චෙම්මනි – ලංකාවේ විශාලතම සමූහ මිනීවළ වෙයි

චෙම්මනී සමූහ මිනී වළ කැණීම් ඊයේ(17) ස්ථානයෙන් තවත් මිනිස් අස්ථි ඇටසැකිලි 14ක් හඳුනාගෙන තිබූ අතර, මෙම සොයාගැනීමත් සමඟ, කැණීම් කළ අදියර තුන තුළ මිනිස් ඇටසැකිලි 380ක් හඳුනාගෙන ඇති අතර, එයින් මිනිස් ඇටසැකිලි 362ක් සම්පූර්ණයෙන් ගොඩ ගොඩගෙන ඇත.

මේ අනුව මෙය ලංකාවේ හමුවූ විශාලතම සමූහ මිනී වල බවට පත්වේ. ඊයේ වනවිට ගෙවී තිබුනේ චෙම්මනී සමූහ මිනී වළ කැණීම් 3 වන අදියර යටතේ 27 වන දිනයයි.

සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු උතුරු පළාතේ ස්ථාන කිහිපයකින් සමූහ මීනී වළවල් හමුවූ අතර, අදාළ ස්ථානවල කැණීම් කටයුතු විටින් විට සිදු කෙරිණි.

2013 වසරේදී මන්නාරම, තිරුකේදීශ්වරන් ප්‍රදේශයෙන් සමූහ මීනී වළක් හමුවූ අතර, අදාළ සමූහ මීනී වළෙන් මිනිස් සිරුරු 88කට ආසන්න ගණනකට අයත් අස්ථි කොටස් ගොඩ ගැනිණි.

ඉන් අනතුරුව මන්නාරම, පැරණි සතොස ගොඩනැගිල්ල ආසන්නයෙන් සමූහ මීනී වළක් 2018 වසරේ මතු කර ගත් අතර, ඒ තුළින් මිනිස් සිරුරු 342ක අස්ථි කොටස් ගොඩගැනිණි. 2018 මාර්තු 26 වන දා සිට 2019 මාර්තු 7 දක්වා සමූහ මීනී වළ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීය.

මන්නාරම සමූහ මීනී වළ සම්බන්ධයෙන් ඇමෙරිකානු රසායනාගාර තුළ කාබන් පරීක්ෂාවන් සිදුකළ අතර, එහිදී අනාවරණය වූයේ අදාළ අස්ථි කොටස් වර්ෂ 1450ත් 1650ත් අතර කාලයකට අයත් බව ය.

මන්නාරම සමූහ මීනී වළ පිළිබඳ පරීක්ෂණයන්ගෙන් අනතුරුව මුලතිව්, කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් සමූහ මීනී වළක් හමුවූ අතර, 2023 ජූනි 29 වන දා සමූහ මීනී වළ සම්බන්ධයෙන් වාර්තා විය. 2024 ජූලි 15 වන දා දක්වා කොක්කුතුඩුවායි සමූහ මීනී වළ සම්බන්ධයෙන් කැණීම් සිදුකරනු ලැබීය.

එහිදි මිනිස් සිරුරු 52 කට අදාළ අස්ථි කොටස් මතු කර ගත් අතර, අදාළ සමූහ මීනී වළ 1994 හා 1996 දක්වා කාලයකට අයත් විය හැකි බවට කැණීම් නිලධාරීහු නිගමනය කර තිබේ.

උතුරේ මෙන්ම දකුණේ සමූහ මිනී වළවල් බොහෝ ප්‍රමාණයක් හමුවී ඇතත් ඒවා මිහිදන් වූවන් වෙනුවෙන් යුක්තිය ඉටුකිරීම මෙතෙක් සිදුවී නැත.

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...