණක් නොව පාස්කු ප්‍රහාරයේ චෝදනාවලින් තමන්ට ගැලවීමට නොහැකි බව ගෝඨාභයලා කවදාවත් නොසිතන්නට ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...