රටේ පාලනයට අදාළ බලය නිර්මාණය කරගන්නා මැතිවරණ දෙකම නිමාවට පත් වී තිබේ . ජනාධිපතිවරණයේදී මාලිමාව කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව අනුර කුමාර දිසානායක අපේ රටේ වත්මන් ජනාධිපති බවට පත් කරන්න තමන්ගේ කතිරය පාවිච්චි කරනු ලැබුවා . ඉන් අනතුරුව තමන් ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළ වැඩ පිළිවෙළ සාර්ථක කරන්න අවශ්‍ය කරන පාර්ලිමේන්තු බලයක් ලබාදෙන්න කියලා ජනතාවගෙන් අනුර කුමාර දිසානායක කළ ඉල්ලීමට පිටු නොපා රටේ බහුතර ජනතාව අනුර කුමාර දිසානායකට තුනෙන් දෙකක බලයක් ඉක්මවා ගිය පාර්ලිමේන්තු ආසන ලබා දී තියෙනවා .
අනුර ඇතුළු මාලිමාව කෙරෙහි රටේ බහුතර ජනතාවක් විශ්වාසය තබා රට භාරදී තිබෙන මේ මොහොතේදී ඔවුන්ගේ වගකීම ලෙස වූ පොරොන්දු ඉටු කිරීමයි. බංකොලොත් වී තිබෙන රට ගොඩනැගීමයි.
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ දිවයිනේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මෙසේය.
ජාතික ජන බලවේගය – ඡන්ද සංඛ්‍යාව 6,863,186 – ආසන 159
සමගි ජන බලවේලය – ඡන්ද සංඛ්‍යාව 1,968,716 – ආසන 40
ඉලංකෙයි තමිල් අරසු කච්චි – ඡන්ද සංඛ්‍යාව 257,813 – ආසන 08
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ – ඡන්ද සංඛ්‍යාව 500,835 – ආසන 05
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ඡන්ද සංඛ්‍යාව 350,429 – ආසන 03
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය – ඡන්ද සංඛ්‍යාව 87,038 -ආසන 03
සෙසු පක්ෂ සහ කණ්ඩායම් කිහිපයක් එක් අපේක්ෂකයා බැගින් ජයග්‍රහණය කර තිබේ .