Breaking News

තනි කම්කරු නීතිය සම්මත කරද්දි ජවිපෙ සහෝදරවරුන්ට විරෝධයක් නැද්ද? 

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිව සිටිය කාලයේදී මනුෂ්‍ය නානායක්කාරය සම්මත කර ගැනීමට උත්සාහ දැරූ තනි කම්කරු නීතිය ක් ජනතා විරෝධය හමුවේ හකුලා ගන්න සිද්ධ උනා . මේ තනි කම්කරු නීතියට එදා ජනතා විමුක්ති පෙරමුණ සහ අද ආණ්ඩු බලය හොබවන ජාතික ජන බලවේගය ලෙස ඔවුන් ද දැඩි විරෝධතාවයක් දක්වමින් ඊට එරෙහිව විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබුවා. 

වර්තමාන ආණ්ඩුව අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය රටේ ජනතාව පත්කර ගනු ලබන්නේ මේ සියලු මර්දනකාරී දූෂිත අනපනත් අහෝසි කරලා යහපත් අනාගතයක් වෙනුවෙන් . දැන් අපට පෙනී යන්නේ ආණ්ඩුව ඉදිරියට ඉදිරියට ගමන් කරන්න සූදානම් වන්නේ රනිල් වික්‍රමසිංහ නැවතූ තැනින් බවයි . දිගින් දිගටම පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට ලබන අණ පනත් පෙර පාලන සමයන්වල කතා විරෝධය මත හකුලා ගනු ලැබූ අණ පනත් වීම විශේෂත්වයක් වෙනවා . ඒවට සංශෝධන ඉදිරිපත් කරනවා කිව්වද ඉදිරිපත් කරන සංශෝධන වුව ජනතාවාදී නොවීම ඛේද ජනකයි .

ජන අරගල සන්ධානය මේ තනි කම්කරු නීතිය පිළිබඳව අද මාධ්‍ය හමුවකදී අදහස් ප්‍රකාශ කළා . ඔවුන් එහිදී පෙන්වා දුන්නේ ආණ්ඩුවේ මේ හැසිරීම ට එරෙහිව ජනතාව නැගී සිටිය යුතු බවයි . 

leave a reply