ආණ්ඩුවේ නිදහස් අධ්‍යාපනය සම්බන්ධ ප්‍රතිපත්තිය මොකක්ද?

Date:

ආණ්ඩුව කෙකර නොගා නිදහස් අධ්‍යාපනය සම්බන්ධ තම ප්‍රතිපත්තිය ප්‍රකාශ කළ යුතු බව සෞඛ්‍ය සේවක මධ්‍යස්ථානයේ විධායක සභික ටැම්පිටියේ සුගතානන්ද හිමි පවසයි. පසුගියදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම හිමියන් පැවසුවේ කොතලාවල විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් විවිධ ඇමතිවරු විවිධ කතා සිදු කරමින් සිටින බවයි.

”ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය සංගම් ඇවිත් කියනවා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කරනවා කියලා. නමුත් අනිත් පැත්තෙන් NPP ආණ්ඩුව අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න දෙබිඩි පිළිවෙතක් ක්‍රියාත්මක කරනවා. අරුණ ජයසේකර නියෝජ්‍ය ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී කියනවා කොතලාවල වෛද්‍ය පීඨයට දේශීය සිසුන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය කරන්නේ නැහැ කියලා. 03වනදා සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස ප්‍රකාශයක් නිකුත් කරනවා රජයේ රෝහල්වල සීමාවාසික පුහුණුව සඳහා පහසුකම් ප්‍රමාණවත් නැහැ. ඒ නිසා මේ බඳවා ගැනීම් කරන්නේ නැහැ කියලා.

මේ ආණ්ඩුව මුලින්ම කොතලාවල විශ්ව විද්‍යාලය වෛද්‍ය උපාධිය ලක්ෂ 175ට විකුණනවා කියලා ප්‍රචාරය කළා. මේකට දැඩි විරෝධයක් මතු වුනා. මේ දැඩි විරෝධයක් ආවට පස්සේ මේ තීන්දුව අකුලගන්න ආණ්ඩුවට සිද්ධ වුනා. ලොකු සාකච්ඡාවක් මේ සම්බන්ධයෙන් ඇවිල්ලා පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් කියන්න බැරි නිසා නලින්ද ජයතිස්ස ඉඩ මදි කියන ප්‍රකාශය ගෙනහැර දක්වමින් වෛද්‍ය උපාධිය විකුනන්නේ නැත්තේ මේ නිසා කියලා තර්කයක් හදන්න උත්සාහ කරමින් ඉන්නවා.

මෙතන තියෙන අවුල තමයි වසර 40ට වැඩි කාලයක් තිස්සේ මේ රටේ අධ්‍යාපන පෞද්ගලිකරණයට එරෙහිව ජීවිත සියගණනක් නැති වෙලා තියෙනවා. එක වෙලාවක ජනතා විමුක්ති පෙරමුණ නිදහස් අධ්‍යාපන සටනේ ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කරා. ”

Share post:

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...