කරල් කඩා ගන්න එක පමණයි ගොවි මහත්තුරුන්ට ඉතිරිවෙන්නෙ

හම්බන්තොට සූරියවැව  බැදිගංතොට ගම්මානය කෘෂි ව්‍යවසායක ගම්මානයක් බවට පරිවර්තනය කරමින් විවෘත කිරීමේ උත්සවය පසුගියදා පවත්වනු ලැබූවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර එහි ප්‍රධාන අමුත්තා විය .හම්බන්තොට දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 5000 ක  ඉදිරි මහ කන්නයේදී බඩඉරිගු වගා කිරීමට පියවර ගන්නා බව ඔහු එහිදී ප්‍රකාශ කරනවා. එපමණක්ද නොව මේ වගා කටයුතු සඳහා රජය සම්පූර්ණ සහය ලබාදෙන බවත් ගොවියන්ට ඉතිරිවන්නේ කරල් කඩා ගැනීම පමණක් බවත් මේ කෘෂිකර්ම ඇමැතිවරයා කටේ දිවේ ගැවෙන්නේ නැතිව ජනතාව ඉදිරියේ  බේගල් ඇද බානවා.

කෘෂිකර්ම ඇමතිවරයාගේ  ප්‍රරකාශනයට අනුව නම් බිම් සැකසීමේ සිට බඩ ඉරිඟු කරල කඩාගන්න මොහොත දක්වා සියලු දේවල්  සඳහා යන වියදම් දරන්නේ රජය විසින් .  බඩඉරිඟු ගොවිතැනට ඉදිරිපත් වන ගොවි මහතුන්ට ඉතිරිවන්නේ  නොමිලේ බඩ  බඩ ඉරිඟු ඵලදාව නෙළා ගැනීම පමණයි.

මේ කෘෂිකර්ම ඇමතිවරයාම වී ගොවිතැන සම්බන්ධයෙන් මෙවැනිම සුරංගනාකතා පහුගිය කාලය පුරාවට  ප්‍රකාශ කරනු ලැබුවා. පොහොර ටික නොමිලේ දෙන බව කිව්වා. පොහොර හිඟයකින් තොරව ලබා ගැනීමට කාඩ්පත් නිකුත් කරනවා කිව්වා.  ගොවි මහතුන්ට අමතර ආදායමක් ලබාගන්න මතර කන්නයක් වගා කරන්න අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරලා දෙනවා කිව්වා. මේ  විදිහට බොහොම කතන්දර මේ කෘෂිකර්ම ඇමැතිවරයා ගොවිජනතාව ඇන්ඳීම සඳහා ප්‍රකාශ කරනු ලැබුවා. හැබැයි අද වී ගොවිතැනට අත්වෙලා තියෙන ඉරණම  වී ගොවිතැනේ නියැලෙන ගොවි මහතුන් සමග කතා කළ විට අපට පැහැදිලි කරගත හැකියි.

මේ දේශපාලකයන් ජනතාවට බලාපොරොත්තු දෙමින් මේ සිද්ධ කරමින් සිටින්නේ කුමක්ද යන්න ජනතාව පැහැදිලි කරගත යුතුයි.  මේ කරමින් සිටින්නේ ඉදිරි මැතිවරණය සඳහා ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය බව පැහැදිලියි.  මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවයක් වන  බඩගින්න මොවුන් ඉතාමත් කැත විදිහට  පාවිච්චි කරමින්  තමන්ට එල්ල වී තිබෙන ජනතා විරෝධය මැඩ පවත්වන්නට  පක්‍රමශීලීව කටයුතු කරමින් ඉන්නවා.

Share post:

Popular

වෙනත් පුවත්

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...