කරල් කඩා ගන්න එක පමණයි ගොවි මහත්තුරුන්ට ඉතිරිවෙන්නෙ

හම්බන්තොට සූරියවැව  බැදිගංතොට ගම්මානය කෘෂි ව්‍යවසායක ගම්මානයක් බවට පරිවර්තනය කරමින් විවෘත කිරීමේ උත්සවය පසුගියදා පවත්වනු ලැබූවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර එහි ප්‍රධාන අමුත්තා විය .හම්බන්තොට දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 5000 ක  ඉදිරි මහ කන්නයේදී බඩඉරිගු වගා කිරීමට පියවර ගන්නා බව ඔහු එහිදී ප්‍රකාශ කරනවා. එපමණක්ද නොව මේ වගා කටයුතු සඳහා රජය සම්පූර්ණ සහය ලබාදෙන බවත් ගොවියන්ට ඉතිරිවන්නේ කරල් කඩා ගැනීම පමණක් බවත් මේ කෘෂිකර්ම ඇමැතිවරයා කටේ දිවේ ගැවෙන්නේ නැතිව ජනතාව ඉදිරියේ  බේගල් ඇද බානවා.

කෘෂිකර්ම ඇමතිවරයාගේ  ප්‍රරකාශනයට අනුව නම් බිම් සැකසීමේ සිට බඩ ඉරිඟු කරල කඩාගන්න මොහොත දක්වා සියලු දේවල්  සඳහා යන වියදම් දරන්නේ රජය විසින් .  බඩඉරිඟු ගොවිතැනට ඉදිරිපත් වන ගොවි මහතුන්ට ඉතිරිවන්නේ  නොමිලේ බඩ  බඩ ඉරිඟු ඵලදාව නෙළා ගැනීම පමණයි.

මේ කෘෂිකර්ම ඇමතිවරයාම වී ගොවිතැන සම්බන්ධයෙන් මෙවැනිම සුරංගනාකතා පහුගිය කාලය පුරාවට  ප්‍රකාශ කරනු ලැබුවා. පොහොර ටික නොමිලේ දෙන බව කිව්වා. පොහොර හිඟයකින් තොරව ලබා ගැනීමට කාඩ්පත් නිකුත් කරනවා කිව්වා.  ගොවි මහතුන්ට අමතර ආදායමක් ලබාගන්න මතර කන්නයක් වගා කරන්න අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරලා දෙනවා කිව්වා. මේ  විදිහට බොහොම කතන්දර මේ කෘෂිකර්ම ඇමැතිවරයා ගොවිජනතාව ඇන්ඳීම සඳහා ප්‍රකාශ කරනු ලැබුවා. හැබැයි අද වී ගොවිතැනට අත්වෙලා තියෙන ඉරණම  වී ගොවිතැනේ නියැලෙන ගොවි මහතුන් සමග කතා කළ විට අපට පැහැදිලි කරගත හැකියි.

මේ දේශපාලකයන් ජනතාවට බලාපොරොත්තු දෙමින් මේ සිද්ධ කරමින් සිටින්නේ කුමක්ද යන්න ජනතාව පැහැදිලි කරගත යුතුයි.  මේ කරමින් සිටින්නේ ඉදිරි මැතිවරණය සඳහා ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය බව පැහැදිලියි.  මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවයක් වන  බඩගින්න මොවුන් ඉතාමත් කැත විදිහට  පාවිච්චි කරමින්  තමන්ට එල්ල වී තිබෙන ජනතා විරෝධය මැඩ පවත්වන්නට  පක්‍රමශීලීව කටයුතු කරමින් ඉන්නවා.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...