අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ (අවිශිබම) හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ 2022 වසරේදී අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවා තබා ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) තීන්දු කර තිබේ.
මෙහිදී ඔහුගේ ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට අමතරව විශේෂයෙන්ම සමානාත්මතාවයේ අයිතිය සහ නීති විරෝධීව අත්අඩංගුවට පත් නොවී සිටීමට ඇති අයිතිය උල්ලංඝනය වී ඇති බවට තීරණය කරන ලදී.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ආචාර්ය සෝභිත රාජකරුණා විසින් ප්‍රකාශයට පත් කරන ලද නඩු තීන්දුවේදී කිසිදු සාධාරණ හේතුවකින් තොරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතා කරමින් පුද්ගලයන්ගේ නිදහස සීමා කිරීම සම්බන්ධයෙන් මෙම නඩුවේ විනිස්චයකාර තුමන්ලා අවධානය යොමු කොට ඇත.
එසේම විරෝධතා පැවැත්වීම සහ උද්ඝෝෂණ කිරීම යනු භාෂණයේ ප්රකාශනයේ අයිතිය ක්‍රියාත්මක කිරීමක් වන බවත් මෙම සිදුවීමේදී වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සිදුකරනු ලබන්නේ ඔහු එකී අයිතිවාසිකම් ක්‍රියාවට නැගීමේදී සිදුවූ සිද්ධි මත පදනම බවත් කෙසේ නමුත් කිසිදු අපරාධමය ක්‍රියාවක් සම්බන්ධයෙන් සාධාරණ සැකයක් නොමැතිව ඉහත ආකාරයෙන් විධායකය කටයුතු කොට ඇති බව අධිකරණය තීරණය කරන ලදී.
මෙහිදී නීතිඥ නුවන් බෝපගේ සඳහන් කර ඇත්තේ මෙම නඩු තීන්දුව වසන්ත මුදලිගේගේ නිදහස වෙනුවෙන් සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට විරුද්ධව අරගල කරන සියලු බලවේගයන්ගේ ජයග්‍රහණයක් බවයි.
මෙකී නඩුවේදී වසන්ත වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ නීතිඥ තනුක නන්දසිරිපෙනී සිට තිබේ.






