රිෂාඞ්ගේ සොහොයුරා හදිසියේම මුදාහැරීම සම්බන්ධයෙන් විශාල සැකයක් මතුවන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසා තිබෙනවා. වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමාණන් පවසන්නේ මේ මුදාහැරීම පිටුපස දේශපාලන ඩීල් එකක් තියෙනවා ද යන්න සැක සහිත බවයි.
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධව දැඩි චෝදනා ලැබ අත්අඩංගුවේ සිටින පුද්ගලයන් ධිකරණ ක්‍රියාවලියකින් තොරව හිටිහැටියේ නිදහස් කිරීමේ ප්‍රවණතාවක් අපි ඊයෙ පෙරේදා දැක්කා. මේ සම්බන්ධයෙන් පළමුවෙන් ම අපේ බලවත් ප්‍රසාදය සහ විමතිය පළ කරනවා. මේ මෑතක දී හදිසියේම නිදහස් කර යැවූ පුද්ගලයන් පිළිබඳව මුලින් කියන්නා වූ දේවල් සහ දැන් කියන්නා වූ දේවල් අතර පරස්පරයක් තියනවා. නිදහස් කර යැවූ එක් පුද්ගලයෙක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා කියූ දේවල් සාක්ෂි හැටියට අපි ළඟ තියෙනවා. ඒවා යම් ප්රවෘත්ති වලත් ගියා ඒ අනුව අපට පැහැදිලි වෙනවා මේ වල පරස්පරතා තිබෙන බව.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ ප්‍රකාශ කර සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩපිළිවෙළ පිළිබඳව ද සැකයක් මතුවන බවයි. මේ තුළ යම් ආකාරයක දේශපාලන ඩීල් එකක් තියෙනවද කියන සැකයකුත් උන්වහන්සේට මතුවී තිබෙන බව ප්‍රකාශ කර තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ වර්තමාන තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර තිබුණා.