නවසීලන්තය සහ ශ්‍රී ලංකාව එක්දින ගැටුම අද සිට

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක් දින තරගාවලිය නොවැම්බර් 13 වනදා  ආරම්භ වීමට නියමිතයි. තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරඟය දඹුල්ලේදී පැවැත්වෙන අතර ඉතිරි තරග දෙක පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තියනවා.එක් දින තරඟ තුනම දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වේ

20/20 තරගාවලිය එකට එකක් ලෙස සම තත්ත්වයෙන් නිමාවට පත් වූ අතර එම තරග දෙකම දිවා රාත්‍රී තරඟ ලෙස දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවැත්විය. විශේෂයෙන්ම දක්ෂතා අතර සිටි සහ දෙවන තරඟයේ කැපී පෙනෙන දස්කම් පෑ වනිදු හසරංග පාදයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් හෙට ආරම්භ වන එක් දින තරගාවලියට සහභාගි නොවෙන අතර අවසන් විස්සයි විස්ස තරඟයේදී ලකුණු 17 කට කඩුලු 4ක් දවාලන්නට සමත් විය.

වනිඳු හසරංග 2024 වසරේ එක්දින හා පන්දුවාර 20 ක්‍රිකට් ආකෘතිවල වැඩිම කඩුලුලාභි ක්‍රීඩකයා ද වෙයි. ඉනිම් 28කදී ලබාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 59කි.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...