නවසීලන්තය සහ ශ්‍රී ලංකාව එක්දින ගැටුම අද සිට

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක් දින තරගාවලිය නොවැම්බර් 13 වනදා  ආරම්භ වීමට නියමිතයි. තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරඟය දඹුල්ලේදී පැවැත්වෙන අතර ඉතිරි තරග දෙක පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තියනවා.එක් දින තරඟ තුනම දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වේ

20/20 තරගාවලිය එකට එකක් ලෙස සම තත්ත්වයෙන් නිමාවට පත් වූ අතර එම තරග දෙකම දිවා රාත්‍රී තරඟ ලෙස දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවැත්විය. විශේෂයෙන්ම දක්ෂතා අතර සිටි සහ දෙවන තරඟයේ කැපී පෙනෙන දස්කම් පෑ වනිදු හසරංග පාදයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් හෙට ආරම්භ වන එක් දින තරගාවලියට සහභාගි නොවෙන අතර අවසන් විස්සයි විස්ස තරඟයේදී ලකුණු 17 කට කඩුලු 4ක් දවාලන්නට සමත් විය.

වනිඳු හසරංග 2024 වසරේ එක්දින හා පන්දුවාර 20 ක්‍රිකට් ආකෘතිවල වැඩිම කඩුලුලාභි ක්‍රීඩකයා ද වෙයි. ඉනිම් 28කදී ලබාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 59කි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...