අර්බුදයේ බර ජනතාව – අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළට

මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රවය රැසක මිල ඉහල යමින් පවතියි.

සීනි, පරිප්පු කිලෝවක තොග මිල රුපියල් දෙක තුනකින් වැඩි වී ඇතැයි අත්‍යවශ්‍ය පාරිභෝගික ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති නිහාල් සෙනෙවිරත්න පැවසීය.

බිත්තර මිල ද ඉහල ගොස් තිබේ.

පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යා හැකි බව වෙළඳ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහද අනතුරු අඟවා තිබුණි.#

“ශ්‍රී ලංකාවට අවශ්‍ය අර්තාපල් සැපයුමෙන් සියයට 80කට වඩා වැඩි ප්‍රමාණයක්, ළූණු සැපයුමෙන් සියයට 80ක් සහ පරිප්පු අවශ්‍යතාවයෙන් සියයට 100ක්ම පාහේ ආනයනය කරනු ලබනවා. එබැවින් මෙම භාණ්ඩවල මිල ඉහළ යා හැකියි. කෙසේ වෙතත්, අසාධාරණ ලෙස මිල ඉහළ දැමීම වැළැක්වීමට රජය උපරිමයෙන් කටයුතු කරනවා,” යැයි මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසීය.

නමුත් පසුගිය සමයේ කෙතරම් පාලන මිලක් පැවතුනත් ව්‍යාපාරිකයන් හිතූ හිතු ලෙස මිල ගණන් ඉහළ දැමීම සාමාන්‍යකරණය වී තිබේ. එහිදී රජය කිසිදු පියවරක් නොගැනීම බොහෝ පිරිසකගේ විවේචනයට ලක්විය.

ජනතාව පවසන්නේ මෙවරද ව්‍යාපාරිකයන් මිල ඉහළ දැමුවද ආණ්ඩුව කිසිදු පියවරක් ගනු නැති බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...