Tag: තිලිනා වීරසිංහ

  • ශ්‍රී ලංකා රජය හා සිංහල ජාතිවාදීන් දෙමළ ජනයාගේ මතකය මකා දමන්නට තවමත් වෑයම් කරනවා…

    ශ්‍රී ලංකා රජය හා සිංහල ජාතිවාදීන් දෙමළ ජනයාගේ මතකය මකා දමන්නට තවමත් වෑයම් කරනවා…

    දීපචෙල්වන් ප්‍රදීපන්ගේ කෘති හතරක් රේගුව රඳවා ගැනීමෙන් පසුව ඇතිවුණු විරෝධය සමනය කරගැනීම සඳහා ආණ්ඩුව කළේ විවිධ හේතු පාට ඉදිරිපත් කරමින් පොත් දෙකක් නිදහස් කිරීමයි . රඳවා තබාගෙන ඇති කෘති දෙක පිළිබඳව ඔවුන් කියන්නේ ඒවා ඔහුගේ සෘජු අදහස් ප්‍රකාශන නිසා සමාජගත කිරීමට හැකියාවක් නොමැති බවයි . අප දන්නා තරමට මේ කෘති දෙක තුළ සමාජය නොදත් අමුතු දෙයක් නොමැත . එහි ඇත්තේ රඳවා තබාගෙන ඇති කෘති දෙක මුද්‍රණය කරන්නට ප්‍රථම ප්‍රසිද්ධ මාධ්‍ය තුළ පළ වූ ලිපි සහ සම්මුඛ සාකච්ඡාවන්ය .

    ඉතින් මේ මතුව ඇති ගැටළුව සම්බන්ධයෙන් යම් කරුණු විමසීමක් කරන්න විවර අපි කල්පනා කළා . නිතරම ඇසෙන කතා කරන පොදුවේ ජනප්‍රිය ප්‍රශ්න ගැටළු වෙනුවට අප තෝරා ගන්නේ යම් දේශපාලන බරක් සහිත ප්‍රශ්න කිහිපයක් දීපචෙල්වන් ප්‍රදීපන් වෙත යොමු කර පිළිතුරු ලබා ගැනීමටයි.

    • දීපචෙල්වන්, ඔබ රාජ්‍ය වාරණයට ලක් වූ පළමු පුද්ගලයා නොවේ. මෑත ඉතිහාසය දෙස බලන විට ජෙයපාලන් නම් සාහිත්‍යවේදියා අප ඉදිරියේ පැහැදිලිව පෙනී සිටියි. සිංහල සමාජය පවා ගැඹුරින් කම්පා කළ ආකාරයෙන් වාරණයටත් මර්දනයටත් ලක් වූ දෙමළ සමාජය නියෝජනය කළ සාහිත්‍යමය චරිතයක් ඔහු. ඔහුගෙන් ඔබ දක්වා පැමිණි මෙම වාරණ දාමය කෙසේ සම්බන්ධ වී පැමිණියේදැයි පැහැදිලි කළ හැකිද?

    අතීතයේ බොහෝ නිර්මාණකරුවන් මෙලෙස සෘජුවත් වක්‍රවත්වත් වාරණයට මුහුණ දී තිබෙනවා. මාධ්‍ය හරහා අප දැනගත් වාරණයන්ට වඩා තමන්වම නිහඬ කරගත් බොහෝ දෙනෙකු මම දනිමි. ඉන්දියාවෙන් පැමිණි තමන්ගේ කාව්‍ය ග්‍රන්ථය සම්බන්ධයෙන් විමසීමට රේගුවටත් බුද්ධි අංශයටත් කැඳවනු ලැබූ මුස්ලිම් කාන්තා කිවිදියක් එදායින් පසු කවි ලිවීමම නතර කළා.

    වාරණය කියන්නේ ලේඛකයෙකු ඝාතනය කිරීමට සමාන මර්දනයක්. 2009 ජන සංහාරයෙන් පසු තම කවි හා කතා නැවත නොලියූ බොහෝ නිර්මාණකරුවන් උතුරු නැගෙනහිර සිටිනවා. ජෙයපාලන් තම නිර්මාණ හරහා සිංහල හා මුස්ලිම් ජනතාව සමඟ සංවාද කළ පුද්ගලයෙක්. අද මගේ බොහෝ නිර්මාණ සිංහලයටත් පරිවර්තනය වෙමින් පවතිනවා. මේ පසුබිම තුළයි මෙම වාරණය සිදුවී තිබෙන්නේ. මෙම වාරණය කියන්නේ දෙමළ ලේඛකයන් සිංහල ජනතාව සමඟ කතා නොකළ යුතු බවට පනවන විශාලතම බාධකයක් ලෙසයි මම සලකන්නේ.

    • රජය විසින් රඳවා තබා ඇති ඔබගේ පොත් නිදහස් කළ යුතුයැයි නැඟුණු හඬ අද බොහෝ අඩුවී තිබෙනවා. පොත් දෙකක් නිදහස් කළාම එම හඬ මැකී යාමට හේතුවක් වුණා විය හැකියි කියලා අපි හිතනවා. ඇත්තටම දැන් ඉතිරි පොත් දෙක ගැන ඔවුන් කියන්නේ මොනවාද?

    මගේ පොත් ගැටලුව මතු වූ විට සිංහල නිර්මාණකරුවන්, තරුණයන්, ක්‍රියාකාරීන් විශාල වශයෙන් හඬ නැඟුවා. මම ඉතාමත් මානසිකව කඩා වැටී සිටි අවස්ථාවක ඔවුන්ගේ සහයෝගය මට ලොකු බලාපොරොත්තුවක් ලබාදුන්නා. නමුත් ටික කලකින් මේ හඬ මැකී යන බව රජය දන්නවා. ඒක ස්වභාවික දෙයක්. පොත් දෙකක් නිදහස් කළාට පසුවත් ඉතිරි පොත් නිදහස් කළ යුතුයි කියලා බොහෝ දෙනා කතා කළා.

    අප්‍රේල් 30 වනදා මාතර හක්මන පැවති සාහිත්‍ය උළෙලේදීත් පොත් තහනම විශාල කතාබහක් වුණා. මැයි 23 කොළඹ පැවති “මුල්ලිවෛක්කාල් මතකයන් ඊළඟ පරපුරට” කියන අනුස්මරණ සංවාදයේදීත් මේ ගැන කතා වුණා. ඉතිරි පොත් දෙක නිදහස් කිරීම සම්බන්ධයෙන් සංස්කෘතික අමාත්‍යාංශය ආරක්ෂක අමාත්‍යාංශය වෙත ඇඟිල්ල දිගු කරනවා. නමුත් ආරක්ෂක අමාත්‍යාංශය කියන්නේ තමන්ට මේ ගැන සම්බන්ධයක් නැහැ කියලා.

    මගේ පොත් නිදහස් කරන්න කියා ඉල්ලීමක් කර මම අප්‍රේල් 24 වෙනිදා ජනාධිපතිතුමාටත් ලිපියක් යොමු කළා.එය යවා මාසකට වැඩි කලක් ගත වුනත් මට මේ දක්වා එය ලද බව දන්වා වත් පිළිතුරක් එවා නැහැ.

    එහෙත් මං තාමත් බලාපොරොත්තුවෙන් ඉන්නවා මගේ පොත් ඉක්මණින් නිදහස් කරාවි කියා.

    ජනාධිපතිවරයා මෑතකදී දකුණු ඉංදියාවේ “කම්බන්” සාහිත්‍යය උළෙලට සහභාගි වී දෙමළ කවියන්ට තව තවත් ප්‍රභල කවි ලියන්න කියා.

    • ඔබ මේ පොත් ශ්‍රී ලංකාවේම මුද්‍රණය කර තිබුණා නම් මෙවැනි වාරණයකට ලක් නොවී සිටීමට ඉඩ තිබුණා විය හැකියි. ශ්‍රී ලාංකික දෙමළ ලේඛකයන් ඉන්දියාවේ පොත් මුද්‍රණය කිරීමට පෙළඹෙන්නේ ඇයි ?

    යුද්ධය දැඩිව පැවති කාලයේ මගේ පළමු කෘතිය ඉන්දියාවේ ප්‍රකාශයට පත් වුණා. මගේ සියලුම පොත් එහිම ප්‍රකාශයට පත් වුණා. ශ්‍රී ලංකාවේ දෙමළ පොත් මුද්‍රණයට තර්ජන තිබීමත්, අඩු වියදමින් ගුණාත්මක මුද්‍රණයක් ලබාගත හැකි වීමත්, බොහෝ දෙමළ පාඨකයන් එහි සිටීමත්, එතැනින් ලෝකයේ වෙනත් රටවලට පහසුවෙන් පොත් යැවිය හැකි වීමත් නිසා බොහෝ දෙනා එහි ප්‍රකාශනය කරනවා. “මෙහි මුද්‍රණය කළා නම් අපි තහනම් කරන්නේ නැහැ” කියලා රේගු නිලධාරීන් පවා මට කිව්වා. මට ඒක තේරෙන්නේ නැහැ. මෙහි මුද්‍රණය කරන පොත ඕනෑම ආකාරයකින් තිබිය හැකිද? හිටපු හමුදා නිලධාරීන් අපේ නායකයාගේ සහ සටන්කාමීන්ගේ හා සංවිධානයේ සංකේත පොත්වල භාවිත කරන්නේ ඒ නිසාද? නමුත් අපි සාමාන්‍ය ජනතාවගේ පැත්තේ සිට යුද්ධයේ මතකයන් පිළිබද කතා කළාම ඒක රටේ ඒකීයභාවයට තර්ජනයක් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයයි මට තියෙන්නේ.

    • ඉහත ප්‍රශ්නයට සම්බන්ධ කරලා බැලුවොත් — මට දැනෙන විදිහට, ශ්‍රී ලංකාවේ මුද්‍රණය කරන ලද පොත් ඉන්දියානු වෙළඳපොළට ගෙන යාමට නීතිමය බාධා තිබෙන නිසා තමයි දෙමළ ලේඛකයන් ඉන්දියාවේ මුද්‍රණය කරන්නේ. ගැටලුව එහෙම නම්, එය දේශපාලනිකව හා පරිපාලනිකව විසඳීමට ලේඛකයන් එකතුවෙලා රජයට බලපෑම් කළ යුතු නැද්ද? ඒ සඳහා උත්සාහයන් සිදු නොවන්නේ ඇයි?

    මෙහි සිට සීමිත ප්‍රමාණයකින් පොත් තමිල්නාඩුවට යනවා. නමුත් වැඩි වශයෙන් පොත් ආනයනය වන්නේ එතැනින්. මේක අද ඊයේ සිට නොවෙයි, බොහෝ කාලයක සිට සිදුවෙන දෙයක්. ශ්‍රී ලංකා – දකුණු ඉංදියානු තමිල්නාඩු සාහිත්‍ය සබඳතාවට අවුරුදු දෙදහසක ඉතිහාසයක් තිබෙනවා.

    මෙවරත් මගේ පොත් ගැටලුවේදී, මෙය දෙමළ ලේඛකයන් මුහුණ දෙන පොදු ගැටලුවක් ලෙසයි හඬ නැඟුණේ. නමුත් එය විසඳීමේදී වත්මන් ආණ්ඩුවත් “පැරණි නීති අපට උල්ලංඝනය කළ නොහැක” කියලා අත් ඔසවා තිබෙනවා.

    • සිංහල ලේඛක සමාජය තුළත් වාරණයට එරෙහි හඬ වරින් වර මතු වෙනවා. ඔබ නියෝජනය කරන දෙමළ සමාජය තුළත්, ලේඛක සංවිධාන අතරත්, මේ මර්දනයට එරෙහි සටනක් තිබෙනවාද?

    පිළිතුර..ශ්‍රී ලංකා රජය අතීතයේ දෙමළ ලේඛකයන් සහ මාධ්‍යවේදීන් මත ක්‍රියාත්මක කළ මර්දනත්, ජනවාර්ගික යුද්ධය නිසා නිහඬ වූ බොහෝ ලේඛකයන් ගැනත් මම කිව්වා නේද? මම භයානක කරුණු ගැන ලියනවා කියලා බොහෝ දෙමළ ලේඛකයන් හිතනවා. මගේ පොත් එළිදැක්වීම්වලදී කතා කරන්නත් ඔවුන් බය වෙනවා. නමුත් මගේ පොත්වලට ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ලෝකයේ වෙනත් රටවල විශාල පාඨක පිරිසක් ඉන්නවා. මම නිහඬ කරනු ලැබූ අපේ ජනතාවගේ කතා සහ හඬ ගැන කතා කිරීමට උත්සාහ කරනවා. ඒක භයානක ගමනක් බවත් මම දන්නවා. මෙවැනි මර්දන එන බවත් දන්නවා. එහෙත් මේ අර්බුදයේදී ශ්‍රී ලංකාවෙන් සහ විදේශයන්ගෙන් බොහෝ දෙමළ ලේඛකයන් හඬ නැඟුවා. සමහර සංවිධාන කිලිනොච්චියෙත් යාපනයෙත් විරෝධතා සංවිධානය කළා. විදේශයන්ගෙන් දේශපාලන ව්‍යාපාරත්, විදේශීය නිර්මාණකරුවොත් හඬ නැඟුවා.

    • ඔබ නියෝජනය කරන ජනතාව, වර්තමාන ආණ්ඩුව පිහිටුවීමේදී විශාල බලාපොරොත්තුවක් සහ විශ්වාසයක් පළ කළා. බලාපොරොත්තු බිඳවැටීමකින් තොරව ඔවුන් සැබෑ “ශ්‍රී ලාංකික ජාතිකත්වයක්” ගොඩනඟයි කියන විශ්වාසය මුළු ශ්‍රී ලංකා ජනතාව අතරම තිබුණා කියලා අපට හිතුණා. මේ විශ්වාසය පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?

    ඒ විශ්වාසය දැන් දෙමළ ජනතාවට අහිමි වෙලා. ජනාධිපති අනුර කුමාර මැතිවරණ ප්‍රචාරක කාලයේ උතුරට ඇවිත් කතා කරන වෙලාවේ, අතුරුදන් වූ දරුවෙකු වෙනුවෙන් මවක් කොහොම කඳුළු සමඟ බලා සිටිනවාද කියලා කතා කළා. නමුත් බලයට ආවට පස්සේ, පසුගිය ආණ්ඩු දෙමළ ජනතාවගේ ප්‍රශ්න හසුරුවපු ආකාරයටම මේ ආණ්ඩුවත් හසුරුවනවා. කාලයක් තිස්සේ ශ්‍රී ලංකා ජනාධිපතිවරුන් විශ්වාස කරලා නැවත නැවතත් රැවටීම තමයි අපේ ඉතිහාසය. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය වූ විට අපට නිදහසක් ලැබේවි කියලා 90 දශකයේ කුඩා දරුවෙක් විදිහට මම විශ්වාස කළා. නමුත් ඊට පස්සේ යුද්ධයේ දරුණු අත්දැකීම් මගේ කුඩා වයසේදීම මුහුණ දෙන්න සිදු වුණා. කාලය වෙනස් වුණත්, ආණ්ඩු වෙනස් වුණත්, ඒ රැවටීම තවමත් දිගටම සිදුවෙනවා.

    • අපි සාකච්ඡා කළ කරුණු වලට අමතරව, ඔබ විශේෂයෙන් කියන්න කැමති වෙනත් කරුණක් තිබේ නම් ඒ සඳහා අවස්ථාව ඔබට ලබා දෙනවා.

    මේ පොත් ගැටලුව සම්බන්ධයෙන්ම මගේ බලාපොරොත්තුව කියන්න කැමතියි. අපි යුද්ධයේ මතකයන් ගැන කතා කරන්නේත්, අපේ නිදහස් අරගලයේ අත්දැකීම් ගැන කතා කරන්නේත් සාමය, විසඳුම සහ පාඩම් සඳහා පමණයි.

    නැවත වෙනම රටක් ඉල්ලා සටන් කිරීමටවත්, නැවත සංවිධානයක් ගොඩනැගීමටවත් නොවෙයි. අපි අමතක කළත් ශ්‍රී ලංකා රජයත් ජාතිවාදීනුත් “දෙමළ ඊලම් දේශය..“தமிழீழம்” මතක් කරනවා. නැවත නැවතත් අපව ” ඊලම් දේශය”தமிழீழம் සමඟ සම්බන්ධ කරලා දේශපාලනය කරනවා.

    ඒ හරහා රජයත් සිංහල ජාතිවාදීනුත් අපේ කතා විකෘති කරන්න උත්සාහ කරනවා. අපේ මතකයන් මකා දමන්න උත්සාහ කරනවා. අපේ භූමියේ විනාශ කළ දේවල මතකය පවා මකා දැමීමට උත්සාහ කිරීම මොනතරම් මර්දනයක්ද? රජයත් ජාතිවාදීනුත් අපේ මතකයන්ට බිය විය හැකියි. නමුත් මතකය කියන්නේ අපේ තුවාල සුව කරන ඖෂධය. මහා ජන සංහාරයත්, අරගලයේ ගමන් මඟත් ඉතිරි කර ඇති ඒ මතකයන් හරහාම අපි ජීවිතයේ මහත් ආශාවෙන් නැවත නැඟී සිටිනවා

    එමෙන්ම මෙම සාකච්ඡාව සඳහා මැදිහත් භූමිකාව කරමින් කටයුතු කළ තිලිනා වීරසිංහ සහෝදරියට විවර වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා .

    හිල්මි සුපුන්
    තිලිනා වීරසිංහ

  • සිරගත වූ නායකයා…

    සිරගත වූ නායකයා…

    දමිළ කිවියන් අගයමින්
    මහා කවි “කම්බන්” සාහිත උළළේ දී
    රාජ්‍යය නායකයා
    හැගීම් බර වදනින්
    අමතයි කවියන්..

    “තව තවත් ලියනු මැන..
    ඔබේ අත්දැකීම්
    ගොනු කර
    ගැඹුරු බරසාර කවි..”

    අසා සිටී දමිළ කවියන් කම්පිතව ..
    සිය කවිය සිර කරලූ රාජ්‍යයක

    නායකයා ගේ එවදන්
    තමන්ගේ රාජ්‍යයෙහි
    තමාගේම අධිකාරී බලයේ
    සංස්කෘතික පවුරක
    සිරගතව දුක්ඛිතව
    කවීන්ගේ අත්දැකීම්
    නිදහසේ ගලා යන්නට
    ඉඩ හසර තනන්නට
    නොහැකි වූ නායකයා..

    නොදන්නාකමේ
    හෝ නොහැකියාවේ
    පතුළටම ගිලී සිටිනා …
    අහෝ! අසරණ රාජ්‍යය නායකයා ..

    නායකයාගේ
    මන බදින
    අරුත් සුන් වදන් අභිමුව
    දමිළ කවියන්
    සංවේගයෙන්..
    වික්ෂිප්තව…
    සිනාසෙන්නද..
    ඉකි ගසන්නද..
    නොදැන..නිසලව…

    නිමිත්ත:
    12වන සියවසේ විසූ සමාජ නිදහස පිළිබද කාව්‍යය රචනා කළ රජුන්ට ප්‍රශස්ති කව් ගී රචනා කිරීම ප්‍රතික්ෂේප කළ අදීන කවියකු වන දමිළ “මහා කවියා” ලෙස සැලකෙන තමිල්නාඩුවේ නාගපට්ටන්හි”කම්බන්” අනුස්මරණ ය කරමින් පවත්වන සාහිත්‍යය උළෙලකට සහභාගි වෙමින් තව තවත් ප්‍රභල කව් පබදින ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක කවියන්ගෙන් ඉල්ලා සිටියේය.ඒ කලක සිට දීපචෙල්වන් ඇතුලු තවත් කවි කිවිදියන්ගේ නිර්මාණ වාර්ගික සංහිදියාවට ජාතික ආරක්ෂාවට අභියෝගයක් ලෙස අර්ථකථනය කරමින් ශ්‍රී ලංකා රේගුව තුළ සිරගත කර තිබෙන දේශපාලන කාල වකවානුවකය.

    කවීන්ට සිය අනුභූතීන් නිදහසේ ප්‍රකාශ කරන්නට නොහැකි දේශපාලන සංස්කෘතියක බලය හොබවන නායකත්වයේ අසංවේදී බව හෝ බලය නිසි ලෙස භාවිතයට නොහැකියාවේ අසරණ බව පිළිබද මෙකී සංවේදී කවීන් සැබැවින්ම සංවේදනාවට පත් වනු නොඅනුමානය..

    තිලිනා වීරසිංහ
    2026 මැයි 06

    சிறைப்பட்டத் தலைவர்………
    தமிழ் கவிஞர்களைப் போற்றும்
    மகா கவி”கம்பன்” கலை இலக்கிய விழாவில்
    அரச
    உணர்ச்சிமிக்க வார்த்தைகளால் கவிஞர்களைத் தழுவுகிறார்…
    “இன்னும் இன்னும் எழுதுங்கள்..
    உங்கள் அனுபவங்களைத் திரட்டி
    ஆழமான கனதியான கவிதைகளை..”
    தமிழ் கவிஞர்கள் அதிர்ச்சியுடன் கேட்டுக்கொண்டிருக்கிறார்கள்..
    தனது கவிதைகளையே சிறைப்படுத்திய ஒரு நாட்டில்
    தலைவர் உதிர்க்கும் அந்த வார்த்தைகளை.
    தனது நாட்டின் தனது சொந்த அதிகாரத்தின்
    கலாசாரச் சுவர்களுக்குள் சிறைப்பட்டுத் துயருறும்
    கவிஞர்களின் அனுபவங்கள்
    சுதந்திரமாக வழிந்தோட
    இடம் அமைக்க முடியாமல் போன தலைவர்..
    அறியாமையின் அல்லது
    இயலாமையின் ஆழத்தில் மூழ்கிக் கிடக்கும்…
    அந்தோ! பரிதாபத்திற்குரிய அரசத் தலைவர்..
    தலைவரின் மனதைக் கவரும் அர்த்தமற்ற வார்த்தைகளுக்கு முன்னால்
    தமிழ் கவிஞர்கள்..
    வேதனையுடன்..
    திகைப்புடன்..
    சிரிப்பதா..
    விம்மி அழுவதா..
    என்று தெரியாமல்.. நிசப்தமாக…
    பின்னணி:

    12 ஆம் நூற்றாண்டில் வாழ்ந்த, சமூக சுதந்திரம் குறித்துக் கவி பாடிய, அரசர்களைப் புகழ்ந்து பாட மறுத்த கண்ணியமிக்க கவிஞரான, தமிழ் “மகாகவி” என்று போற்றப்படும் நாகப்பட்டினத்தைச் சேர்ந்த “கம்பன்” நினைவாக நடத்தப்படும் இலக்கிய விழாவில் கலந்துகொண்டு, இன்னும் வீரியமிக்க கவிதைகளை உருவாக்குமாறு ஜனாதிபதி அநுர குமார திஸாநாயக்க கவிஞர்களிடம் கோரிக்கை விடுத்தார். நீண்ட காலமாக தீபச்செல்வன் உள்ளிட்ட கவிஞர்களின் படைப்புகள் இன நல்லிணக்கத்திற்கும் தேசிய பாதுகாப்பிற்கும் அச்சுறுத்தல் எனப் பொருள் கொள்ளப்பட்டு, இலங்கைச் சுங்கத் திணைக்களத்தால் சிறைப்படுத்தப்பட்டிருக்கும் ஒரு அரசியல் காலப்பகுதியிலேயே இது நிகழ்ந்துள்ளது.
    கவிஞர்கள் தமது அனுபவங்களைச் சுதந்திரமாக வெளிப்படுத்த முடியாத ஓர் அரசியல் கலாசாரத்தில், அதிகாரத்திலிருக்கும் தலைமையின் உணர்வற்ற தன்மை அல்லது அதிகாரத்தை முறையாகப் பயன்படுத்த முடியாத இயலாமையின் அவலம் குறித்து இந்த உணர்வுள்ள கவிஞர்கள் நிச்சயமாக வேதனை அடைவார்கள் என்பதில் ஐயமில்லை.

    —திலினா வீரசிங்க—
    –2026 மே 06 —

  • ස්ත්‍රීත්වය වෙනුවෙන් හඬ නඟන කෙටිකතා සහ තිලිනා වීරසිංහ

    ස්ත්‍රීත්වය වෙනුවෙන් හඬ නඟන කෙටිකතා සහ තිලිනා වීරසිංහ

    2026 අප්‍රේල් 27 සිළුමිණ පුවත්පතෙහි “මදුසමය අහිමි මංගල්‍යය” හා “පිටුවහල් කළ තරුණිය” ප්‍රබන්ධයන් පිළිබද නිර්මාණශීලී කිවිදියක, ලේඛිකාවක වන පද්මිණී ශ්‍රියාලතා විසින් පළ කළ විචාරාත්මක සටහන…

    සමාජීය සංවාදයට එතරම් අවධානය යොමු නොවූ ස්ත්‍රියගේ පීඩනයට එරෙහි මේ ප්‍රබන්ධ පිළිබද අගනා අදහස් දැක්වීමක් කළ පද්මිණී ශ්‍රියාලතා සොයුරියට හා ඒ අදහස් සිළුමිණ පුවත්පතෙහි පළ කර සමාජගත කරන්න සහය වූ ජයත් පියදසුන් සොයුරාට ආදරණිය ප්‍රණාමය පුදමි

    ස්ත්‍රීත්වය වෙනුවෙන් හඬ නඟන කෙටිකතා සහ තිලිනා වීරසිංහ

    උඩුගං බලා පිහිනා යාමට කෙටිකතාව නම් වූ සාහිත්‍ය ප්‍රවාහය තුළට බට තිලිනා වීරසිංහ ලාංකේය සිංහල කෙටි කතා කලාව තුළ කාන්තා සලකුණ ගැඹුරින් මුද්‍රා තැබීමට සමත් වූ ලේඛිකාවකි. මෙයට දශක තුනකට පෙර ස්ත්‍රිය වෙනුවෙන් සිය පෑන මෙහෙයවූ තිලිනාගේ නිර්මාණ වලට නිසි වටිනාකම ලබාදිය යුත්තේ එම නිර්මාණ අදාළ කාලය තුළ පිහිටුවාගෙන කියවීමෙන් යැයි මම විශ්වාස කරමි.

    ස්ත්‍රී පුරුෂ සමාජ භාවය තුළ, සංස්කෘතික සහ දේශපාලන වටපිටාව තුළ කුටුම්බගත ගැහැනිය මත පැටවෙන පීඩනය, හිංසනය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳව කතා කරන තිලිනා ලිංගික ක්‍රියාවලියේ දී ගැහැනියට අත්වි‍ඳින්නට සිදුවන ක්‍රෑරත්වය පිළිබඳව වෙසෙසින් සාකච්ඡා කරයි.

    නොනිමි සාපිපාසාවකින් පොත පත කියවීමෙන් සහ රාජකාරි කටයුතු වලදී සමාජයේ විවිධ ස්ථර නියෝජනය කරන ජන කොටස් හා ගැටීමෙන් උරා පෙරා උකහාගත් අත්දැකීම් ඇය සිය කෙටිකතා සඳහා පාදක කරගෙන තිබේ. එම සිදුවීම් බහුතර සමාජය වෙත අනාවරණය කිරීමටත්, ඒ පිළිබඳ කතිකාවක් ගොඩනැගීමටත් ඇය ගත් උත්සාහය කෙතෙක් දුරට සාර්ථක වූවාදැයි නොදන්නා නමුත් කාලයට සාපේක්ෂව තරුණියක ලෙස අභීතව එවන් අසාධාරණ සහ ඛේදවාචක පිළිබඳව කතා කරන්නට තිලිනා ගත් උත්සාහය මම අගය කරමි.

    වරක් ජර්මන් ජාතික රෛනමරියා රිල්ක, තමාට කවි ලිවීමට උගන්වන ලෙස ඉල්ලා සිටි කස්පුස් නම් ශිෂ්‍ය සොල්දාදුවාට කියන්නේ අත්දැකීම් ලෙස තම අභ්‍යන්තරයට ඇතුළු වී කැරලි ගසන දෑ නොලියා ජීවත්විය හැකි යැයි යමෙක් සිතන්නේ නම් එවැන්නෙක් නොලිවිය යුතු බවයි. එසේනම් තිලිනා මේ සියලු අත්දැකීම් ප්‍රතිනිර්මාණය කර ඇත්තේ නොලියා සිටිය නොහැකි තැනය යන්න මම විශ්වාස කරමි.

    සුප්‍රකට ඇමෙරිකානු කිවිඳියක වන මායා ඇන්ජලෝ වයස අවුරුදු අටේදී සිය මවගේ පෙම්වතා අතින් ලිංගික අතවරයකට ලක් වූ බවත්, පසුව මවගේ සොහොයුරන් අතින් ඔහු මරණයට පත් වූ බවත්, තම වචනය නිසා මිනිසෙක් ඝාතනය වූවා ය යන වේදනාව හේතුවෙන් මායා වසර පහක් කතා නොකර සිටි බවත් පැවසේ.

    කාලය, ජාතිය, රට ආදී නාමකරණ නොසලකා අද ද එවන් ඛේදවාචක ලොව සෑම තැනකම සිදුවේ. අපේ රටේ කියා වෙනසක් නැත. සාදාචාරය අගය කරන සාධු සමාජය තුළ දැරියක් අතවරයට ලක්වූ අවස්ථාවකදී පවා වින්දිත පාර්ශවය එය වසං කිරීමට උත්සාහ කරන්නේ කබලෙන් ලිපට වැටීම, නොවේ නම් සිදු වූ අතවරය කරණකොටගෙන සමාජ සංස්ථාවෙන් එල්ලවන අපහාස, උපහාස, චෝදනා වළක්වා ගැනීම සඳහා ය. අනෙක් අතට මෙවැනි කාරණාවකදී චූදිත පාර්ශවය ශක්තිමත් ය. ඇතැම් විට දේශපාලනයේ නිරත වූවන් ය. නැතහොත් දේශපාලකයින්ගේ සමීපතමයෝ ය. නීතිය පවා අසරණයින්ගේ පස හිටගන්නේ කලාතුරකින් ය.

    මදු සමය අහිමි මංගල්‍යය කෙටිකතා පොතෙහි එන “සාක්කි නැති කන්‍යා පටලය” එවන් ඛේදවාචකයක් අලලා රචිත කෙටිකතාවකි. බුත්තල ප්‍රදේශයේ කම්කරුවකුගේ 14 හැවිරිදි දියණියක පාසල් නොගොස් මැලේරියාව වැලදී ඇද්දැයි පරීක්ෂා කිරීමට රෝහලට ගොස් යළි නිවස බලා යාමට බසයක් පැමිණෙන තුරු බස් නැවතුමේ රැදී සිටියදී පැහැරගෙන ගොස් හත් දෙනෙකු විසින් බලහත්කාරී සංසර්ගය පැමිණවීමෙන් අනතුරුව වෙනත් තැනකට රැගෙන යාමේදී පලාගොස් තිබේ.

    සිද්ධිය පොලීසිය වෙත පැමිණිළි කිරීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේ අවස්ථාවට කෙටිකතාවේ කතිකාව ද සහභාගී වේ. හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේ දී දැරිය සාක්ෂිකරුවන් සය දෙනෙකු හඳුනා ගත්ත ද වෛද්‍ය වාර්තා හා අනෙකුත් සාක්ෂි මත මහසේත්‍රාත්වරිය තීරණය කරන්නේ දැරියට ලිංගික අනතුරක් සිදු වී නොමැති බවයි. එපමණක් නොව ඇපකරුවන් ද නිදහස් කරනු ලබයි. හත්දෙනෙක් විසින් බලහත්කාරී සංසර්ගය පැමිණවීම කරන ලද දැරියකට එසේ පලා යා හැකිද යන්න යමෙකුට ගැටලුවක් උද්ගත විය හැකි වන මුත්, උපතේ සිට කාෂ්ඨක පරිසරයකට සහ නැතිබැරිකම් වලට අනුවර්තනය වූ දැරිවියකට පලා යාමට තරම් දිරි වඩවා ගැනීමට නොහැකියාවක් නැත.

    මෙම සිදුවීම් සමීපව නිරීක්ෂණය කරන තිලිනා ඒවායෙහි ගැබ්වුණු ව්‍යාජත්වය, මනුෂ්‍යත්වය, අපේක්ෂා භංගවීම්, ප්‍රාර්ථනා ආදිය සියුම්ව සිය ද්‍රෘෂ්ඨියට හසුකරගන්නී, අසාධාරණය හමුවේ ඇස්කන් පියාගෙන නොසිටිය යුතු යැයි පාඨකයා වෙත ඒත්තු ගන්වන්නී ය.

    ගතානුගතික අදහස් කරපින්නාගත් සාම්ප්‍රදායක සමාජය තුළ ගැහැනියකට ස්වාධීනව ජීවත් වීමේ ඉඩකඩ කොතෙක් දුරට අහුරා තිබේද? ඇයගේ අත්පා යුතුකම්, වගකීම්, සිරිත් විරිත් ආදියෙන් ගැට ගසා තිබේ. එවන් තත්ත්වයක් තුළදී වුව ද නොබියව ඒ වරපට පුපුරුවා හරිමින් තමන්ට ඕනෑ හැටියට ජීවත් වූ ගැහැනු එදාත් සිටිය හ. අදත් සිටිති. ඔවුනට ලෝකයා සිතන පතන ආකාරය පලක් නැත. තමාට එරෙහි වන්නන්ට, ගරහන්නන්ට සේම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පැමිනෙන්නන්ට ද ඇය ඇගේ ක්‍රමයට පිළිතුරු දෙයි. තමාට ඕන හැටියට ජීවත් වෙයි.

    පිටුවහල් කළ තරුණිය කෘතියේ එන” සමුගත් උණුසුම” කෙටි කතාවෙහි හමුවන ගැහැනිය එවැන්නියකි.

    “ඇය කිසිවෙකු සමග සැසඳුණේ නැත.
    වඩාත් හොඳ වූයේ නැත.
    වෙනත් ගැහැනියකට කරන්නට බැරි කිසිවක් කළේ ද නැත.
    ඇය බිය නොවී සිටියා.
    අවශ්‍ය තරමට උණුසුම් වූවා.
    පිරිමින් ඇය සොයා ගියා.
    ඇය විශේෂතා නොදක්වා ඔවුන්ව පිළිගනු ලැබුවා.
    අපහසුවකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබුවා.” (පි.21)

    ගැහැනුන් බිය වූ, පිරිමින් ප්‍රිය වූ එවන් ගැහැනියක් ප්‍රතිනිර්මාණය කරමින්, පාඨකයාගේ සිතිවිලි ප්‍රවාහය වෙනස් කිරීමට තිලිනා උත්සාහ කරන්නේ මීට දශක දෙකකට එපිටදී ය.

    “පිටුවහල් කළ තරුණිය” ද මෙම කෘතියේ එන අපූරු කෙටිකතාවකි. පරපීඩක කාමුකත්වය තුළ දෛනිකව හිංසනයට ලක්වන ගැහැනියක විඳින ශාරීරික මෙන්ම මානසික පීඩනය ද මනාව ග්‍රහණය කර ගැනීමට එතුළ තිලිනා සමත් වී තිබේ.

    මදුසමය අහිමි මංගල්‍යය කෘතියේ එනමින්ම එන කෙටිකතාව වෙනස් ආකාරයක අපූරු කෙටිකතාවකි. මා සැලකිය යුතු තරමක ප්‍රබන්ධ සාහිත්‍ය කෘති කියවා ඇතත්, මෙවන් අනුභූතියක් විවෘතව සහ තාත්විකව සාකච්ඡාවට බදුන් වු අයුරු ඇස ගැසුණේ ප්‍රථම වතාවට ය. කතාව ගොඩනැගී ඇත්තේ තරමක් වත්කම් සහිත පවුලක ලාබාල තරුණියක සහ ඇය විවාහ කර ගැනීමට ඇයගේ “හොඳ හිත” භාවිතා කරන කිසිඳු වැදගැම්මකට නැති තරුණයෙක් වටා ය. ඔහු මෙම රූමතිය විවාහ කරගැනීමට එවක භාවිතා කළ හැකි වූ හොඳම තුරුම්පුව වූ භීෂණ සමයක මරණ තර්ජනය භාවිතා කරයි. විවාහ වූ නමුදු ඔවුන’තර කිසිඳු ආදරයක් හෝ බැදීමක් නොමැත.

    මෙම විවාහය තුළ ගැහැනිය මෙන්ම පිරිමියා ද එක හා සමානව අපහසුතාවයට පත් වේ. ගැහැනිය අපේක්ෂා කරන මෘදු ආදරණීය පිරිමියා ඇයට හමු නොවෙයි. ඇය අපේක්ෂා කරන රැකවරණය, ගෞරවය හෝ වටිනාකම් වෙනුවට ඇයට හිමිවන්නේ ගැරහීම් සහ අවමානයන් පමණි. අනික් අතට පිරිමියා අපේක්ෂිත සම්භෝගය සඳහා ඔහුට ගැහැනියගෙන් ඉඩ හසර ලැබෙන්නේ ද නැත‍.

    “ඇත්ත වශයෙන්ම මධු සමය ගෙවා ගන්නා සියලු ම මනාලියන් සතුටෙන් සිටී ද? .. ඔවුනට මෘදු ආදරණීය මනාලයන් හමු වේද? .. මනාලයෙකු බලහත්කාරී ලෙස සංසර්ගයේ යෙදීම ලිංගික ප්‍රචණ්ඩත්වයක් ලෙස නොසිතන්නේද?.. මධුසමයක් නොමැති මංගල්ලයක දරුවන් බිහිකළ හැකිද? සෑම මංගල්‍යයක් තුළ ම එක ම එක් වරක් හෝ මනාලියක‍… ප්‍රචණ්ඩත්වයකට ලක්වන්නේ නැතිද? … එම ප්‍රචණ්ඩත්වයට එරෙහි වීමට මනාලියට අයිතියක් නැතිද? මනාලිය තමා ප්‍රශ්න කරන්නන් පෙරළා ප්‍රශ්න කරන්නේ නම් ප්‍රශ්න එයාකාරයෙන් විය යුතු යැයි සිතුවාය.” (පි.102)

    සැබැවින්ම කුටුමිබය තුළ ගැහැනිය ඉහත කී ගැටලුවලට එක්වරක්වත් මුහුණ පා නැද්ද? විවාහ වී මධුසමය ගත කිරීමට යන සියලු මනාලියන්ට එකම එක මොහොතකවත් සිය විවාහය හැරදමා ආපසු යාමට නොසිතෙන්නේද?. තිලිනා ප්‍රශ්න කරන්නේ ලාංකේය සංස්කෘතිය තුළ ගැඹුරු කතිකාවකට ලක් විය යුතු සංස්කෘතික කටුකම්බි පිළිබඳව නොවේද? මෙම ප්‍රශ්න කිරීම් ලේඛිකාවගේ පෞද්ගලික සිදුවීම්ය යන පටු මානසිකත්වය තුළටම ලඝු කළ හැකිද?
    “මනාලයා ඉකි බිඳිමින් , දත් කූරු සපමින් මංගල යහනට දෑත් මොලවා පහර ගසමින් ඇඳ ඇතිරිලි කොට්ට එහා මෙහා වීසි කරමින් කෑගැසුවේ ය. බිත්තියේ හිස ගසා ගනිමින් වැළපුණේ ය. සිය ලිගුවෙහි වෘෂණ කෝෂ මිරිකා ගනිමින් කෑගෑවේය.”(පි.103)

    මෙම කෙටිකතාව තුළ අදාළ ප්‍රධාන චරිත දෙක හැසිරිවීමේ දී ඔවුන්ගේ හැසිරීම්, චිත්ත චෛතසික ආවේගයන් සමීපව කියවා ගන්නා ආකාරය සැබැවින්ම අගය කළ යුතුය. අඳුරු කළු කුහර තුළ ඕනෑම මොහොතක දෝනා බැසීමට සූදානම් ජාගර මිනිස් සන්තානය තුළ මිනිසා ඉක්මවා නරුම ම්ලේච්ඡත්වය නිසඟයෙන්ම ඉස්මතු වන ආකාරය ප්‍රකාශ කිරීමට කතුවරිය දරා ඇති උත්සාහය බොහෝ දුරට සාර්ථක වී තිබේ.

    “තවත් ගෑනුන්ට මේ වගේ දේවල් වෙන්න පුළුවන්ද?

    එහෙම නම් නම් කවුරුවත් ඒ ගැන කතා කරන්නෙ නැත්තෙ ඇයි?

    මම මේ ගැන කතා කරනවා. ඔව්… අද හෙට බැරි වුණත් කවදහරි දවසක මේ ගැන කතා කරනවා” (පි.104)

    තිලිනා මේ හඬ නගන්නේ වසර දහස් ගණනක් විවාහ සංස්ථාව තුළ පීඩනය සඟවා ගනිමින් තනිව විඳවන සමස්ත ස්ත්‍රී වර්ගයා වෙනුවෙන්මය. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, හිංසනය පිළිබඳව ජන විඤ්ඤාණය අද තරමටවත් පුළුල් නොවු දශක දෙකකට එපිට ගැහැනියක යනු හුදු ලිංගික මෙවලමකට එහා ගිය ලේ මස් ඇට නහර වලින් සුසැදි මනුෂ්‍ය ප්‍රාණියෙකු ය යන්න සහ ඔවුනටද හිමිවිය යුතු මානුෂීය හිමිකම් තිබේය යන්න පිළිබඳ සාධනීය කතිකාවක් ගොඩනඟන්නට ඇය උත්සාහ කරයි. ඒ සඳහා පුළුල් චින්තනයකින් යුතු පුරවැසියන් පිරිසක් බිහි කරමින් සමාජය යහපත් අතට වෙනස් කළ යුතු ය යන තිලිනාගේ හඬ යටපත් වී ගියේ ඇයගේ නිර්මාණ මතුපිටින් පමණක් කියවා පසෙකට දැමීම තුළද?…

    නොවේනම් නිර්මාණකරණය තුළ ඇය ස්පර්ශ කරන සියුම් සමාජ දේශපාලන කියවීම යම් තරමකට හෝ ග්‍රහණය කර ගැනීමට ලාංකේය ලේඛක, පාඨක, විචාරක ප්‍රජාව අපොහොසත් වීම ම ද යන්න ප්‍රශ්නාර්ථයක් මතු කරයි. දශක දෙකකට එපිටදීත් ඇය ග්‍රහණය කරගන්නා අනුභූතිය සහ එය ප්‍රකාශ කිරීමේ ප්‍රබලත්වය වෙනත් රටක නම් බොහෝ සේ ඇගැයීමට ලක්වනු ඇත.

    ගැහැනිය යනු අතිශයින් කාමුක, තෘප්ත කළ නොහැකි, දුටු දුටුවන්ගෙන් තම ලිංගික අවශ්‍යතා සපුරාගැනීමට උත්සාහ කරන මනුෂ්‍ය කොට්ඨාශයකැයි ලොවට කියා පෑ බමුණු මත තහවුරු කරමින් අද ද ඇතැම් ලේඛිකාවන් අතින් පවා යම් යම් නිර්මාණ බිහිවෙනු ද, ඒවා උසස් සාහිත්‍ය නිර්මාණ ලෙස අගය කරමින් සමාජ ගතවනු ද බොහෝ දෙනෙක් නිසොල්මනේ බලා සිටිති. පිරිමින් කෙසේ වතු ද ගැහැනුන් වන ඔබගෙන් විමසීමට කැමැත්තෙමි. අවංකව ඔබගේ හදවතින් විමසා බලන්න. කිසිදා තෘප්ත කළ නොහැකි කාමුක ගැහැනියක් ඔබ තුළ සිටින්නේද? නැතැයි මම විශ්වාස කරමි. දුක් විඳින, පීඩාවට පත් වන, යළි නැගී සිටින, තම ස්වාධීනත්වය වෙනුවෙන් අරගල කරන ගැහැනුන් මිස එවැනි අතිශයෝක්තියෙන් යුතු ගැහැනු චරිත තිලිනාගේ කෙටිකතා තුළ හමුවන්නේ නැත.
    ඇයගේ භාෂාව පරිණත සහ පිරිපුන් ය. අඛ්‍යාන රටාව පැහැදිලිය. ඇතැම් කතාවක හැර බොහෝ ඒවායේ කතාවට එළඹීම, පවත්වාගෙන යාම සහ අවසානය ද පාඨකයා ඇද බැඳ තබා ගැනීමට සමත් ය. අන්තර්ගතය යළි සිතා බලන්නට කෙරෙන ඇරයුම් ය.

    එහෙයින් කියමි. දශක තුනකට පෙර ඉදිරිගාමි කෙටිකතාවකට අතපොත් තැබූ තිලිනා පැමිණි දුර කිසිසේත් ප්‍රමාණවත් නැත. ඇය මේ වන විට ද බොහෝ දුර යා යුතුව තිබූ කෙටිකතාකාරිණියකි. එළඹ ඇත්තේ තිලිනා අලුතින් කෙටිකතාවට අවතීර්ණ විය යුතු කාලයයි. ලියූ කෙටිකතා කෘති ඉතිහාසය විසින් රැකගනු ඇති. තිලිනා වහා වහා අලුතින්, ඔව් අලුතින්ම කෙටිකතා ලිවිය යුතුය. ඒවා කෘති වශයෙන් පාඨකයා අතට පත් කළ යුතුය.

    පද්මිණී ශ්‍රියාලතා

  • අදහස් ප්‍රකාශනයේ මර්දනීය දේශපාලන සංස්කෘතියට එරෙහිව..

    අදහස් ප්‍රකාශනයේ මර්දනීය දේශපාලන සංස්කෘතියට එරෙහිව..

    2026 මාර්තු මස දීපචෙල්වන්ගේ පොත් තොගයක් ශ්‍රී ලංකා රේගුව මගින් රදවා තබා ගැනීමේ ගැටලුව නිරාකරණය කිරීම පිළිබද සංස්කෘතික අමාත්‍යවරයා ඍජුව මැදිහත්ව සිටින බවද එය සාමාන්‍ය රේගු ක්‍රියාවලියක් බවටද පසු ගියදා සමාජ මාධ්‍යය හරහා අදහස් සංසරණය විය. එහිදී ඇතැම් පාර්ශ්ව කියා සිටියේ රේගුව අනුගමනය කරන මේ සාමාන්‍ය ක්‍රියාවලිය පිළිබද දීපචෙල්වන්ට නිසි ලෙස ඔහුගේ නියෝජිතයා සංනිවේදනය කර නොමැති නිසා සංනිවේදන දුබලතාවක් මත ඇතිවූ මේ ගැටලුව ඇතමුන් වාර්ගික හා දේශපාලන මුහුණු වරක් ආරෝපණය කිරීමට වෑයම් කිරීමට උත්සාහ දරණ බවයි.

    මේ සාවද්‍ය අදහස් පළ කිරීම් වලින් ඔබ්බේ දීපචෙල්වන්ගේ පොත් රදවා ගැනීමේ ඇති සිංහල අධිපතිවාදී පටු වාර්ගික සංස්කෘතික දේශපාලන දෘෂ්ටිය හා දේශපාලන ක්‍රියාවලිය අප මුල සිට වටහා ගත් නිසාම ඔහුගේ සිතීමේ හා අදහස් පළ කිරීමේ අයිතිය වෙනුවෙන් දකුණේ දේශපාලනිකව සබුද්ධික හා මානවහිතවාදී අතලොස්සක් මෙයට එරෙහිව හඩ නැංවූහ.

    උතුරේ අයිතිවාසිකම් ගොඩ නැංවීමට හා වාර්ගික සුහදත්වය ගොඩ නැංවීමට ක්‍රියා කරන බවට දේශපාලනිකව ප්‍රතිඥා දුන් ජාතික ජන බලවේග රජයේ ඉහළ දේශපාලන අධිකාරිය අමතමින් මා දීපචෙල්වන්ගේ සිතීමේ හා අදහස් ප්‍රකාශනයේ ඇති අයිතිය වහාම තහවුරු කරමින් උතුරේ ජනයාගේ පීඩනයේ හඩ නියෝජනය කරන දීපචෙල්වන්ගේ කෘතීන් කඩිනමින් නිදහස් කරන ලෙස ද එසේ නොවන්නේ නම් විරෝධය පෑමේ හා යුක්තිය ඉල්ලා ඉදිරි පියවර ගැනීමට යොමුවන බව ද දන්වා සිටියෙමි.

    එහිදී මා වෙත දැනුම් දුන්නේ රජයේ පාර්ශ්වයෙන් මෙහි ගැටලුවක් නොමැති බවත් ජනාධිපති අනුර සහෝදරයා පවා මේ කෘති නිදහස් කරන ලෙස දන්වා ඇති බවත් නිලධර තන්ත්‍රයේ යම් ගැටලු සහගත තත්වයක් මත මෙය නිදහස් කිරීම පමාව ඇති නමුත් ඉදිරි දින කිහිපය තුළ මේ පොත් තොගය නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත්‍ ය.

    එහිදී මා පිළිතුරු ලෙස ඉදිරියේදී නැවත කිසිදු ලාංකිකයෙකුට මෙවන් අපහසුතාවකට පත් නොවන සේ ආංඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලද අදහස් ප්‍රකාශනයේ අයිතිය සුරක්ෂා වෙන අයුරින් සියලු ආයතන හා බල අධිකාරින්හි දැනට පවතින යල් පැන ගිය නීති රීති හා ක්‍රියාපටිපාටීන් සංශෝධනයට අවශ්‍ය පියවර ගන්නා මෙන්ද දීපචෙල්වන්ගේ කෘති පරිශීලනය කරමින් එහි අරුත් වටහා ගන්නා මෙන්ද ඉල්ලා සිටියෙමි.

    එහෙත් 2026 අප්‍රේල් මස 10 වන දින දීපචෙල්වන් වෙත සංස්කෘතික අමාත්‍යංශයෙන් යොමු කළ ලිපියක් මගින් ඔහුගේ නිර්මාණ සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු සාකච්ජා කිරීමට 26 අප්‍රේල් 17වන දින දවල් 2ට කිලිනොච්චියෙ පදිංචිව සිටින මෙම ලේඛකයා සංස්කෘතික අමාත්‍යංශය වෙත කැදවනු ලැබීම පිළිබද දැඩි අප්‍රසාදය හා විරෝධය පළ කර සිටිමි.

    රජය පිළිගෙන ඇති ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනතෙහි 19වන වගන්තිය යටතේ මත දැරීමේ,අදහස් ප්‍රකාශ කිරීමේ හා තොරතොරු ලබා ගැනීමේ නිදහසට ඇති අයිතිය නීර්ණය කරයි. බාධා කිරීම්,ඇගිලි ගැසීම් යනාදියෙන් තොරව ඕනෑම මතයක් දැරීමට පුද්ගලයකුට ඇති පරම අයිතිය එහි 1වන ජේදයෙන් දැඩිව ප්‍රකාශ කරයි.”මෙම අයිතිය මොනම තත්වයක් යටතේ හෝ සීමාවකට බදුන් කළ නොහැකිය” යනුවෙන් එහි දැක්වේ.

    නිර්මාණකරුවෙකුගේ සිතීමේ හා අදහස් ප්‍රකාශනයේ අයිතිය,එය සමාජය සමග බෙදා ගැනීමේ අයිතිය කිසිවකුට හෝ කිසිදු අධිකාරියකට බාධා කළ නොහැකි, විනිශ්චය කළ නොහැකි නෛසර්ගික ස්වභාවික අයිතියකි. ඒ අයිතිය තහවුරු කර ගැනීම වෙනුවෙන් පැවති මර්දිත රජයන් සමග අප දශක ගණනාවක් අඛණ්ඩව ලාංකික දේශපාලන සංදර්භය තුළ අරගල කර ඇත්තෙමු. ඇතැම් මාධ්‍යවේදීන් ජීවිත පරිත්‍යාගයෙන් සිරගත වීමෙන් විවිධාකාර හිංසා පීඩාවන්ට මුහුණ දීමෙන් පවා මේ අයිතිය වෙනුවෙන් පෙනී සිටි බවද ඔවුනට ප්‍රණාමය පුදමින් සිහිපත් කරමි.

    ශිෂ්ට සම්පන්න මානවීය දේශපාලන සංස්කෘතියක් ගොඩ නැංවීම අපේක්ෂා කරන්නේ නම් ඒ සදහා දෘෂ්ටිමය වශයෙන් අගතීන්ගෙන් හා ආධිපත්‍යය මතධාරාවන්ගෙන් බැහැර වීම, ප්‍රායෝගිකව අභ්‍යාස කිරීම සදහා මැදිහත්වීම,අවදානම් හා අභියෝගයන්ට මුහුණ දෙමින් ඒ අභියෝග කළමනාකරණයටද නව ක්‍රමවේද උපාය මාර්ග හදුනා ගත යුතුය.

    නොඑසේව වත්මන් රජයද පසුගිය වාර්ගික මර්දනයේම දේශපාලන සංස්කෘතික දිගුවක් පවත්වා ගෙන යාම අපි තරයේ ප්‍රතික්ෂේප කරන්නෙමු.


    වාර්ගික සුහදත්වය ගොඩ නැංවීම යනු උතුරට ගොස් දෙමළ වැසියන් බදා සිප ගෙන සෙල්ෆි ඡායාරූප ගනිමින් මාධ්‍යය සංදර්ශන දැක්වීම නොව අතිශයින් මර්දිත පීඩිත ජනතාවකගේ හඩට ඇහුම්කන් දීම, සංවේදී වීම හා ඔවුනගේ බිද දැමූ, යටපත් කරනු ලැබූ,අහිමි කරනු ලැබූ දේශපාලන සමාජ ආර්ථික සංස්කෘතික අයිතීන් යලි ගොඩ නංවා සුරක්ෂිත කිරීම බව ජාතික ජන බලවේගයේ පාලකයන්ට අවධාරණය කරනු කැමැත්තෙමි.

    ජනාධිපති අනුර දිසානායක “අප යුධ ගර්භාෂයක හැදී වැඩී පීඩනයට පත්වූවන් ,නැවත එවන් පීඩනයක් මේ භූමිය තුළ ඇති වීමට කිසිසේත් ඉඩ නොදෙන බව” මැතිවරණ වේදිකාවන්හි කළ ආකර්ශනීය වදන් සදහා සැබෑ දේශපාලන අරුතක් එක් කර එය අපගේ ලාංකික භූමිය තුළ යථාර්ථයක් බවට පත් කළ හැක්කේ ඔවුන්ද ඇතුලු බතරක් ලාංකිකයන් පාර්ශ්වකරුවන් වූ වාර්ගික අධිපතිවාදී සැහැසි ජාතිවාදී දේශපාලන මනෝභාවයන්ගෙන් පූර්ණ ලෙස අත් මිදී දේශපාලනික මානවීය දෘෂ්ටියකින් උතුරේ වැසියන්ගේ අයිතීන් පිළි ගැනීම හා ඒ අයිතීන් තහවුරු කිරීමට සැබෑ ලෙසම මැදිහත් වීම තුළින් පමණි.

    දශක දෙකකට ආසන්න කාලයක් උතුරේ වැසියන්ගේ පීඩනයට එරෙහිව ඔවුනගේ දේශපාලන ආර්ථික හා සංස්කෘතික අයිතීන් ගොඩ නැංවීම වෙනුවෙන් ඉතාමත් පුලුල් දේශපාලන දෘෂ්ටියක සිට උතුරේ මානවීය හඩ නියෝජනය කරමින් නිර්මාණකරණයේ යෙදෙන දීපචෙල්වන්ගේ අදහස් ප්‍රකාශනය බෙහෙවින් විශිෂ්ටය.එය ලාංකිකත්වය ඉක්මවමින් විශ්වීය සිතා බැලීමක් දක්වා දිගුවන දේශපාලන සංවාදයකි.

    දීපචෙල්වන් යනු දමිළ වාර්ගිකත්වයෙහි.. දේශපාලන සංස්කෘතියෙහි.. ප්‍රකාශනයෙහි වත්මන් ප්‍රභල හඩක් හා සංකේතයකි.

    එහෙයින් දීපචෙල්වන්ගේ හඩ යටපත් කිරීමට ඔහුගේ අදහස් වාරණය කිරීමට තැත් දැරීම සමස්ත දෙමළ ප්‍රජාවක හඩ යටපත් කිරීමට හා වාරණයේ සංකේතයක් බව රජය හා සිංහල ජන සමාජය දේශපාලනිකව අවබෝධ කර ගත යුතුය. උතුරේ ප්‍රජාවගේ හඩ යටපත් කිරීම හරහා පසුගිය අතීත දේශපාලනය තුළ අත් විදි ඛේදනීය සමාජ දේශපාලන පුපුරා යෑම පිළිබද මතකය අප කිසිවෙකුත් අමතක නොකළ යුතුය.එසේ එක් ජනවර්ගයක හඩ යටපත් කිරීමට තවත් ජනවර්ගයකට දේශපාලන හා මානවීය සදාචාරාත්මක අයිතියක් නැති බව ද මර්දිතයන් හෝ වාරණකරුවන් හා එබදු මර්දනයන් වාරණයන් ඉල්ලා සිටින ජාතිවාදී මනෝභාවයන් ගෙන් යුතු සියලු දෙනා 21වන සියවසේ දෙවන කාර්තුවේදී හෝ ගැඹුරු ලෙස අවබෝධ කර ගත යුතුය.
    වාර්ගික ප්‍රචණ්ඩත්වයේ කෲරත්වය විදහාලමින් දීපචෙල්වන් වෑයම් කරනුයේ නැවත එවන් ප්‍රචණ්ඩත්වක් හට නොගන්නා මානවීය ශිෂ්ට සම්පන්න දේශපාලනයක් ලාංකික දේශපාලනය තුළ ගොඩ නැංවීමයි.

    ඒ සදහා ඔහු දකුණේ දේශපාලනයේ සැබෑ සහයෝගය අපේක්ෂා කරයි.

    එය 1971 හා 1987-90 කාලපරිච්ඡේදයන් පසුබිම් කරගෙන රාජ්‍ය හා හමුදා මර්දනයට එරෙහිව සිය අද්දැකීම් ප්‍රති නිර්මාණය කරන දකුණේ සිංහල ජනවර්ගයට සේම තමා මුහුණ දුන් රාජ්‍ය හා හමුදා ප්‍රචණ්ඩත්වය නිර්මාණාත්මකව සංවාදයට ගැනීමට දෙමළ පුරවැසියෙකුට ඇති සමාන අයිතියකි.එසේම එය ලොව කවර දේශයක හෝ කාලයක යුධමය ප්‍රචණ්ඩත්වට එරෙහිව සිය අනුභූතීන් හරහා අදහස් ප්‍රකාශනයේ ඕනෑම් මානවයකුට ඇති නිදහස් අයිතිය හා සම වේ.එය ශ්‍රී ලංකා ආංඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හා ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන සම්මුතිය මගින් තහවුරු කර ඇත්තා වූ කිසිවෙකු විසින් බාධා කළ නොහැකි සිතීමේ හා මානවීය ප්‍රකාශනයේ පුරවැසි අයිතියකි.

    අනුෂා සිවලිංගම් විසින් විශිෂ්ට ලෙස සිංහලට පරිවර්තනය කළ “රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන” ,ජී .ජී.සරත් ආනන්ද පරිවර්තනය කළ “ස්මාරක ශිලාවත” හා “භයංකරවාදියා” යන දීපචෙල්වන්ගේ කෘතීන් සමස්ත ලාංකිකයන් විසින් කියවා ගනිමින් එහි අරුත් වටහා ගනිමින් මනුෂ්‍යත්වයට එරෙහි සිය ම්ලේච්ජ වාර්ගික මනෝභාවයන් පිළිබද ගැඹුරු සිතා බැලීමකට දෘෂ්ටිමය යා කිරීමක් කරනු ලබන, යුධමය කාලයක් අවකාශයක් මානුෂිකත්වයෙන් ග්‍රහණය කර ගන්නා විශිෂ්ට ප්‍රකාශනයන්‍ ය.

    ජාතීවාදී පටු උමතු මනෝභාවයන්ගෙන් මිදී සැබෑ සහෝදරත්වයක් කරා ලාංකිකයන් පෙළ ගස්සන්නා වූ මේ ප්‍රකාශයන් රදවා තබා ගැනීම,වාරණය කිරීම මර්දනය කිරීම හා නිර්මාණකරුවා මානසික හිංසනයට ලක් කිරීම හෝ ඔහුට හිරිහැර කිරීම නොව මේ නිර්මාණ සමාජගත කරමින් නිදහස් සංවාදයකට ලක් කිරීම සබුද්ධික දේශපාලන සංදර්භයක සිදු විය යුත්තකි.

    ඔහුගේ මතවාදය සම්බන්ධයෙන් කිසිවෙකුට හෝ කිසියම් පාර්ශවකට එකගතාවක් නැති නම් හෝ ගැටලුවක් ඇත්නම් ඒ සමග මතවාදීව සංවාද කරනු විනා දමිළ ජනයාගේ හඩ යටපත් කළ අතීත මුග්ධ හා සැහැසි හා විනාශකාරී ප්‍රතිපත්තීන් ඉදිරියට රැගෙන නොයන මෙන් අදාල දේශපාලන පාර්ශ්වයන්ට හා නිලධාරීන්ට දැඩිව අවධාරණය කරන්නෙමු.

    දීපචෙල්වන්ගේ අදහස් ප්‍රකාශනයේ නිදහස රාජ්‍යය තුළ දේශපාලනික ඉල්ලීම් හරහා දිනාගත නොහැකි නම් ඔහුගේ හා සමස්ත ලාංකිකයන්ගේ අදහස් , වාරණයෙන් හා මර්දනයෙන් තොරව ප්‍රකාශනයේ අයිතිය සදහා නෛතික වශයෙන් යුක්තිය උරගා බැලීම සඳහා අප ඉදිරිපත් වන බවද අවධාරණය කරන්නෙමු.

    ඒ සදහා අප සමග අත්වැල් බැද ගන්නා මෙන්ද උතුරේ හා දකුණේ නිර්මාණකරුවන්ගෙන් මාධ්‍යවේදීන්ගෙන්,මානවහිමිකම්වේදීන් හා සිවිල් ක්‍රියාධරයන්ගෙන් හා දීපචෙල්වන්ගේ පාඨකයන්ගෙන් හා සමස්ත ලාංකික සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමි.

    තිලිනා වීරසිංහ
    තිලිනා වීරසිංහ
  • ලාංකික ගැහැනියගේ ජීවිතයෙන් බිදක් සොයා යන …”ජෙරුසලමේ දූවරුනි”

    ලාංකික ගැහැනියගේ ජීවිතයෙන් බිදක් සොයා යන …”ජෙරුසලමේ දූවරුනි”

    උතුරු නැගෙනහිර වැන්දඹුවනගේ හුදකලා පීඩනයෙහි සංක්ෂිප්ත සංවාදයක් ඔස්සේ ආරම්භව ක්‍රිස්තියානි ආගමික ස්ත්‍රීත්වයේ විමුක්තිය පිළිබද සංකල්පනාව හා සමීපව යා වෙමින් ගෘහස්ත දිවිය තුළ නිරන්තරෙන් පීඩනයට පත් වන ලාංකික ගැහැනියකගේ අනුභූතියක් කේන්ද්‍රීය සංවේදී නිර්මාණයක් තරංගනී රෙසිකා ප්‍රනාන්දු “ජෙරුසලමේ දූවරුනි” නමින් 2023 වසරේදී නිර්මාණය කරනු ලබයි.

    උතුරු නැගෙනහිර යුධමය වාතාවරණය තුළ සමීපතමයන් අහිමි වූ උතුරේද දකුණේද ස්ත්‍රීන් දෙස මානවීය දෘෂ්ටියක් හෙලමින් ‘ජෙරුසලමේ දූවරුනි ‘නිර්මාණය ආරම්භයේ පාඨක මනසට ප්‍රවේශ වේ.

    එහිදී වැන්දඹුවන් දෙස හෙලන පෙරදිග සංස්කෘතික පසුගාමී දෘෂ්ටිය මෙන්ම මෙම ස්ත්‍රීන් වැන්දඹුවන් බවට පත්කරනු ලැබීමේ බලහත්කාරී දේශපාලනය පිළිබද හැගවුම්කරණයක් “ගෞරි”ගේ චරිතය හරහා නිරූපණය කරන්නට තරංගනී වෑයම් කරයි.

    “මම වැන්දඹුවක් කියන්නේ මේ සමාජය.මහා අප්‍රසන්න වචනයක්. මං කැමති නෑ කවුරුවත් මට එහෙම කියනවට. අපි කවුරුවත් කැමැත්තෙන් වත් අපගේ වරදකින් වත් අපේ මිනිස්සු නැති කරගත්තා නෙමෙයි. අනික මං මගේ මනුස්සයාගේ මිනියක්වත් දැක්කේ නෑ. ඉතින් මං කොහොමද වැන්දඹුවක් වෙන්නේ..ඒක මේ සමාජය මං පිට බලෙන් තිබ්බ එකක්.” එසේම මානවීය සංවාදය හා මානවීය හැගීම් අවබෝධය සදහා භාෂාව අත්‍රික්‍රමණය කළ හැකි බව තරංගනී මෙම නිර්මාණය තුළ ගම්‍ය කරයි.

    “අපි දැන් සිංහලෙන්ද දෙමළෙන් ද ඉංග්‍රීසියෙන් ද හස්ත මුද්‍රාවෙන්ද ඇසින් ද ස්පර්ශයෙන්ද නිහඬතාවයෙන්ද කියනා ඕනෑම කතාවක් තේරුම් ගත හැකි මට්ටමේ අන්‍යෝන්‍යය අවබෝධයකට එළඹී සිටියෙමු” මනුෂ්‍යත්වයේ අසීමිත වේදනාවන් දෙස කතුවරිය බැලුම් හෙළනුයේ ඒ වේදනාවන් සුවපත් කිරීමට දිගුකාලීන දේශපාලන සමාජ ආර්ථික මානුෂීය ක්‍රියාවලියද අවශ්‍යතාව පිළිබද සියුම් ඉඟි කිරීමක්ද පෙරදැරිවය.

    ළමා වියේ පටන් හමුදා කදවුරු වල ජීවිතය විසිරී සියල්ල අහිමු වූ මිනිස් සමූහයක වේදනාවේ මතකයන් සුවපත් කිරීමට හා අහිමි වූ ඔවුනගේ දිවිය යථාවත් කිරීමට වන දුෂ්කර දේශපාලන අභියෝගය” ජෙරුසලමේ දූවරුනි ” සියුම්ව ස්පර්ශ කරනු ලබයි.

    “අපේ අම්මල අතුරුදහන් වෙච්ච දරුවෝ කෝ කියලා අහනව .දැන් අවුරුදු ගාණක් .උත්තර නෑ. යුක්තියක් සාධාරණයක් ගැන හැඟීමක්වත් නැති රටකින් මම මට නැති වුණු ජීවිතය ඉල්ලන්නේ නෑ . මේ සීතල කාමර වල ඉඳන් අඬා වැටුණාට අපේ ඇතුළෙ ගින්දර නිවෙන්නේ නැහැ. ඒත් අපි ගැන හිතන කතා කරන පිරිසක් දකුණෙත් ඉන්නවා කියලා දැනෙද්දි ගිනි ගහන අව්වෙ කුලී වැඩකට දුවද්දී පවා හිතට සැනසීමක් සන්තෝසයක් දැනෙනවා.”

    තරංගනී නිර්මාණය කරනා ‘ගෞරිගේ’ චරිතයෙහි අත්දැකීම් ස්පර්ශ කිරීමේදී මට “සමනල මරණය” ප්‍රබන්ධයෙහි ” වැන්දඹුවගේ සංවාදය” සිහිපත් කරයි.මා එම අත්දැකීම් ලබා දශක දෙකකට පසුවද එකී සමාජ ආර්ථික දේශපාලන පීඩනය එයාකාරයෙන්ම ප්‍රති නිර්මාණය කරන්නට අපට සිදු වීම දේශපාලන සමාජ ඛේදවාචකයකි.අපි දේශපාලන සමාජයක් ලෙස මානවීයත්වය ආරක්ෂා කර ගැනීමට කොතරම් අසමත්ද යන්න මෙයින් පිළිඹිඹු කෙරෙන දේශපාලන යථාර්ථයයි.

    ජීවිතයම දුෂ්කර වධ වේදනාවක් ලෙසින් ගෙවා ගන්නා ගැහැනුන් අප වටා නිරතුරුව සැරිසරයි.එකී ගැහැනුන්ගේ වේදනාවන් පීඩාවන් නිමා කරලන සාමූහික සමාජ ගමනක් පිළිබද ලේඛිකාව සිහින දකියි..

    නිර්මාණය පුරාම ක්‍රිස්තියානි ස්ත්‍රී විමුක්තියේ හා ප්‍රේමයේ පරමාදර්ශී චරිතය’ මරියා’ හෙවත් ‘මීරියම්’ සමග සංවාදයක් ගොඩ නංවා ඇත.හීබෲ බසින් ‘මීරියම්’ යන්නෙහි අරුත “සිදු තාරුකාව” යන්නය.මීරියම්, අදුරු දිවි දියඹක මග කියන පහන් තාරකාවක් සෙයින් සංකේතීයකරණය කරමින් ලේඛිකාව
    ‘මීරියම් ‘සමග කරන සංවාදය ට නිර්මාණය සිසාරා පුළුල් අවකාශයක් විවර කර ඇත.

    “අමතක කරන්න එපා මැවීමේ පළමු කතාවෙහි සඳහන් වන්නේ දෙව් පියාණන් තමන්ගේම ස්වරූපයට අනුව පුරුෂයාද ස්ත්‍රියද වශයෙන් ඔවුන් මැවූ බව. මෙහිදී කිසිවෙකු උසස් හෝ පහත් වන්නේ නැහැ. දෙදෙනාම සමාන මනුෂ්‍යයන්…”

    “නමුත් දෙවන මැවීමේ කතාව තුළ ඔබ ඔය මතු කරන අර්බුදය පවතිනවා. අපේ ඉතිහාසය කොහොමත් පුරුෂ මූලික දේව ධාර්මික ඉතිහාසයක්. පුරුෂ මූලික නම් ධාර්මික වන්නේ කෙසේදැයි ඔබ මවෙතින් විමසනු ඇත. නමුත් යථාර්ථය එයයි. අතීත ලියා කතා ලිව්වේත් කිව්වෙත් පිරිමින්. ඔවුන් ඇදහූවේත් පුරුෂ දෙවි කෙනෙක් ඔවුන් ගැහැණිය දකින්නේ පෘථග්ජන මිනිස් ඇසින් මිස විශ්වීය දිව්‍යමය මේ මනසකින් නොවේ. “ගැහැණිය අසම්පූර්ණයි” යන අදහස මුල් ශුද්ධ ලියවිලි ඉගැන්වීමක් නොවේ. ඒ පසු කාලීනව ග්‍රීක දර්ශනය නිසා ක්‍රිස්තියානි ට එක්වූ අදහසක්. නමුත් ඒ නිසා වන්දි ගෙවන්නට සිදුවූ ගැහැනුන් නම් අප්‍රමාණයි .. එය සත්‍යයක්..”

    “ඒවා” කියන්නෙ ඉතිහාසය පුරා ජීවත් වූ ගැහැණුන්ගේ සංකේතාත්මය. අතීතයේ, වර්තමානයේ, අනාගතයේ වෙනත් අයුරකින් හඳුන්වනවා නම් ඇයයි නිදහස් මනුෂ්‍යයකු වන්නට පළමු පියවර තැබූ ගැහැණියගේ සංකේතය.”

    බයිබලයේ මිනිස් මැවීම පිළිබද උත්පත්ති කතාවෙහි ස්ත්‍රීත්වයෙහි ද්විතීයික භාවය සහ ඉතිහාසයෙහි මුල්ම ගැහැනියගේ සිට මේ දක්වා ගැහැනිය පිළිබද සාවද්‍ය කියවීම පිළිබද රූපකාර්ථයන් දෙස අභියෝගාත්මක දෘෂ්ටියක් හෙළන්නටද කතුවරිය ‘මීරියම්’ හරහා වෑයම් කරන්නීය..
    සත්‍යය සාපේක්ෂ බැවින් ඉතිහාසය තුළ ස්ත්‍රීත්වය කෙරෙහි නව දෘෂ්ටිමය කියවීමක් ස්ත්‍රිය විසින් ගොඩ නැංවිය යුතු බවද මෙහිලා සියුම්ව අවධාරණය කරයි..
    අධිරාජ්‍යවාදීන්ගේ… පාලකයන්ගේ..

    බලලෝභීත්වය අතීතයේ සිට වර්තමානය දක්වා සාමාන්‍ය ජනයා පීඩනයට පත්කරමින් ඓතිහාසිකව ප්‍රතිනිර්මාණය වන අයුරු ද කතුවරිය මීරියම්ගේ දෙබස් හරහා ඉස්මතු කරයි.
    “අපි මිසරයට පළා ගියා.දරුවාගේ ජීවිතය බේරගන්න.ඒත් අපේ දරුවා වෙනුවෙන් තවත් දහස් ගණනක් දරුවන්ට ජීවිතය දෙන්නට සිදුවුණා. ඒ බිළිඳුන්ගේ කෑ ගැසීම් ඒ මව්වරුන්ගේ හඬා වැටීම්. තවමත් මා දෙසවන් තුළ දෝංකාර දෙනවා. පාලකයන්ට උවමනා තම පුතුන්ගේ හිස මත පමණක් කිරුළ තියෙනව දකින්න .තමන්ගේ පරපුරට පමණක් කිරුළ උරුම වෙනව දකින්න. ඒ නිසයි ඔවුන් මා පුතු පසු පස පැන්නුවේ .ඔවුන් සිතුවේ මා පුතුගේ උපත ඔවුන්ගේ ලෞකික රාජ්‍යයට අභියෝගයක් වේවි කියා …”

    “අධිරාජ්‍යයක පමණක් නොවෙයි ඕනෑම කුඩා රාජයක සිදුවන්නේත් එයමයි. එදා වගේමයි අදත් පාලකයන් ස්වකීය දරුවන්ගේ උරුමය රැක ගන්නට ඕනෑ තරම් රටේ දරුවෝ මරා දමාවි, කිසිදු හැඟීමකින් තොරව, දරුවන් ඔසවා ගන්නා, දරුවන් සිප ගන්නා, දරුවන් නළවනා දාරක ප්‍රේමය ඔවුන්ගේ කෙතරම් විහිළුවක්ද එය..”

    “මා සිතින් දකිමින් සිටියේ තම නැති වූ දරුවන්ගේ පින්තූරය රැගෙන වීදි පුරා රැඳී ඉන්නා මව්වරුන්ය. කවදා හෝ තම දරුවන් නිවසට පැමිණෙනු ඇතැයි මග බලමින් සිටිනා අම්මලාය .යුද්ධයේදී මිය ගිය සෙබල පුතුන්ගේ නම සොයා දැවැන්ත ස්මාරකවල කුරා කුහුඹු අකුරු පිරික්සන විය පත් මව්වරුන්ය.”
    ” ධනවතුන්ගේ බලවතුන්ගේ සිහින රාජයන් ගොඩනඟන්නට හැමදාමත් දිවි දුන්නේ දුප්පත් අම්මලාගේ දරුවන්ය.”
    “ලෝක ඉතිහාසයම අපේ දරුවන්ගේ ලේ කඳුළු වලින් නැහැවිලා. රාජ්‍යත්වය පිළිබඳ තෘෂ්ණාව බොහොමයක් මිනිස්සුන්ට ඉතිරි කළේ රිදවුම් පසුතැවීම් පමණයි.”

    ‘මීරියම්’ හා ජෙරුසලමේ දූවරුනි කතා නායිකාව බලය පිළිබද ඓතිහාසික දේශපාලන යථාර්ථය විදහාලමින් සංවාදය ගලායාමට සලස්වයි.
    විමුක්තියේ .. මානව ප්‍රේමයේ හා දරා සිටීමේ ඓතිහාසික සංකේතීය ගැහැනියක අභිමුඛව මානව ප්‍රේමය පෙරදැරි කරගත් වර්තමානයේ සමාජ දේශපාලන සංස්කෘතික පසුතලය තුළ පීඩනය අත්විදින ගැහැනියක වසර දහස් ගණනක පීඩිතයාගේ අද්දැකීම්හි සාම්‍යත්වය විහිදමින් සංවාදයට ගැනීම කතුවරියගේ අභිප්‍රාය විය හැකිය.

    එහෙත් “ජෙරුසලමේ දූවරුනි “නිර්මාණය සිසාරා මේ සංවාදය වඩා වැඩි අවකාශයක් අත්පත් කර ගැනීම හරහා වර්තමාන නිමේෂයෙහි යථාව වඩා පුළුල්ව නිරූපණය කිරීමට තිබූ ඉඩ කඩ ඇහිරී යාම මෙන්ම මේ සංවාදයන්හි වන දීර්ඝ බව නිසා කියවන්නා වෙහෙසකර බවකට පත් වන බවක් මට හැගී යයි.මීරියම් හා සංවාදය වඩා සංක්ෂිප්තව නිර්මාණය කර වත්මන් ලාංකික ගැහැනියගේ ජීවිතය මෙයට වඩා ගැඹුරු ලෙස ග්‍රහණය කළා නම් “ජෙරුසලමේ දූවරුනි ” වඩාත් අපූර්ව ලාංකික දේශපාලන නිර්මාණාත්මක කතිකාවක් ලෙසින් ගොඩ නැංවීමට තරංගනීට හැකිව තිබුණි.

    කතා නායකාව රටෙහි පීඩිත කාන්තවන් සදහා යම් පිළිසරණක් වීමට වෘත්තිමය ජීවිතය තුළ අවකාශයක් හිමිකර ගත්තද සිය එක් කුස උපන් සහෝදරියගේ ජීවන පීඩනයේදී දෙදෙනා අතර වන දුරස්ත භාවය “ජෙරුසලමේ දූවරුනි ” සංවාදයට ගනුයේ අපට මග හැරී යන සමීප මානුෂීය සහයෝගයන් හා සිතා බැලීම් පිළිබද යම් පු පුළුල් සිතා බැලීමේ අවකාශයක් විවර කරමිනි..

    “ජෙරුසලමේ දූවරුනි ” ප්‍රබන්ධය ආරම්භයේ සිට අවසානය දක්වා විවිධ දුක්ඛ දෝමනස්සයට චක්‍රීය ආකාරයෙන් මුහුණ දෙන මිනිස් සමූහයක් අපට මුණගැසේ..ඒ තුළ ජීවිතය උපේක්ෂාවෙන් දරා ගනිමින් බිද වැටුණු ජීවිත යළිත් ගොඩ නගා ගැනීමට හුදකලාව වැර දරණ ගැහැනුන් නිරූපණය වේ.සිය චිත්තවේගයන් පාලනය කර ගැනීමට නොහැකිව ජීවිතයේ ගැටලු බෙදා හදා ගැනීමට නොහැකි සංස්කෘතික පරිසරයක හුදකලාව ජීවිතය අතැර යන පිරිමින් හමුවේ.. යුද්ධය නිසා සැමියන් අහිමි බිරින්දෑවරු යුද්ධය නිසා පෙම්වතුන් අහිමිව හුදකලාවූ පෙම්වතියන්,සැමියන් අතැරයාම් හා සියදිවි නසා ගැනීම නිසා හුදකලා වන ගැහැනු,යුද්ධය නිසා දරුවන් අහිමි වියපත් මව්වරුන්,සිය දරුවන්ගේ අනේක ප්‍රශ්න මැද පීඩනය දරා සිටින වියපත් මව්වරුන් හා දෙමව්පියන්ගේ ගැටුම්,වියෝවන් මැද හුදකලාව සංකීර්ණ මානසික පීඩනයන්ට ගොදුරුවන දරුවන් ගෙන් සම්ම්ශ්‍රිත..”ජෙරුසුලමේ දූවරුනි ” විවිධ ජීවන අනුභූතිමය පරාසයකින් විහිදෙන වර්ණාවලියක් සිතුවම් කරයි.

    ලංකාවෙහි විවිධ පළාත් හි ස්ත්‍රීන් පෙළන සමාජ ආර්ථික හා මානසික පීඩනයෙන් මුදවා ගැනීම සදහා ඔවුන්ව සමාජ ආර්ථිකව බල ගැන්වීමේ රාජ්‍ය නොවන ව්‍යාපෘතියක වැඩ කටයුතු මැද අවිවේකී දිවියක් ගෙවන මැදිවියට ළගා වෙමින් සිටින තැනැත්තියක සිය සහෝදරියගේ දෙවන සැමියා සිය දිවි නසා ගැනීමේ අනපේක්ෂිත පුවත සැලව උපන් ගම්මානය වෙත පැමිණෙයි. එහිදී තමාද,සිය සොයුරිය ඇගේ දෙවන විවාහය සමග මවගෙන් වෙන්ව සිටින නව යොවුන් වැඩි මහල් දියණිය හා දෙමව්පියන් ඇතුලු සමස්ත පවුල මේ ක්ෂිතිමය මනෝභාවය සංස්කෘතික හා මානවීය වශයෙන් අත් විදින ආකාරය සිනමාත්මක හා කවීත්ව
    භාෂාත්මක අත් හදා බැලීමක් හරහා තරංගනී පාඨකයා වෙත සමීප කරවීමට නිර්මාණාත්මක අත් හදා බැලීමක් කර ඇත.
    මෙහිදී මානව සබදතා හා චර්‍යාවන් පිළිබද අප තුළ වන පටු දෘෂ්ටිමය කියවීම් හා මානව ඛේදාන්ත හමුවේ සමාජ සංස්කෘතික තිගැස්ම තුළින් හටගන්නා ප්‍රතිචාරයන්හි වන රළු හා මුග්ධත්වය විදහාලීමටද කතුවරිය උත්සාහ කරයි.

    “ජෙරුසලමේ දූවරුනි” තුළ” යුද්ධයෙහි ගොදුරක්ව මිය යන හමුදා භටයකුට පාසැල් වියේ සිට පෙම් බැදි ඔහු ගේ මරණයෙන් මතුවද ඔහු කෙරෙහි වන අධ්‍යාත්මික ප්‍රේමයෙන් උපේක්ෂාවෙන් ජීවිතය දරා සිටින ” බුලත් අරමෙහි ලොකූ “මෙන්ම , ජීවිතයේ කෙටි කලක් තුළ සැමියන් දෙදෙනෙකුම අතැරයාම හා සියදිවි නසා ගැනීම නිසා අහිමිව දියණියන් දෙදෙනෙකු සමග හුදකලා වන සොයුරිය ජීවිතයේ දුක්ඛ දෝමනස්ස මැදින් ප්‍රේමයම දරා ගනිමින් ප්‍රේමයම සොයා යමින් සමස්ත සමාජයට ප්‍රේමයම පුදමින් ඉදිරියට පියමනින ස්ත්‍රීත්වයේ.. ශක්තියේ… ප්‍රතිමූර්තියන්‍ ය..
    “ඔයා එල්ලුණා බාල්කේ…මම එල්ලුණා ජීවිතයේ ..” ජීවිතයේ අනේක විද අර්බූද හමුවේ පිරිමියා මරණය සමග යා වෙද්දී ජීවත් වීම සදහා අරගල කරන ගැහැනිය පිළිබද රූපකාර්ථයෙහි අරුත් උද්දීපනය කිරීමට තමා කියවමින් සිටින ප්‍රබන්ධයක මාර්තුකාවක් කතුවරිය කතාව තුළ වරින් වර මනාව සුසංයෝගී කර ගැනීම අපූර්වය.

    2017 දී පළ කළ “දේශ ද්‍රෝහියාගේ නිර්මල හෘදය” පළමු නවකතාවෙහි සිට තරංගනී ඇය සතු කවීත්ව බස් වහර ඔස්සේ “ජෙරුසලමේ දූවරුනි ” හරහා නිර්මාණාත්මක හා දෘෂ්ටිමය වශයෙන් වඩා ඉදිරි මාවතකට ප්‍රවේශ වී ඇති බව පිළිඹිඹු වේ.
    නිදහස් ප්‍රේමයක් පිළිබද නැවුම් සංවාදයක්ද මෙම නිර්මාණයෙහි යටි පෙළ ගලා යාමට සලස්වන නමුදු ගැහැනියගේ අභ්‍යන්තරික ප්‍රේමයට ඉහළින් දිව්‍යමය තලයකට පෙම්බරා ඔසොවා තබන්නට ඔවුනතර වන ඇතැම් සංවාද සහ ස්වයං ආත්ම භාෂණය ඔස්සේ කතුවරිය වෑයම් දරා ඇතැයි
    සිතේ.

    පෙම්බරා සේම පෙම්බරියගේද මානවීය ප්‍රේමයේ වටිනාකම් හා ජීවන අවබෝධය සමාජ කියවීම් සමපාත වන නව දෘෂ්ටිමය තලයක ලාංකික දේශපාලන සමාජ සංස්කෘතික සංදර්භයයෙහි යතාවෙහි නව වර්ණාවලියක් වඩා පුළුල් පථයක ප්‍රති නිර්මාණය කරන්න තරංගනී රෙසිකා ප්‍රනාන්දුට මගේ ආදරණිය සුභාශිංසන පිරිනමමි..

    තිලිනා වීරසිංහ
    තිලිනා වීරසිංහ
  • ලාංකික සහෝදරියන්ගේ විමුක්තියේ රාව නංවන “දුර දසුනෙක හිරු ගිනි ගෙන..”

    ලාංකික සහෝදරියන්ගේ විමුක්තියේ රාව නංවන “දුර දසුනෙක හිරු ගිනි ගෙන..”

    දෙවැන්න..

    කදුකර කම්කරු ප්‍රජාවගේ පීඩනයට එරෙහිව විමුක්තියේ ගිනි සිලු දැල්වූ මීනක්ෂි අම්මාල් පිළිබද අපූර්ව තොරතොරු රැසක් අනුෂා සිවලිංගම් පරිවර්තනය කළ “දුර දසුනෙක හිරු ගිනි ගෙන ” අපට හෙළි දරව් කරයි.

    බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් සිය ආර්ථික අරමුණු ඉටු කර ගැනීමේ අභිලාෂයෙන් දකුණු ඉංදීය දිළිදු කම්කරු ප්‍රජාව බලහත්කාරී ලෙස සිය නිජ බිමෙන් පැහැර ගෙන විත් ශ්‍රීලංකාවේ විශාල වතු වගා භූමි ප්‍රදේශය වූ කදුකරය තුළ අමානුෂිකව සිරකර ඔවුනගේ ජීවිතය ඔවුනට අහිමි කරන ලදී. සියවස් දෙකකට පසුවද මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වමින් ශ්‍රමය සූරාකෑමට හා පාලකයන්ගේ බල අභිලාෂය අභිමුව ඉමහත් වංචනික රවටනු ලබමින් පරම්පරා ගණනාවක් සරණාගතයන් ලෙස ඔවුහු ජීවත්වෙති. දේශපාලන සමාජ ආර්ථික මූලික අයිතීන් අහිමිව මානුෂිකත්වයේ අන්ත ඛේදනීය ජීවන රටාවක් සමග රාජ්‍ය හා සමාජය තුළ මිනිස්කමේ පිළි ගැනීම පවා අහිමිව හුදකලා පීඩනයක ගිලී සිටින මෙම මලය කම්කරු ප්‍රජාව දෙස මානුෂීය දෘෂ්ටියක් හෙලන්නට
    ” දුර දසුනෙක හිරු ගිනිගෙන” ඉඩ ප්‍රස්ථා විවර කරයි.

    මෙයට සිය වසකට පමණ පෙර දරිද්‍රතාවේ හා නොදැනුවත්කමේ අන්ත අසරණ පීඩනයක ගිලී සිටින කම්කරු ප්‍රජාවගේ පීඩනයට එරෙහිව හඩ නැගූ මීනක්ෂි අම්මාල් නම් විප්ලවවාදිනිය අනූෂා හදුන්වනුයේ ලාංකිය කම්කරු ව්‍යාපාරයේම නව පරිච්ජේදයක් ආරම්භ කළ සටන්කාමී ගැහනියක ලෙසිනි.එසේම මලය කාව්‍යයෙහි පුරෝගාමී ස්ත්‍රිය වන මීනක්ෂිගේ කවීත්වය ලේඛිකාව මෙහිදී” සටන්කාමී ගැහැනු කවියක් බදු කිවිදිය ” යනුවෙන් ඇගයීමට ලක් කරයි.

    1894දී ඉංදියාවේ උපත ලබන මීනක්ෂි 1925දී සිය පවුලේ අවශ්‍යතාවකට ලංකාවට පැමිණෙයි. ඉංදියාවේ සිට මෙරටට පැමිණ කදුකර කම්කරු ප්‍රජාවගේ දුක්ඛිත පීඩනයට එරෙහිව ක්‍රියා කරමින් සිටි නඩේසය්යර් ඇයට මෙම ගමනේදී මුණ ගැසෙයි.
    ඔවුන් දෙදෙනා එක්ව බලවත් බාධක හා අසීරුතා මැද මෙම කම්කරු ප්‍රජාවගේ පීඩනයට එරෙහිව මහත් මැදිහත් වීමක් කරන්නට දරණ උත්සාහයෙන් බිදක් මෙම කෘතියෙන් නිරූපණය කෙරේ.

    ඇති නැති පරතරය,සම්මත කුල ස්ථරායනයේ පහළ සිටින්නන්ට තිරිසන් සත්වයන් සේ සැලකීම,ළදරු විවාහ,සැමියා මිය ගිය ස්ත්‍රියට නැවත විවාහ වීමේ ඉඩ ඇහිරීම,ස්ත්‍රීත්වය පිළිබද ගෝත්‍රික මිත්‍යා විශ්වාස,ස්ත්‍රී අධ්‍යාපනය අහුරා තිබීම හා ස්ත්‍රිය මත දැඩි පීඩාකාරී සම්ප්‍රදායක් බල පැවැත්වීම වැනි අගතීන්ගෙන් පිරී තිබූ යුගයක මීනක්ෂි අම්මාල් කම්කරු අයිතීන් හා ස්ත්‍රී විමුක්තිය වෙනුවෙන් පෙනී සිටීම ඓතිහාසික වශයෙන් වැදගත් සිදුවීමක් ලෙස පද්මා සෝමකාන්තන් “ඊල දෙමළ කාන්තා නායකත්වය” නම් කෘතියෙහි සදහන් කරයි.

    අතිශයින් පීඩිත කම්කරු ජනතාව අතරට ගොස් ඔවුන් දැනුවත් කිරීමේ අරමුණින් කවි ලියා ගායනා කළ මීනක්ෂි ඇය මෙසේ ගැයූ “මෙට්ටු ගීත”හරහා මෙම ජනතාව සිය පීඩනය පිළිබද සවිඥානික කිරීමට වෙහෙසුණාය.වර්තමාන මලය ප්‍රජාවගේ අරගලයේ පුරෝගාමිනියක ලෙස මීනක්ෂි අම්මාල් ඉතිහාසයට එක්වේ.
    සිංහල ජාතිකවාදයට හා ජාතිවාදයටද දැඩි ලෙස පහර දෙමින් බ්‍රිතාන්‍ය පාලකයන්ට ඔවුනගේ ආර්ථික සූරාකෑමට එරෙහිව හඩ නගන පළමු ගැහැනිය ලෙස පර්‍යේෂකයන් හා ලේඛකයන් හදුන්වන මීනක්ෂි ගේ කාව්‍යය කිහිපයක් අනුෂා තම කෘතියට එක් කිරීම අගය කළ යුතුය.

    “ඉන්දියානු
    කම්කරුවෝ මෙහි පැමිණියෝ
    මේ දේශය පුබුදන්නට
    උන් කැප වුණෝ

    සිහි විකලේ මැති
    ඇමතෝ හිනැහුණෝ හිතුණු හිතුණු අණ පනතින් උන් සැනසුණෝ”

    ලාංකික දේශපාලනයේ මුග්ධ ජාතිවාදය හා මතවාදී ආධිපත්‍ය මනාව පිළිඹිඹු කරමින් එයට එරෙහිව පීඩිත කම්කරුවන් වෙනුවෙන් මීනක්ෂි අම්මාල් නිර්භයව සිය හඩ කාව්‍යය හරහා අවදි කරයි.

    “ඉන්දියානුවො මෙහේ ඉන්න හොඳ නෑලු
    උන් ඉල්ලපු නිදහස
    උන්ට දෙන්න ඕන නෑලු”

    මෙරට කාන්තාවන්ට ජන්ද බලය ලබා දීම සදහාද සුවිශේෂී මැදිහත් වීමක් කළ මීනක්ෂි කම්කරු පංතියේ අයිතීන් වෙනුවෙන් ලේඛනයේ යෙදෙමින් දේශපාලන වේදිකා මත හඩ නංවමින් හා එකී ප්‍රජාව අතර සැරිසරමින් කව් ගී ගයමින් ඔවුන් දැනුවත් කරමින් ඔවුනගේ විමුක්තිය උදෙසා කළ ඒ මහගු දේශපාලන මෙහෙවරට අප දේශපාලන සමාජයක් වශයෙන් ප්‍රණාමය පිරි නැමිය යුතුය. වතු අධිකාරිත්වයට එරෙහි වූ බ්‍රස්ගර්ඩ්ල් නම් ඉංග්‍රීසි ජාතිකයා රටින් පිටුවහල් කිරීමට එරෙහිව පැවැත්වූ දේශපාලන රැළියේ වේදිකාව මත මීනක්ෂි නැගූ දේශපාලන රාවය ඉතා ප්‍රභලය.

    “කකුලට සෙරෙප්පුවක් නැතිව
    බඩෙන් අඩක් පුරෝගන්න කැදවත් නැතිව
    ඉන්න මහ පොළොවකුත් නැතිව
    ඇයි අපි මෙවන් දුකක් විදින්නේ තවම

    ලේ රත් විය යුතුමයි
    නහර කෙළින් විය යුතුමයි
    මොළය පාදා ගත යුතුමයි..”

    1980 පසු උසස් අධ්‍යාපනය සමග කදුකර කම්කරු පීඩනය පිළිබද ස්ත්‍රී කාව්‍යය නිර්මාණයන්හි සැලකිය යුතු දායකත්වයක් හා යම් දෘෂ්ටිමය හැරවුම් ලක්ෂ්‍යයක් පිළිඹිඹු කෙරෙන බව ද එහි ලා කැපී පෙනෙන කිවිදියන් හා ඔවුනගෙ කාව්‍යය අනුභූතින් කිහිපයක්ද “දුර දසුනෙක හිරු ගිනිගෙන” සටහන් කරයි.

    –දුර දසුන–

    කඳු හිසක් මත
    හෙවණක් ඇතත්
    හිමිකමත් ගෞරවයක්
    දුර දසුනකි…
    පොත් බර
    දැරිය යුතු උරයේ
    වක් පිහියත්
    දළු කූඩයත්

    අඩි අටේ ලයිමේ
    අපේ රාජ්‍යය
    ඡන්දෙදි අපි එහේ
    රජවරු

    වෙස්සන්තරවරුය අපි
    දහදියම වගුරන
    සිරුරම පොහොර කර පුදන

    කඩන්න කඩන්න
    දළුලන හෙයින්දෝ හිමිකම පාවා දුන්නේ
    තේ ගහකට
    සල්ලි උපද්දන
    ලේ නහර අපිට හැදුනුම්පත පමණි ඇත්තේ
    අපට අපිව පිළිගැනුමට

    දුක දුකම වැඩේ
    අපේ ජීවිත ගමනේ
    මේ කළුව පහව යන්නේ කවදාදෝ
    හිත හැමදාම පිළිකන්නේ

    අපි ගැන හිත උණුවේ කඳුළක්ව කඩා වැටෙන්නේ උදෑසන තණපත් සිඹින
    පිනි බිංදු පමණි

    ලරීනා අබ්දුල් හක් කිවිදිය 1998දී” වීසුග පුයලේ” කෘතියෙහි පළ කළ මලෙය ජනතාවගේ පීඩනයට එරෙහි විරෝධාකල්ප කාව්‍යයකි. සියවස් දෙකක මෙම කදුකර තේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ඉතාම අමානුෂික ලෙස ශ්‍රමය සූරාකෑමට ලක්වූ කම්කරුවන් බල දේශපාලනය තුළ රවටන අයුරු හා ඔවුනගේ අධ්‍යාපනය,විවේකය,
    නිදහස අහිමි කරනු ලැබීම
    හා ජීවිතයම කොල්ලකෑම ලරීනා විසින් මනාව ප්‍රති මූර්තිමත් කරයි.

    උතුරේ කිවිදියන් තම ජනයාගේ විමුක්තිය උදෙසා කළ ප්‍රකාශනයන් “දුර දසුනක හිරු
    ගිනි ගෙන” සංවාදයට ලක් කරනුයේ වාර්ගික හිංසනය විසින් නිහඩකරවන භූමියක වුව සිය විමුක්තිය වෙනුවෙන් නිර්භයව හඩ නැගූ සියලු කිවිදියන් ඉතිහාසය තුළ දේශපාලනික ඇගයීමට ලක් කරමිනි.1986දි ප්‍රකාශිත “සොල්ලාද සේදිගල්” ( නොකියූ කතා) කෘතිය පිළිබද අදහස් පළකරමින් ලේඛකයකු හා විචාරකයකු වන එස් .කරුණාහරන් ඒ හරහා සමකාලීන දේශපාලන සංදර්භය හා අප්‍රකාශිත ස්ත්‍රීත්වයේ ආත්මීය පීඩනය,දේශපාලන පීඩනය පිළිබද මනා පිළිඹිඹුවක් වූ බවත් එය ස්ත්‍රීන්ගේ සමාජ දේශපාලන දෘෂ්ටිය හා චින්තනය පැහැදිලි පරිවර්තනයක් උදෙසා බලපෑ බවත් සදහන් කරයි.

    යුද්ධයෙහි තීව්‍රත්වය විසින් වාර්ගික හිංසනයට ද්විතීකව ස්ත්‍රිය මත ලිංගික හිංසනය පැතිරවීමට එරෙහිව ස්ත්‍රියගේ විරෝධතාව ද බෙහෙවින් තීව්‍රව ඉස්මතු විය.කවිය හරහා ඒ විරෝධතාව කලා නම් කිවිදිය ප්‍රකාශයට පත් කරනුයේ යුධ ගැටුම් හමුවේ ස්ත්‍රීත්වයේ ලිංගික බලහත්කාරී හිංසනයට එරෙහිව විශ්වීය ස්වරක් නගමිනි.

    “මේ දූපතේ සාමය වෙනුවෙන්
    නුඹේ
    පරිත්‍යාගය කුමක්ද
    වහ වහා එනු
    උනා සළු පිළි
    නිරුවත් වෙනු!

    පව් උන්
    ඒ වෛරය
    වෙන කොහේ මෝචනය කරන්නද…

    සිහල ස්ත්‍රීනි
    නුඹලාගේ යෝනි
    දැන් නිදහස්..”

    සිංහල වාර්ගික වෛරය මෝචනය වන්නේ.. මුදා හරින්නේ දෙමළ ස්ත්‍රියගේ යෝනිය මත බවත් එහෙයින් එකී පුරුෂයාගේ වියරු ලිංගික ප්‍රචණ්ඩත්වයෙන් සිංහල ස්ත්‍රියගේ යෝනිය නිදහස්ව ඇති බවත් කලා ප්‍රකාශ කරන්නේ ඉතා ප්‍රභල දේශපාලන රූපකාර්ථයන් ගොඩ නංවමින් සමස්ත දෙමල ප්‍රජාවගේ විරෝධය හා වේදනාව කැටිකර මුදා හරිමිනි.

    දශක තුනක් පුරා සිදු කරන ලද ගිණිය නොහැකි රහසිගත ලිංගික ප්‍රචණ්ඩත්වයන්ට ගොදුරුව මිය ගිය බොහෝ දෙමල ස්ත්‍රීන්ගේ පීඩනය පිළිබද දකුණේ සමාජය වෙත නිරාවරණය වූයේ යම් අංශු මාත්‍රයක් පමණි. ක්‍රිෂාන්ති කුමාරස්වාමී,කෝනේශ්වරී,ඉසිප්‍රියා යනු ලිංගික ප්‍රචණ්ඩත්වයට ලක්වූ දෙමල සහෝදරියන්ගේ වේදනාවෙහි
    සංකේතයන්‍ කිහිපයක් පමණි.

    සාමූහික ලිංගික හිංසනයෙන් පසු තම සහෝදරියන් එල්.ටී.ටී.සාමාජිකාවන් ලෙස අරුත් ගන්වමින් ඔවුනගේ යෝනි මත බෝම්බ පුපුරුවා විනාශ කරමින් දරුණු වධහිංසා මැද ඔවුනට පැමිණ වූ ලිංගික සාහසිකත්වය හා ඔවුන්ගේ ඝාතනය සාධාරණීකරණය කරන රළු වාර්ගික පුරුෂ දේශපාලනය මේ කවිය තුළ කිවිදිය මනාව නිරූපණය කරනුයේ එකී ම්ලේච්ඡවයට එරෙහිව දැඩි විරෝධයක් ගොඩ නංවමිනි.

    සන්මාර්ක්කා “මවකගේ අදෝනාව “නම් කවිය හරහා බලහත්කාරීව මහ මග ඝාතනය කළ තම පුතුගේ සිරුර තම පුතුගේ ලෙස සතුරා ඉදිරියේපිළි ගැනීමට වන බිය නිරූපණය කරන මනුෂ්‍යත්වයේ පීඩිත ඛේදයේ ගැඹුරු වේදනාත්මක මනෝ කලාපයක් ස්පර්ශ කරමින් වාර්ගිකව විනාශ කළ සමාජ දේශපාලන භූමියක මනුෂ්‍යත්වයේ වේදනාවෙහි විලාපය ප්‍රති මූර්තිමත් කරයි.

    “හන්දියේ පාර මත
    නුඹේ සිරුර
    පිට පුරාලේ ඒ නුඹ දැයි නැමී බැලුවා ඔහු රත්තරනේ ඒ නුඹමයි.

    “ඇයි ආච්චි
    නුඹ අඩන්නේ”
    කටහඬක් සෙනග
    අතරින් මතුවිය

    “උඹ කොල්ලව දන්නවද” කාකි ඇඳුමකින්
    බරති හඩක්
    දිලිසෙයි ඒ අත තුවක්කුව

    “දන්නේ නෑ.”
    හිසින් සංකර
    නිහඬ වූයෙමි.

    මා වදාපු
    පළමු මුතු කැටය හිතවාවන්නේ කෝම…
    අනේ රත්තරනේ
    මං වගේ පව්කාරියක් ..
    මේ මගේ පුතා කියාගන්නට බැරි පව්කාරියක්…

    මේ රැයේම
    නුඹව රැගෙන
    යා හැකිනම්
    චෙම්මනියට
    දවා අළු කරමි
    මම
    ඊයේ රාත්‍රියේ
    දියබත් අනාදුන්
    අතින්ම මේ ණයත් ගෙවන්නට තිබුණා
    මට…”

    “මවකගේ අදෝනාව” කවිය හරහා සමාජ ආර්ථික පරතරය සටන්කාමීන්ගේ පීඩිත යථාව හා ඔවුන් මෙහෙයවන දේශපාලනයේ ප්‍රභූ භූමිකාව හා
    වාර්ගික හිංසනය තුළ මව්වරුන් හා දරුවන් විදිනා අනේක විදි කායික මානසික දුක් වේදනාවන් සම්මිශ්‍රණය කරමින් පුළුල් පරාසයක් තුළ සන්මාර්ක්කා කිවිදිය සිය ප්‍රකාශනය විදහාලයි.

    වාර්ගික හිංසනයට හා ස්ත්‍රී හිංසනයට එරෙහිව දේශපාලන ප්‍රකාශනයන්හි ගැඹුරු වියමනක් ලාංකික සමාජ දේශපාලන සංදර්භය තුළ වියමං කරන “දුර දසුනෙක හිරු ගිනිගෙන ” නිර්මාණ සංවාද අතර ඌර්වසී කිවිදියගේ
    “මහ උළු ගෙදර අධිකාරතුමනි..”කාව්‍යයද රාජ්‍ය මර්දනය හා අධිපති මතවාදය ඉතා ගැඹුරු ලෙස අභියෝගයට ලක් කරමින් සිය විමුක්තිය උදෙසා නොබියව සමකාලීන පීඩාකාරී දේශපාලන අධිකාරය ප්‍රශ්න කරනා ඍජු සංවාදයකි.

    “මහ උළු ගෙදර අධිකාරිතුමනි…”

    ” අධිකාරිතුමනි
    ඔබ
    මා
    සිරකර තබයි.

    එයට එරෙහි විය නොහැකිය මට
    කිසිවක් නොකියමි
    මම
    වද හිංසාද
    නැවැත්විය නොහැකිය ඇයිද යත්,
    මම සිරකරුවෙක්මි .

    අපි ඉල්ලුවේ විමුක්තිය ඔබ කියයි මට
    “උඹ ත්‍රස්තවාදියෙක් ..!”

    කෑගැසීමෙන්
    හඬා දෙඩීමෙන්
    මා පෙළෙන වේදනාව
    අඩු නොවේ සුළඟිල්ලක්වත් සෙලවිය නොහැකි මට
    තුවාල මත ලේබල් නැති දියර වක් කරත්
    එයටද මට එරෙහි විය නොහැකිය
    එයත් ඔබදනී

    එහෙයිනි, මෙම ආයාචනය
    මා සිර කරන කුටියේ
    මට ළඟා විය නොහැකි දුරින්
    කුඩා කවුළුවක්
    විවර කර දෙන්න නැති
    නම් උළු කැට භාගයක කවුළුවක් හරි ඉවත් කර දෙන්න

    මෙය පලා යාම පිණිස නොව
    සුළං පොදක් මා දෑතේ දැවටුනදෙන්
    ගමන් කරන පොඩි
    වලා කුළක්
    අතු අග උපදින දල්ලක් මගේ දෘෂ්ටිපථය හරහා යන කුරුල්ලෙක්
    මෙතෙක් මා ජීවත් වූ විශ්වයේ
    මගේ මිනිසාව
    මම දකිමි…”

    ඌර්වසීගේ මෙම කවිය කුට්ටමනී..තංගදුරේ හා උමා මහෙස්වරන් වැනි සිය වාර්ගික විමුක්තිය වෙනුවෙන් දිවි පිදූ සොයුරයන් රාජ්‍ය ප්‍රචණ්ඩත්වය විසින් ඝාතනයට ලක් කිරීමට පෙර සිංහල රාජ්‍ය බල අධිකාරිය දරුණු ලෙස අභියෝගයට ලක් කරමින් දෙමළ ජනයාගේ විමුක්ති අරගලය සාධාරණීකරණය කරමින් එහි මූල පදනම් විමසන ලෙස 1983 පෙබරවාරියේදී නීතිය ඉදිරියේ කළ දේශපාලන අරගලයෙහි දිගුවක් ස්ත්‍රීත්වයේ ප්‍රකාශනය හරහා විකාශනය වී ඇතැයි මට සිතෙයි.

    දේශපාලන සමාජ විමුක්තිය පිළිබද හා ප්‍රචණඩත්වයෙන් තොරව මානවියත්වයේ අරුත් නිදහසේ විද ගැනීමට ස්වභාවිකත්යෙන් උරුම වූ අයිතීන් ආරක්ෂා කිරීමේ සවිඥානකත්වයෙන් ගැඹුරු දේශපාලන දෘෂ්ටියක් ඔස්සේ අපූර්ව ස්ත්‍රීමය කාව්‍ය කතිකාවක් ගොඩ නැංවූ දෙමල ස්ත්‍රීන්ගේ අදහස් ප්‍රකාශනයක් සියුම්ව ගවේෂණය කරමින් බොහෝ කිවිදියන් හා බැදුණු තොරතුරු පරිශීලනය කරමින් ඔවුනගේ අදහස් හා මතවාද සමාජ ගත කරන්න අනූෂා සිවලිංගම් “දුර දසුනක හිරු ගිනිගෙන හරහා “දරණ වෑයම අප මග නොහැරිය යුතුය. ලාංකික අදහස් ප්‍රකාශනය අතර අනූෂා සිවලිංගම්ගේ නිර්මාණ පරිකල්පනයද ප්‍රතිවිරුද්ධ වර්ගික සිතීම් දෙකක් එකට යා කිරීමට ඇය ගන්නා දේශපාලන වෑයමද සුවිශේෂී සලකුණක් ලෙස සනිටුහන් වන බව ද මෙහිලා ප්‍රකාශ කළ යුතුය.

    මෙතෙක් ලාංකික අධිපති මත ධාරාව තුළ දෙමළ භාෂණයේ හඩට සවන් නොදීමේ ..සංවේදී නොවීමේ හා ඒ හඩ යටපත් කරනු ලැබීමේ සම්ප්‍රදායෙන් බැහැරව අප විසින් සහෝදරාත්මක දෘෂ්ටිකෝණයකින් මෙම සහෝදරත්වයේ හඩ ගැඹුරින් ස්පර්ශ කළ යුතු දේශපාලන කතිකාවක් බව අවධාරණය කරමි.
    අවසන,
    මෙම දෙමළ කිවිදියන් ගේ නිර්භීත බව අගයමින් ඔවුනට ප්‍රණාමය පුදන අතරම ඔවුනට අනුභූතීන් සැපයූ සමස්ත දෙමළ ප්‍රජාවගේ පීඩනයට එරෙහිව නව සිතා බැලීමේ ප්‍රවේශයකට එක්වන්නැයි දකුණේ ප්‍රජාවගෙන් ඉල්ලා සිටිමි.

    තිලිනා වීරසිංහ
    තිලිනා වීරසිංහ
    ලාංකික සමාජ දේශපාලන අදහස් ප්‍රකාශනයේ රික්තය පුරවාලන “දුර දසුනෙක හිරු ගිනිගෙන…”
    “නිදි නැති නිම්නය” ස්ත්‍රීත්වයේ පීඩනයට එරෙහි නිර්මාණශීලී කතිකාවක්.
    දීපචෙල්වන්ගේ ” නිනයිවිල් නාඩුල්ලවන්
    ලිංගික සාහසිකත්වයට එරෙහි සාහිත්‍යමය සංවාදයක් “සියාමා”


  • ලාංකික සමාජ දේශපාලන අදහස් ප්‍රකාශනයේ රික්තය පුරවාලන “දුර දසුනෙක හිරු ගිනිගෙන…”

    ලාංකික සමාජ දේශපාලන අදහස් ප්‍රකාශනයේ රික්තය පුරවාලන “දුර දසුනෙක හිරු ගිනිගෙන…”

    අනූෂා සිවලිංගම් සහෝදරිය ඇගේ නිර්මාණාත්මක හා ශාස්ත්‍රීය කාර්‍ය භාරය සමග දශකයට ආසන්න කාලයක් ලාංකික සමාජ දේශපාලනයේ මානව ප්‍රකාශනය වඩාත් පුළුල් වපසරියක ගොඩ නැංවීමට දායක වීම බෙහෙවින් අගයමි. 2016 දී එස් කරුණාහරන් කිලිනොච්චියේ අත් විදි දශක ගණනාවක ජීවිත අද්දැකීම් ඇසුරින් නිර්මාණය වූ “ඉප්පඩි ඔරුක්කාලම්” (මෙහෙමත් කාලයක්) නම් ස්වයං මතකාවර්ජනය “මතක වන්නිය” නමින් සිංහලට පරිවර්තනය කරමින් සිංහල හා දමිල වාර්ගිකත්වය භාෂාත්මකව යා කිරීම මුල පුරන අනූෂා සිංහල බසින් නිර්මාණකරණයේ නියලෙන සහෝදර සහෝදරියන්ගේ නිර්මාණ කිහිපයක් ද දමිල බසින් පරිවර්තනය කර ප්‍රකාශයට පත් කර ඇත.

    නිශ්ශංක.විජේමාන්නගේ “තාරා මගේ දෙව්දුව” හා නුවන් තොටවත්තගේ “මේ මගේ ඇගයි” යන කෘතීන් දෙමළ බසට පරිවර්තනය කරමින් ඇය අපූර්ව පරිවර්තන සාහිත්‍යයක් නිමවමින් සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ ඇගයීමට ද ලක්වූවාය. එසේම සිංහල බසින් නිර්මාණකරණයේ නියැලෙන කෙටිකතාකාරිනයන් හා කෙටි කතාකරුවන් දස දෙනෙකුගේ තෝරා ගත් නිර්මාණ “කර්ෂු” නමින් දෙමළ ට පරිවර්තනය කර ලංකාවෙහි සහ ඉංදියාවෙහි ප්‍රකාශයට පත් කිරීමද ඇයතින් සිදුවූ සුවිශේෂී කාර්‍යයකි.

    දෙමළ බසින් නිර්මාණය වූ දීපචෙල්වන් ගේ “බංකරයක උපන් දරුවෙක් “,දේශපාලන කාව්‍යාත්මක සංවාදය”රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන ” නමින් සිංහල බසින් පරිවර්තනය කර ලාංකික සිංහල සාහිත්‍යයට එක් කිරීමටද ඇගේ භාශාත්මක පරිවර්තනීය ශක්‍යතාව හා මානවීය දෘෂ්ටිය සුසංයෝගීව භාවිත කර ඇත.”දෙමළ සිනමාවේ ලාංකේය ප්‍රයත්නය “නමින් දමිළ සිනමා ව පිළිබද ශාස්ත්‍රීය කෘතියක් ද ඇය 2018 දී රචනා කරයි.

    දෙමළ දේශපාලන සංස්කෘතිය තුළ හා සාහිත්‍ය තුළ යටපත්ව තිබූ ස්ත්‍රී ප්‍රකාශනයේ සැඟව ගිය හඬෙහි දේශපාලනික රිද්මය අනූෂා සිවලිංගම් මෙවර වඩාත් තීව්‍රව ඉස්මතු කරමින් “දුර දසුනක හිරු ගිනිගෙන” නමින් 2026 පෙබරවාරියේ අපට අභිමුඛ කරයි.
    එය හුදෙක් දෙමළ ස්ත්‍රීන්ගේ කාව්‍ය නිර්මාණාත්මක විමසීමකින් ඔබ්බට දෙමළ ස්ත්‍රීන්ගේ ආත්මීය අභ්‍යන්තර සංවේදනාවන් හා විමුක්තියේ අභිලාෂයන් එකට කැටි කර නිරූපණය කරන කැටපතකි.එසේම එය වාර්ගිකත්වයේ හිංසනයට සහ ආර්ථික සූරාකෑමේ ධනේශ්වර ක්‍රමයට එරෙහි මානවීයත්වයේ ප්‍රකාශනයකි.ලාංකික දේශපාලන සංස්කෘතික බැදීම් දෙස ගැඹුරින් සිතා බැලීමේ මනෝ සමාජීය ද්වාරයක් මේ හරහා ප්‍රතිනිර්මාණය වී ඇත.

    මෙහි ප්‍රවේශයේදී ප්‍රංශ දාර්ශනික ස්ත්‍රීවාදී සමාජ ක්‍රියාකාරිනියක වන සිමොන් ද බෝවා ගේ සහ පශ්චාත් යටත් විජිත වාදය,ස්ත්‍රීවාදය,
    විසංයෝජනය සහ මාක්ස්වාදය සම්බන්ධ ප්‍රබල දේශපාලන විචාරාවියක වන ගයත්‍රි ස්පිවැක්ගේ හාඑඩ්වඩ් සෙය්ඩ් ගේ සංකල්පනාවන් සංවාදයට ගනිමින් සමාජ දේශපාලන සංස්කෘතිය තුළ “අනෙකා” ලෙස අනන්‍ය කිරීමේ බල අසමතුලිතතාව පිළිබද සංකල්පය අනුෂා අවධාරණය කරනුයේ එකී සමාජ සංජානනය ලාංකික දමිල සමාජ සංස්කෘතියේ ස්ත්‍රීත්වය පිළිබද නිර්මිත ය තුළ විශ්ලේෂණය කරමිනි. බලයෙන් අඩු ලිංගික පාර්ශවයක් ලෙස ස්ත්‍රිය අනන්‍ය කිරීම හරහා “පුරුෂයා වඩා බලවත් බව” ගම්‍ය කෙරේ. ඒ න්‍යාය පදනම තුළ හිද ලාංකේය දෙමල කවිය හා එහි නියෝජනය විමසීමේදී එහි විවිධාකාර ආධිපත්‍යයන් නිරූපණය වන බව මෙම කෘතියෙහි සදහන් කෙරේ.එය භූගෝලීය හා සමාජ ලිංගික භාවය මත පදනම්ව පවතී.

    යුධමය සමයේ ප්‍රකාශයට පත් කරන ලද දමිල කාව්‍ය නියෝජනය කළ ” මරනත්තුල් වාළ්වෝම්”( “මරණය සමග ජීවත්වීම”,”Let Us Live A Midst Death”) කාව්‍ය කෘතිය කවීන් 31 දෙනෙකුගෙ කාව්‍යය 82ක සාමූහික ප්‍රකාශනයක් වන අතර ඉන් 5 දෙනෙකු හැර සෙසු සියල්ලන් උතුර නියෝජනය කළ බව දැක්වේ. ඒ සෙසු භූගෝලීය කලාපයන් නියෝජනය කළ කවීන් අතර මලෙයහම් නැති නම් කදුකර දමිල ප්‍රජාව නියෝජනය කර ඇත්තේ එක් කවියකු පමණි.නැගෙනහිර ප්‍රදේශයෙන් තෝරා ගත් කවියන් තිදෙනෙකි. මුස්ලිම් ප්‍රජාව නියෝජනය කිරීමේදී එක් කවියෙකු පමණක් තෝරා ගෙන ඇත. මෙම විරෝධතා ප්‍රකාශනය සදහා ස්ත්‍රීත්වයේ නියෝජනය ඉතා පහළ මට්ටමක පැවති අතර කිවිදියන් 5දෙනෙකු ගේ කාව්‍යයන් පමණක් මෙයට ඇතුලත් කර ඇත.එයින් දමිල කවියේ ප්‍රාදේශීය ආධිපත්‍ය හා පුරුෂ අධිපතිත්වය පිළිඹිඹු කෙරේ.

    “දුර දසුනෙක හිරු ගිනි ගෙන “කෘතියෙහි අනුෂා අවධාරණය කරන සුවිශේෂී කරුණක් නම් මෑත කාලීන දමිල කවිය, කවියා හෝ කිවිදිය විසින් ඉපද්දූවක් නොව ගලා ගිය කාලයේ අවකාශය විසින් සිය ප්‍රකාශනය ලෙස කවිය බිහි වූ බවයි.එනම් සිය වාර්ගිකත්වය මත පමුණුවන පීඩනයට එරෙහි ආත්මීය ප්‍රකාශනය ..විමුක්තියේ අභිලාෂය..කවිය බවට පත් වීමය.

    වඩා වැඩි සමාජ අවධානයක් වටිනාකමක් අත් නොවූවද දමිල කවිය පෝෂණය කිරීමට සිය අද්දැකීම් හරහා කිවිදියෝ පූර්වයෙන් යම් ආකාරයක දායකත්වයක් දක්වන ලදී.එහෙත් 1970අවසන් වනවිට වාර්ගික ප්‍රචණ්ඩත්වය හා විමුක්තිය පිලිබද සිහින අතර කිවිදියන්ගේ කාව්‍ය වෙනස් දිශානතියක ආස්ථානගතව සමාජ දේශපාලන භාෂණයක්ව විකාශනය වන හැටි සහ ඒ තුළ ස්ත්‍රිය සුවිශේෂී ලෙස සිය විමුක්තිය පිළිබද පරිකල්පනය පසෙකලා පොදු සමාජ විමුක්තිය පිළිබද සංවාදය නියෝජනය කරන හැටි මේ කෘතිය තුළින් විදහා දැක්වේ.

    1980 දශකයේදී ස්ත්‍රී කාව්‍ය ප්‍රකාශනයේ වැදගත්කම පිළිඹිඹු කරමින් චිත්‍රලේඛා මෞනගුරු විසින් “සොල්ලාද සේදිගල්”(නොකියූ කතා) නම් කෘතිය 1986දී දමිල කිවිදියන් දස දෙනෙකුගේ නිර්මාණ 24ක් ඇසුරින් පළ කිරීම ඓතිහාසික වෑයමක් විය.එහි රාජ්‍ය මර්දනය,මිනිස්ඝාතන,
    අතුරුදහන් කිරීම, ජීවත්වීමේ හා භාෂණයේ නිදහස යන පුලුල් පරාසයන් තුළ කිවිදියන් සිය අනුභූතින් ප්‍රකාශනය කළාය.

    කාලය හා දේශපාලන සමාජ අනුභූතින් අනුව කවියෙහි දමිල ස්ත්‍රී නියෝජනය 1920 මැද භාගයේ මලෙහම් පීඩිත ජනයාගේ නිදහස වෙනුවෙන් පෙනී සිටි මීනක්ෂි අම්මාල් කිවිදියගේ සිට යුධමය පසුබිම තුළ හා පශ්චාත් යුධකාලීන කිවිදියන් 27 දෙනෙකුගේ සමාජ දේශපාලන ආර්ථික හා සංස්කෘතික අනුභූතින් ඇසුරින් ප්‍රකාශනය කළ කාව්‍යයන් 39ක් සමග තවත් කවි කිහිපයක නිදසුන් සමඟ ලංකාවේ දෙමල ස්ත්‍රීත්වයේ ආත්මීය හා සමාජ දේශපාලන දෘෂ්ටිය විනි විදින්නට අනූෂා අපට අවකාශ සලසනුයේ ඒ ප්‍රකාශන අතරින් ඇතැම් කවි නිර්මාණාත්මක රිද්මීයත්වයෙන් එතරම් ප්‍රභල නොවූවද මානවීයත්වයේ පොදු සංවේදනාත්මක රිද්මීයත්වයෙන් ඉතා ඉහළ මට්ටමක පවතින බැවිණි.මෙහිදී මෙතෙක් දකුණේ සමාජය නොදැන සිටි දෙමළ කිවිදියන්ගේ ජීවන පසුබිම් පිළිබද සංක්ෂිප්තව අවධාරණය කරමින් ඔවුන් අපට වඩාත් සමීප කරවීමටද අනූෂා සමත්ව ඇත.

    ජීවිතයේ බොහෝ අපේක්ෂා කැටිව තුරුණු සරසවි ශිෂ්‍යාවකව සිටිමින් අපූර්ව ලෙස සිය සිතුවිලි කාව්‍යය බවට පත් කරමින් සිටි අවසානයේ කුරිරු යුද්ධයක භීෂණය දරා ගත නොහැකිව ජීවිතයෙන් සමුගත් එස්. සිවරමණී කිවිදිය ගේ ශෝඛාන්ත සමු ගැනීම දශක 3ක් තිස්සේ මා පෙළන පීඩනයකි. යුද්ධයට එරෙහිව මට මෙන්ම අදහස් පළ කරමින් මේ බිමේ ජීවත්ව සිටින්නට වරම් නොලද සිවරමණී ප්‍රචණ්ඩත්වට එරෙහිව ලියා සිටි කාව්‍යයකින් “දුර දසුනක හිරු ගිනිගෙන” සංවාදයෙන් සමු ගන්නේ මෙහි අවධාරණය කෙරෙන සෙසු සහෝදර කිවිදියන් ගේ අනුභූතීන් සමග ඉදිරියේදී මේ සංවාදයේ දිගුවක් ලෙස නැවැත ඔබ හමු වන බව පවසමිනි.

    එස්.සිවරමණී රාජ්‍ය ප්‍රචණ්ඩත්වය සේම සිය වාර්ගික සමාජ දේශපාලනය තුළ නිර්මිත ප්‍රචණ්ඩත්වයටද අභියෝග කළාය. එහෙයින් ඇය රාජ්‍ය වාර්ගික හිංසකයන්ගෙන් මෙන්ම තම සහෝදර ප්‍රජාව අතරද විවිධ අභියෝගයන්ට විරෝධතාවන්ට මුහුණ දුන් බව කියවේ.1989දී සිය නිර්මාණ පුලුස්සා දමා සියදිවි නසා ගන්නා සිවරමණී ගේ මරණයට පූර්වයෙන් ඇය ලියූ කාව්‍ය චිත්‍ර ලේඛා මෞනගුරු විසින් ප්‍රකාශිත” සොල්ලා ද සේදිගල් “නම් කාව්‍ය කෘතියෙහි පළව තිබීම නිසා 1980 දශකයේ ප්‍රකාශිත සිවරමණී ගේ ආත්මීය ප්‍රකාශනයන් අප වෙත ඉතිරිව ඇත.

    මුල පිරීම (Initative,1986)

    “කුදුව ගිය
    මාගේ නිමේෂයන්
    නැවත නැගිට්ට විය නොහැකිය
    සතුට කා තුළත් නැත සැමදේම
    සාමාන්‍යකරණය කරන අපරාධිත උත්සාහයන් තුළ නිදා සිටින
    මිය යන
    මිනිසුන්ට ලඝුව
    මම
    බලාපොරොත්තු සමග පරාජය වෙමින් ඉදින්නෙමි. “

    අපේක්ෂාභංගත්වය මෙන්ම දේශපාලන සමාජ පරිසරය විදහා දැක්වීම මෙන්ම පීඩනයට එරෙහිව ඇගේ විරෝධය පෑමද මෙතුළින් ගම්‍ය කෙරේ.

    ‘නුඹලගේ සීමාවේ ජනේලයෙන් එපිටට
    මාව විසිකර දමනු බැරිය
    මෙතෙක්
    මඩ ගොඩෙන්
    එළියට පෙනෙන
    කුඩා ගල් කැටයක් සේ
    මම
    මාව සොයාගතිමි…
    ………………..

    විසි කර දැමිය නොහැකි ප්‍රශ්නයක්ව
    මම
    ප්‍රසන්න වූයෙමි”

    එස්.සිවරමණී,1986

    මෙතරම් ගැඹුරු ආත්මීය ප්‍රකාශනයක් ලාංකික සමාජයට අභිමුඛ කිරීම පිළිබද අනුෂා සිවලිංගම්ට අපගේ ප්‍රණාමය පුදමින් ඒ සංවාදය ස්පර්ශ කිරීමට දුර දසුනක හිරු ගිනිගෙන සමග එක්වන්න ඔබට සහෝදරත්වයෙන් ඇරයුම් කරනවා.

    තිලිනා වීරසිංහ
    තිලිනා වීරසිංහ

  • ලිංගික සාහසිකත්වයට එරෙහි සාහිත්‍යමය සංවාදයක් “සියාමා”

    ලිංගික සාහසිකත්වයට එරෙහි සාහිත්‍යමය සංවාදයක් “සියාමා”

    මූලධාර්මික ආගමික අන්තවාදය විසින් ස්ත්‍රීත්වය මත පමුණුවන සැහැසි ලිංගික ප්‍රචණ්ඩත්වය පාදක කර ගනිමින් නිර්මාණය කරන ලද “සියාමා “නව කතාව කියවා අවසන් වූ සැණින් මට අසන්නට ලැබුණේ ඇෆ්ගනිස්තානයේ දැරියන්ට රහසිගතව ආත්මාරක්ෂක සටන් කලාව ඉගැන්වීම නිසා එරට මූලධාර්මික විනිසුරුවකුගේ තීන්දුවකට අනුව ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දැමීමට නියම වූ ඛලීජා නම් 22හැවිරිදි ලාබාල තරුණියගේ ශෝචනීය කතාවයි.

    එම පුවත සමග ආසියාතික දැරියන් හා ස්ත්‍රීන් මුහුණ දී සිටින ලිංගික වධ හිංසනයන්ගේ දැරිය නොහැකි පීඩනය හා ඔවුන්ගේ මරණය තීන්දු කිරීමේ කෲර සංස්කෘතික ම්ලේච්ජත්වයෙ යථාවෙන් බිදක් නිර්මාණාත්මක සාකච්ජාවට ගැනීම පිළිබද “සියාමා” කතුවර අජිත් ධර්ම ට ස්තූති පූර්වක වෙමි.

    විශේෂයෙන් ළමා වියෙහි පටන් සම්ප්‍රදායික පුරුෂ මූලධර්මවාදී ආකල්ප හා මතවාදයන් විසින් මෙහෙයවනු ලබන සමාජ දේශපාලන සංස්කෘතියක ගැහැනිය යනු තමාට ඇවැසි ලෙස පාලනය කළ හැකි සහ මෙහය විය හැකි සහ ඇවසි ඕනෑම විටක ඝාතනයට ලක් කළ හැකි මනුෂ්‍යත්වයේ අයිතීන් අහිමි ජන කොටසක් බවට පත් කරනු ලැබ තිබීම 21වන සිය වසෙහි පළමු කාර්තුව අවසන පවා ලොව අත් විදිමින් සිටින බරපතල සාපරාධයකි.

    මෙම මූලධාර්මික නීති රීති හා භාවිතාවන් ,සම්ප්‍රදායන් ප්‍රශ්න කිරීම හෝ එයට පටහැනි වීම සපුරා තහනම් වන අතර එවැනි විටක මරණය නියත වන අතර එය සාමූහිකව සාධාරණීකරණය කරන ම්ලේච්ජත්වයක් හමුවේ තමත් ලොවක් නිහඩව නිසලව සිටීම බරපතල දේශපාලන මානවීය ඛේදවාචකයකි.

    පසු ගිය සියවස අග භාගයේ ස්ත්‍රීත්වයට එරෙහි මූලධාර්මික සම්ප්‍රදායික නීති මගින් ස්ත්‍රිය පීඩනයට පත් වන නිසා “ෂාරියා නීතිය” මානවීය ලෙස සංශෝධනය විය යුතුයි අදහස් ප්‍රකාශ කිරීම නිසා තස්‍ලිමා නස්රින් ලේඛිකාව මූලධාර්මවාදීන්ගේ උදහසට ලක්ව ඇයට මරණ දංඩනය නියම කළ අතර ඇයට සිය උපන් දේශය වන බංග්ලාදේශයෙන් පිටමන්ව රහසිගත ජීවිතයක් ගත කිරීමට මේ දක්වා සිදුව ඇත.

    වර්තමාන ඇෆ්ගනිස්තායේ ශිෂ්‍යාවන්ට ද්විතීක හා උසස් අධ්‍යාපනය තහනම් වන අතර ක්‍රීඩා හා කළා කටයුතු අදහස් පළ කිරීම ලේඛනයේ නිරත වීම නිදහස් ලෙස ඇද පැළදීම පමණක් නොව නිදහසේ මහමග හුදකලාව ගමන් කිරීම පවා තහනම්ය.මෙවන් දේශපාලන සංස්කෘතික යථාර්ථයක් පවතින දකුණු ආසියාතික සංදර්භයක් තුළ සියාමා හරහා අජිත් මෙම ප්‍රචණ්ඩත්වයේ සංස්කෘතිය ගැඹුරු ලෙස ප්‍රශ්න කරමින් එයට එරෙහි සමාජ සංස්කෘතික දේශපාලන කතිකාවක් ගොඩ නංවන්න වෑයම් කිරීම බෙහෙවින් ඇගයිය යුතුය.මෙහිලා කිසියම් ආගමකට හෝ ජනවර්ගයකට එරෙහි දේශපාලන සංවාදයක් ගොඩ නැංවීමේ අපේක්ෂාවක් කතුවරයාට නැති අතර ඔහු මේ අනුභූතීන් විදහා දක්වමින් උත්සාහ කරනුයේ ගැහැනියට එරෙහි මේ ප්‍රචණ්ඩත්වය නිමා කිරීමේ මානුෂීය සිතා බැලීමක් කරා යොමු කිරීමේ විශ්වීය සංවාදයක් ගොඩ නැංවීමය.

    මෙය එක් සංස්කෘතියකට එක් ජන වර්ගයකට ඌනනය නොකර ගැඹුරින් සිතා බලන්නේ නම් ඕනෑම ජන වර්ගයක් තුළ අන්තවාදී මූලධර්මීය මතවාදයන් හා සැහැසි පුරුෂ මූලික භාවිතාවන් අතර පිළිඹිඹු විය හැකි ප්‍රචණ්ඩත්වයකි.

    2015 දී සිංහල බසින් සියාමා ලිවීම අරඹන අජිත් එය පළමුවෙන් සිංහල බසින් පළ කරයි.අනතුරුව ඔහු විසින්ම එය ඉංග්‍රීසි බසට පරිවර්තනය කර 2025 වසරේ අග ප්‍රකාශයට පත් කරයි. මා විසින් කියවූයේ අජිත් විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද සියාමා නවකතාවයි. සියාමා ප්‍රවේශයයේදීම එය රචනා කිරීමේ අරමුණ අජිත් සදහන් කරණුයේ පිරිමින්,ගැහැනුන් හෝ ළමුන් කිසිදු වර්ගීකරණයකින් සීමා කිරීමකින් තොරව නිදහසේ හා රිසි ලෙස ජීවත් වීමට වන අයිතිය තහවුරු කිරීමේ හා එකිනෙකාගේ නිදහස් ලෙස ජීවත් වීමේ අයිතියට කිසිවකු බාධා නොපැමිණ විය යුතුය යන දෘෂ්ටිය සමාජගත කිරීම මේ සදහා පදනම් වූ වගයි. අපගේ අත්දැකීම් ,පරිකල්පන මත පදනම්ව මානවීයත්වයෙන් අනූන නිදහස් ලොවක් ගොඩ නැංවීම සදහා යමකු දක්වන දායකත්වය අතරට අජිත් සියාමා සමග එක්ව ඇත.ඒ හරහා ලොව පුරුෂෝත්තමවාදය,ආගම් වාදය,වර්ගවාදය හෝ කවරාකාරයේ හෝ මනුෂ්‍ය ප්‍රජාවට පීඩාකාරී අන්තවාදයන් බැහැර කිරීම සදහා ඔහු මෙමගින් අපට ආරාධනා කරයි.

    ලංඩනයේ විශ්වවිද්‍යාලයක ව්ද්‍යාපති උපාධිය හදාරමින් සිටියදී අහඹු ලෙස දැන හදුනා ගන්නා ප්‍රියාන් හා සියාමා අතර ගොඩ නැගෙන සමීප මිත්‍රත්වයේදී සියාමා තම ජීවිතයේ ළමාකළ සිට මුහුණ දුන් මනුෂ්‍යත්වයට දැරිය නොහැකි වුවද රහසිගතව බොහෝ කල් දරා සිටි වේදනාවක් මුදා හැරීම කේන්ද්‍ර කරගෙන සියාමාහි සංවාදය ගලා යයි.

    සරල බස් වහරකින් සමාජ ප්‍රචණ්ඩත්වය සියුම්ව විදහා දක්වන මෙම කෘතියේ සාහිත්‍ය පාර්ශ්වය වෙනුවට එයට පාදකව ඇති දේශපාලන සංස්කෘතික දෘෂ්ටිවාදයෙහි තීව්‍රත්වය කෙරෙහි අවධානය යොමු කරනු කැමැත්තෙමි.

    සියාමා හා ප්‍රියාන් අතර ගොඩ නැංවෙනුයේ ඉතාම මෘදු මානවීය සබදතාවකි.එය සියාමා ළමා කළ සිට මුහුණ දුන් ප්‍රචණ්ඩ පුරුෂෝත්තමවාදී හිංසනයන්ගෙන් සපුරා වෙනස් වූ මිත්‍රශීලී ඇසුරකි.එවන් පුරුෂයකු හමුවේ සියාමා සිය සංස්කෘතිය තුළ විදි අනේක විදි සංස්කෘතික හා ලිංගිකමය සැහැසිකම් නිසා අභ්‍යන්තරිකව තෙරපා සිටි මහත් මානසික ආතතියක් මුදා හරිනුයේ ඇගේ අත්දැකීම් කතනය පුරා ඒ ආත්මීය වේදනාවෙන් ඇය මෙන්ම එවන් කුරිරු වේදනාවන්ගෙන් අපේ සෑම දැරියක්ම සෑම සහෝදරියක්ම නිදහස් විය යුතුය යන සිතුවිල්ල සංවේදී සහෘද මනස් තුළ ජනිත කරවමිනි.

    මෙම නවකතාව තුළ විටෙක ඉතා සියුම් සංස්කෘතික භාවිතාවන් පවා අවධාරණය කෙරෙයි. සියාමා අයත් සංස්කෘතියේ දැරියක වැඩිවිය පැමිණීම ආශ්‍රිතව අනුගමනය කරන ඇතැම් චාරිත්‍ර වාරිත්‍ර තවමත් බොහෝ ජන සමාජවල විද්‍යාත්මක වශයෙන් මේ ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය පිළි නොගන්නා යථාර්තය පිළිඹිඹු කරයි.ඒ හරහා දැරියගේ නිදහස හා අයිතීන් සීමා කිරීම හෝ සපුරා උල්ලංඝණය වීම විවිධ සංස්කෘතීන්හි මේ දක්වා බල පැවැත් වෙන අයුරු නිරූපණය කෙරෙනුයේ දැරියකගේ උපතේ සිට ස්වභාවික ජීව විද්‍යාත්මක ක්‍රියා වලීන් පවා මිත්‍යාවේ අගතීන්ගෙන් වැසී ඇති අයුරු පාඨකයා හමුවේ ගෙන හැර පාමිනි.

    සියාමා වැඩි වියට පත් වීම සමග දින ගණනාවක් අධ්‍යාපනයේ අයිතිය අහිමි කරනු ලැබ පාසැල් නොගොස් නිවසට යාබද කුටියක රදවා තබයි.මෙහිදී ඇගේ සොයුරිය ට හුදකලාව පාසැල් යාමට සිදුවේ.15 හැවිරිදි පාසැල් දැරියක වන ලමීසා, සියාමාගේ සොයුරිය ගමෙහි බලවත් හා ධනවත් තරුණයකු විසින් බලහත්කාරීව පැහැර ගෙන ගොස් රදවා තබා ගෙන ඇයව තිරස්තීන ලිංගික හිංසනයන්ට ලක් කර අවසානයේ ඇයව ඝාතනය කර ඇගේ සිරුරේ අවයව කපා කොටා උගුලුවා නිරුවත් සිරුර මහ මග ප්‍රදර්ශනය කරනු ලැබීමේ කෲරත්වය අත් විදීමට සියාමාට හා ඇගේ පවුලට සිදුවේ.එයට හේතු වනුයේ පූර්වයෙන් ඔහු මෙම බාල වයස්කාර පාසැල් දැරියට කරන විවාහ යෝජනාව ඇය හා ඇගේ මාපියන් ප්‍රතිකේෂ්ප කිරීමය. ප්‍රගතිශීලී චින්තනයකින් හා නිදහස් චර්‍යාවකට යොමු වූ සියාමාගේ පියා නවීන සිතුවිලි වලින් පෝෂිත බුද්ධිමතෙකි.ඒ අනුව ඔහු සිය දියණියන්ට සිය අයිතීන් භුක්ති විදීමට නිදහස දී තිබීමට එරෙහිව සාම්ප්‍රයික මූලධර්මවාදීහු ඔවුන් සමූල ඝාතනය කර විනාශ කිරීමට හේතු කර ගත්හ.

    මේ ම්ලේච්ජ ඝාතනය කිසිවකු හෙළා නොදකින අතර මූලධාර්මික මතවාද දැරීම සහ ඔවුනගේ බලයට අභියෝග කිරීමට බියවීම් නිසා ගම්මුන් සියාමා පවුල කෲර ලෙස හුදකලා කරයි.අවසානයේ අන්තවාදය විසින් මානුෂීයත්වය යටපත් කර සියාමා හැර ඇගේ පවුලම ඝාතනය කරනු ලබයි.

    මරණයෙන් ගැලවුනද 14 හැවිරිදි දැරියක වන ඇයට මුහුණ පෑමට සිදුවන්නේ ලිංගික හිංසක වධකාගාරයක සමූහ ලිංගික වධ හිංසනයන්ගේ අනවරත ගොදුරක් වීමටය.

    ලොව බොහෝ රාජ්‍යයන්හි දැරියන් හා තරුණියන් මෙවැනි ලිංගික වධකාගාර තුළ අනේක විද ලිංගික හිංසනයන්ට ගොදුරු වීමේ ගෝලීය ලිංගික වධ හිංසනයක් වන බව යම් ආකාරයකින් දැන සිටියද එය මැඩ පැවැත් වීම සදහා ශක්තිමත් හා ප්‍රමාණාත්මක දේශපාලන නෛතික ක්‍රියාවලියක් හා සංවාදයක්මෙතෙක් ලොව ක්‍රියාත්මක නොවේ.ඒ නිසාම අපේ දියණියන් හා සොයුරියන් තව දුරටත් හුදු ලිංගික මෙවලම් වශයෙන් ලොව පුරා පීඩා විදිමින් පසුවේ.

    එවැනි දේශපාලන පසුතලයකට සියාමා හරහා මේ ලිංගික ප්‍රචණ්ඩත්වයට එරෙහි කතිකාවට ලාංකිකයකු වශයෙන් අජිත් ධර්ම, ප්‍රවේශ වීම සැබවින්ම අගයමි.මෙහිදී කතුවරයා මෙය හුදු එක් රාජ්‍යයක සංස්කෘතියකට හෝ එක් සමාජ ස්තරයකට සීමා නොකර ලොව විවිධ රාජ්‍යයන්හි සිදුවන මෙවන් ප්‍රචණ්ඩත්වයන්ට නිදසුන් අනුභූතින් ගෙන හැර දක්වයි.ඒ තුළින් ඔහු මෙම ප්‍රචණ්ඩත්වය ලොව පුරා සාමාන්‍යකරණය වී ඇති අයුරු දක්වයි.

    සියාමා 14 හැවිරිදි දැරියක ලෙස වැඩිහිටියන් අතින් සමූහ ලිංගික අපයෝජනයට හිංසනයට ලක් වීම නිරූපණය කිරීම මා වඩාත් සංවේදනාවට පත් කරලන සිදුවීමකි. මගේ ප්‍රබන්ධකරණයේදීද “සාක්කි නැති කන්‍යාපටලයක්” අනුභූතිය පාදක කරගෙන දැරියන්ට එරෙහි මෙම ලිංගික සාපරාධයට එරෙහි සමාජ නෛතික කතිකාවක් ගොඩ නංවන්න 2003 වසරේදී මදුසමය අහිමි මංගල්‍යය කෘතියේදී මමද වෑයම් කළ නිසා මට “සියාමා” වඩාත් සමීපව දැනේ.

    මෙවන් දැරියන් ඉතා කලාතුරකින් මෙවන් වධකාගාරවලින් පලා යාම හෝ මුදා ගනු ලැබුවද ඔවුනගේ ජීවිතය පුරා ඒ වේදනාව අභ්‍යන්තරිකව කිදා බැස ඔවුන් නිරන්තරයෙන් මානසික පීඩනයෙන් පෙළන අයුරුද අජිත් ධර්ම මනාව නිරූපණය කරයි.කතාව අවසන් වනුයේ සියාමා ඉතා දැඩි මානසික ආතතිකයක් දරා සිට අවසානයේ පිළිකා රෝගයට ගොදුරුව මිය යාමෙනි.

    බලහත්කාරී ලිංගික හිංසනයේ ම්ලේච්ජත්වය සේම මනුෂ්‍ය සබදතා අතර විවිධ ලිංගික දිශානතීන්හි වන නිදහස් සැහැල්ලු බැදීම් ද අජිත් සියාමා හරහා යම් ආකාරයකින් ස්පර්ශ කරයි.

    පුරුෂ දෘෂ්ටිකෝණයකින් ස්ත්‍රීත්වයේ මානවියත්වය දෙස ඉතා සියුම් හා මෘදු නිදහස් බැල්මක් හෙලූ කතුවරයා අද ලොව අපේක්ෂා කරන සහෝදරත්වයේ නව කතිකාවක් ගොඩ නංවමින් පුරුෂ කේන්ද්‍රීය සමාජ දේශපාලන‍ සංස්කෘතික ප්‍රචණ්ඩ ව්‍යුහාත්මක මතවාදී රාමුව අභියෝගයට ලක් කරනු ලබයි.

    සියාමා කියවා අවසන මම දුරකතනයෙන් අජිත් අමතා ඔහුගේ සහෝදරාත්මක මානවීය දෘෂ්ටිය අගයද්දී ඔහු මට ප්‍රතිචාර දැක්වූවේ
    “තිලිනා මට දියණියන් දෙදෙනෙකු සිටිනවා” යනුවෙනි.ලොව සෑම පියකුටම,සොහොයුරෙකුටම එසේ සිතීමේ සවිඥානික භාවයක් වේ නම් මේ ලොව ස්ත්‍රියට එරෙහි ප්‍රචණ්ඩත්වය නිමා කරලීමට එම සිතීමම ප්‍රවේශයක් වනු ඇත.

    අජිත්ගේ එකී කියමන මට ෂෝන් පෝල් සාස්ත්‍රේ ගේ කියමනක් සිහි ගන්වයි.”ඔබේ ක්‍රියාව ඔබ කවුරු දැයි පිළිඹිඹු කරයි.”එනම් ඔබේ ක්‍රියාව ඔබේ දේශපාලන දෘෂ්ටිය හා මානවීයත්වය විදහා දක්වයි.

    “සියාමා “තුළින් ඉස්මතු කරන සංවාදය නොතකා හැරීම හෝ යටපත් කිරීම නොව එය වඩාත් ඉස්මතු කිරීම අපගේ ස්ත්‍රීන්ට එරෙහි ලිංගික ප්‍රචණ්ඩත්වය හා සංස්කෘතික ප්‍රචණ්ඩත්වය නිම කිරීමට අප දක්වන දායකත්වයක් වනු ඇත.

    තිලිනා වීරසිංහ
    2026 ජනවාරි 31

    A literary discourse on combating sexual violence: ‘Siyama’

    Immediately after finishing the novel ‘Siyama’—which is based on the brutal sexual violence inflicted upon womanhood by fundamentalist religious extremism—I heard the tragic story of Khalija. She was a 22-year-old woman in Afghanistan who, according to the verdict of a fundamentalist judge, was sentenced to be stoned to death in public for secretly teaching martial arts to young girls.
    Along with that news, I am deeply grateful to Ajith Dharma, the author of ‘Siyama,’ for bringing into creative discussion a fragment of the reality regarding the unbearable pressure of sexual harassment faced by Asian girls and women, and the cruel cultural savagery that decides their death.

    It is a grave crime still experienced by the world even at the end of the first quarter of the 21st century: that within a socio-political culture driven by traditional patriarchal fundamentalist attitudes and ideologies from childhood, women have been reduced to a group deprived of human rights—controlled, manipulated, and even killed at will.

    Questioning or defying these fundamentalist rules, practices, and traditions is strictly forbidden; in such instances, death is certain. Facing a savagery that collectively justifies such actions, the silence and stillness of the rest of the world remains a profound political and humanitarian tragedy.

    In the latter part of the last century, author Taslima Nasrin incurred the wrath of fundamentalists for expressing the view that ‘Sharia Law’ should be humanely reformed because women are oppressed by fundamentalist traditional laws. Consequently, she was sentenced to death and has been forced to live in exile from her birthplace, Bangladesh, to this day.

    In present-day Afghanistan, female students are banned from secondary and higher education; they are also prohibited from participating in sports and the arts, expressing their opinions, engaging in writing, dressing freely, and even walking on the streets alone. In a South Asian context where such a socio-political reality exists, Ajith’s attempt to deeply question this culture of violence through ‘Siyama’ and to build a socio-cultural and political discourse against it is highly commendable. The author does not intend to create a political dialogue against any specific religion or ethnicity; rather, by illustrating these experiences, he seeks to foster a universal conversation aimed at a humanitarian reflection toward ending this violence against women.

    If we reflect deeply without reducing this to a single culture or ethnicity, we can see that this is a form of violence that can be reflected within any group through extremist fundamentalist ideologies and brutal patriarchal practices.

    Ajith, who began writing ‘Siyama’ in Sinhala in 2015, first published it in that language. Subsequently, he translated it into English himself and published it in late 2025. I read the version of the novel ‘Siyama’ translated into English by Ajith. In the introduction to ‘Siyama,’ Ajith states that his purpose in writing it was to establish the vision that men, women, and children should have the right to live freely and as they choose—without any classification or restriction—and that no one should obstruct another’s right to live freely. Along with ‘Siyama,’ Ajith has joined those contributing to the building of a free world rich in humanity, based on our experiences and imaginations. Through this, he invites us to reject male chauvinism, religious communalism, racism, or any form of extremism that oppresses the human community.

    The dialogue in ‘Siyama’ flows around the close friendship that develops between Priyan and Siyama, who meet by chance while pursuing their Master’s degrees at a university in London. Through this bond, Siama releases a pain she had harbored in secret for a long time—a pain she had endured since childhood that was almost unbearable for a human being.

    While this work portrays social violence subtly through a simple linguistic style, I prefer to focus on the intensity of the socio-political and cultural ideology underlying the story, rather than its purely literary aspects.

    The relationship that develops between Siyama and Priyan is a very gentle, humane connection. It is a friendly companionship that stands in complete contrast to the violent, patriarchal abuse Siyama had faced since childhood. In the presence of such a man, Siyama releases the immense internal psychological stress she had suppressed due to the various cultural and sexual atrocities she endured within her culture. Throughout the narration of her experiences, her subjective pain ignites a profound thought in the minds of sensitive, empathetic readers: that just like her, every one of our daughters and every one of our sisters must be liberated from such cruel suffering.

    In this novel, even the subtlest cultural practices are occasionally highlighted. Certain rituals surrounding a girl’s reaching of puberty in Siama’s culture reflect a reality where many societies still fail to scientifically acknowledge this biological process. Through this, the book depicts how a girl’s freedom and rights are restricted or completely violated across various cultures to this day, bringing to the reader’s attention how even natural biological processes from birth are shrouded in the prejudices of myth.

    When Siyama reaches puberty, she is deprived of her right to education for several days and confined to a room adjacent to her house, forbidden from attending school. During this time, her sister is forced to walk to school alone. Lamisa, Siyama’s fifteen-year-old sister, is subsequently abducted by a powerful and wealthy youth from the village. He imprisons her, subjects her to barbaric sexual violence, and ultimately murders her—mutilating her body and displaying her naked remains on the street.

    The ‘justification’ for this cruelty was that Lamisa and her parents had previously rejected his marriage proposal to the underage schoolgirl. Siama’s father, an intellectual with progressive thoughts and a free spirit, had granted his daughters the freedom to exercise their rights. It was this very defiance of traditional fundamentalism that the extremists used as a reason to systematically destroy and massacre the family.

    No one condemned this savage murder. Out of fear of challenging fundamentalist ideologies and the power of the perpetrators, the villagers cruelly isolated Siama’s family. Ultimately, extremism suppressed all humanity, and Siama’s entire family was slaughtered, leaving her as the sole survivor.”

    Though she escaped death, the fourteen-year-old girl was forced into a ‘sex torture chamber,’ becoming a constant victim of gang sexual violence. While the world is somewhat aware that girls and young women in many nations fall prey to such global sexual victimization, there is still no robust political or legal framework—nor even a sufficient global dialogue—to suppress it. Consequently, our daughters and sisters continue to suffer across the world as mere sexual tools.

    In such a political landscape, I truly appreciate Ajith Dharmakeerthi’s approach as a Sri Lankan to building a discourse against this sexual violence through Siyama. The author does not limit this to a single culture or social stratum; he brings forth examples of such violence occurring in various states, showing how this brutality has become normalized globally.”

    The depiction of Siyama, as a fourteen-year-old child, being subjected to gang sexual abuse by adults is a scene that moved me profoundly. Siyama feels personally close to me because, in my own creative work in 2003—the book Madusamaya Ahimi Mangalyaya (The Honeymoon-less Wedding)—I too attempted to build a socio-legal discourse against sexual crimes through the experience of ‘a hymen without evidence.’

    Ajith Dharma masterfully portrays how, even on the rare occasions these girls escape or are rescued, the pain remains deeply embedded within them, causing lifelong psychological trauma. The story ends with Siyama succumbing to cancer, brought on by the immense psychological stress she carried. Beyond the brutality of forced violence, Ajith also touches upon the light, free connections found in various human sexual orientations.

    By casting a subtle, gentle, and liberating gaze on womanhood from a male perspective, the author challenges the violent, structural frameworks of patriarchal socio-political culture. After reading Siyama, I called Ajith to appreciate his fraternal, humane vision. He responded to me by saying:

    ‘Thilina, I have two daughters.’

    If every father and brother in the world possessed such a consciousness, that thought alone would be the beginning of the end for violence against women.

    Ajith’s statement reminds me of Jean-Paul Sartre’s famous sentiment: ‘Your actions reflect who you are.’ That is to say, your actions demonstrate your political vision and your humanity. To not ignore or suppress the dialogue raised in Siyama, but to highlight it further, is the contribution we can all make toward ending sexual and cultural violence against our women.

  • “නිදි නැති නිම්නය” ස්ත්‍රීත්වයේ පීඩනයට එරෙහි නිර්මාණශීලී කතිකාවක්.

    “නිදි නැති නිම්නය” ස්ත්‍රීත්වයේ පීඩනයට එරෙහි නිර්මාණශීලී කතිකාවක්.

    තරංගා රණසිංහ ලාංකික සාහිත්‍යය තුළ සුවිශේෂී අන්‍යන්‍යතාව ක් සනිටුහන් කළ අපූර්ව නිර්මාණශීලී පරිකල්පනයකින් හා ස්ත්‍රීත්වය දෙස ගැඹුරු මානවහිතවාදී දෘෂ්ටියක් හෙලන්නියක් ලෙස හදුන්වමි.

    2000 දශකයේදී කොළඹ සරසවියේ අධ්‍යාපනය ලබමින් සිටියදීම චින්තක රණසිංහ සමග ඇය සිය මුල්ම කාව්‍ය නිර්මාණ එකතුව “කටුස්සකුගේ මළගම” නමින් එළි දක්වමින් කාව්‍ය ක්ෂේත්‍රයේ නැවුම් සනිටුහනක් තැබුවාය.

    2002 දී තරංගා “වෙරෝනිකා මටත් දැන් පිස්සු” කෙටි කතා එකතුව ලාංකික පාඨකයාට අභිමුඛ කරනුයේ සම්ප්‍රදායික කෙටි කතා කළාවෙහි දෘෂ්ටිමය හා ආඛ්‍යාන ව්‍යුහය සපුරා ඛණ්ඩනය කරමින් තරංගාට ආවේණික සුවිශේෂී නැවුම් ශෛලයක් හඳුන්වා දෙමිනි.
    පශ්චාත් නූතනවාදී ස්ත්‍රීවාදී දෘෂ්ටිකෝණයකින් නිමවන “වෙරෝනිකා මටත් දැන් පිස්සු” කෙටි කතා එකතුව හා 2008 ඇය නිර්මාණය කරන “මෙමා හැර ලියෝ” කෙටි කතා සංග්‍රහය දශක දෙකකට පසුවද ලාංකික සාහිත්‍යයෙහි ස්ත්‍රී දායකවත්වයෙහි සුවිශේෂි අගයක් අත් කර ගන්නා නිර්මාණ ලෙස අපට හැදින්විය හැකිය.

    “මෙමා හැර ලියෝ” ලාංකික ස්ත්‍රීත්වයේ පීඩනය පිළිබද ඉස්මතු කළ සියුම් කතිකාව නිසාම එය ඉංග්‍රීසි බසට පරිවර්තනය වී පොදුරාජ්‍ය මංඩලීය කෙටි කතා අතරට එක් කරනු ලැබ ඇත.

    වසර 14 කට පසු” නිදි නැති නිම්නය “කෙටි කතා නිර්මාණ සමග තරංගා අප වෙත පිවිසෙනුයේ වෙනස් ආකෘතික රටාවකිනි.ඇගේ නිර්මාණශීලී ප්‍රකාශනය පළකරවා ගැනීමේ දුෂ්කර ක්‍රියාවක නිරත වීමට සිදුවූ බවට ඉගියක්ද සමග ස්ත්‍රී චරිත 5ක් කේන්ද්‍ර කර ගනිමින් ලාංකික සමාජ සංස්කෘතික හා ආර්ථික ව්‍යුහය තුළ ස්ත්‍රිය මුහුණ දෙන පීඩනයෙ එක් පැති කඩක් සියුම්ව විවරණය කරමින් සංවාදයට ගැනීමට තරංගා” නිදි නැති නිම්නය “හරහා වෑයම් කරයි.

    “නිදි නැති නිම්නය “ඇගේ මුල් ප්‍රවේශයෙන් වෙනස් ආකෘතිමය අත් හදා බැලීමකට දිශානත වුවද එහිදී තරංගාගේ ස්ත්‍රීවාදී මානවීය දෘෂ්ටිය හා අපූර්ව ගවේෂණාත්මක නිර්මාණශීලිත්වය මනා සුසංයෝගයකින් පවත්වා ගනිමින් අපූර්ව සාහිත්‍ය සංවාදයක් ගොඩ නංවයි.එම සංවාදය හුදු සාහිත්‍යය රසාලිප්ත බව ඉක්මවා අපගේ දේශපාලන සමාජ සංස්කෘතික ව්‍යුහයන්ගේ ස්ත්‍රීත්වයට එරෙහිව පවතින පීඩනය සියුම්ව ප්‍රශ්න කරන සංවාදයක් ගොඩ නංවයි. එසේම ලොව පුරා කාන්තාවන්ගේ ගෘහස්ත ආර්ථික පීඩනයෙහි සැබෑ ස්වරූපය අතරට ලාංකික මුහුණුවර විදහාලීමට “නිදි නැති නිම්නය “සමත්ව ඇත.

    අතිශය මානව හිතවාදී වූද අපූර්ව නිර්මාණශීලී චින්තනයක් හා නිර්මාණශීලී කෞශල්‍යයන් ගෙන් පරිපූර්ණ වූද තරංගා රණසිංහ ලාංකික සාහිත්‍යයෙන් ඔබ්බෙ විශ්වීය නිර්මාණකාරිනියක් ලෙස ඇගේ නිර්මාණකරණය වඩා පෘථුලව ලොවට දායාද කරනු ඇතැයි අපි අපේක්ෂා සහගතව තරංගාට සුභාශිංසනය කරමු.

    තිලිනා වීරසිංහ

  • දීපචෙල්වන්ගේ ” නිනයිවිල් නාඩුල්ලවන්

    දීපචෙල්වන්ගේ ” නිනයිවිල් නාඩුල්ලවන්

    ” මතකයක භූමියක් හිමි අයෙක්” යන අරුත් දනවන කාව්‍යය නිර්මාණය ( රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන නමින් සිංහල බසට පරිවර්තන කරන ලද “බංකරයක උපන් දරුවෙක්” නම් කෘතියෙහි) දෙවන මුද්‍රණය එළිදැක්වීමේ උළෙල 2026 ජනවාරි 17 වන දින කිලිනොච්චියේ පැවැත්විණ.

    ඒ සදහා මටද විශේෂ සහෝදරාත්මක ආරාධනයක් හිමි වීම මහත් සතුටකි.එහිදී දීපචෙල්වන් හා මගේ සහෝදර ප්‍රජාව අමතා කතාවක් කරන්නට අවස්තාවක් ලැබීමද ඉතිහාසගත අද්දැකීමකි.මන්ද ඔවුන් පවසන පරිදි සිංහල බසින් ලේඛනයේ යෙදෙන්නෙකු උතුරේ කවියෙකුගේ නිර්මාණ ඇගයුමක් කරමින් උතුරේදී කතාවක් කිරීමේ මුල් ම අද්දැකීම එය වන බැවිණි.එහිදී මවිසින් කරන ලද කතාවෙහි සංස්කරණය කරන ලද සාරාංශය සමග මෙහි දමිල පරිවර්තනය පළ කරමි.

    මනුෂ්‍යත්වය යා කළ රතු කුරුල්ලා…..

    දීපචෙල්වන් ගේ කවීත්වය සමග අපගේ මෙම හමුවීම අපේ මව් රටේ අනාගතය පිළිබද නව ඓතිහාසික දේශපාලන සනිටුහනක් තබන අවස්ථාවක් වේවා කියන මානුෂීය හා සහෝදරාත්මක බලාපොරොත්තුව සමග මගේ කතාව ආරම්භ කරන්න කැමැතියි.

    සිරුරින් මා අද ඔබ සමග එක් වුවත් බොහෝ කලක සිට මා ඔබ සමග සහ වධ හිංසනයේ පීඩනයෙන් මිදීමේ සිහිනය සමග ජීවත් වූ බව කිව යුතුයි.

    සෑම මිනිසකුම වධහිංසනයෙන් තොරව නිදහස් ලෙස මිනිස්කම භුක්ති විදිය යුතුය යන එක සමාන වූ සිහිනයක් දරා සිටින දීපචෙල්වන්ගේ මානුෂිකත්වයේ ප්‍රකාශනය දැන් මා මෙහි කැදවා ගෙන ඇවිත් තිබෙනවා.

    ඒ සිහිනයේ ප්‍රකාශනය මා ඇතුලු දකුණේ සහෝදරත්වය පමණක් නොව ලොවක් අවදි කරමින් මනුෂ්‍යත්වයේ අරුත හා නිදහස යුක්තිය හා සමානත්වය පිළිබද යළි ‍යළිත් සිතන්නට අපට ගැඹුරු අවස්ථාවක් හිමි කර දී තිබෙනවා.ඒ හරහා දීපචෙල්වන් විසින්, අපගේ මව් බිමෙහි උතුරේ සහෝදරත්වය විසින් දශක ගණනාවක් සන්නද්ධව සිය පීඩනය පිළිබද කතිකාවක් හා නිදහස පිළිබද අපේක්ෂාවක් ගොඩ නංවමින් කළ අරගලයට වඩා බෙහෙවින් තියුණු ලෙස අපගේ දේශපාලන සංස්කෘතියේ හෘදය සාක්ෂිය ප්‍රශ්න කිරීමට සමත්ව තිබෙනවා.

    මානුෂීයත්වය ..නිදහස..
    ප්‍රචණ්ඩත්වයේ
    ආධිපත්‍යයක
    පීඩනයෙන් මිදෙමින් ජීවත්වීමේ අයිතිය උදෙසා ජීවිතය පරදුවට තබමින්
    අදහස් ප්‍රකාශනය කළ දීපචෙල්වන්ගේ කවීත්වය කොතරම් දැඩිව අප වෙත බලපෑම් කරන්නේද යන්න ප්‍රකාශ කිරීමට මම ඔහු අපගේ මව් බිමෙහි බිහිවූ විශිෂ්ටතම මානව හිතවාදී කවියා ලෙස නම් කිරීමට කැමතියි..

    රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන (බංකරයක උපන් දරුවෙක්) සිංහල පරිවර්තනය කියවා අවසන මා තැබූ සටහන නම් කළේ ‘එතරම්ම මරණ මැද මෙතරම් විශිෂ්ට කවීත්වයක් … ‘ලෙසයි.

    එහි කවියෙන් කවියට පමණක් නොව කාව්‍ය වැකියෙන් වැකියට දීපචෙල්වන් නිමවා ඇත්තේ මිනිස්කමෙහි වේදනාවයි..ඒ වේදනාව උසුලා නිසලව සිටින සමාජයක නිහැඩියාව බිද දමන්නට යුක්තිය හා සමානත්වය උදෙසා හඩක් වීමට දීපචෙල්වන් අතිශයින් සංවේදී වූද මානවීය වූද දේශපාලනයක් සිදුකරයි.

    ඒ මානවීය දේශපාලනයේ රාවය අපූර්ව හා විශිෂ්ට ලෙසින් සිංහල බසින් පරිවර්තනය කර දකුණේ සමාජය වෙත කැදවාගෙන ආ අනූෂා සිවලිංගම් සහෝදරියට ද මෙහිදී මගේ ආදරණිය ප්‍රණාමය පුද කරනවා.

    හරියටම මීට අවුරුදු 35කට උඩදී 1991 ජනවාරියේ මා යාපනයේ මව්වරුන් අමතා ‘යාපනයේ අම්මා වෙතටයි’ යනුවෙන් සිංහල හා දමිල බසින් කළ පරිවර්තනයක් සහිත ලිපියක් හරහා ඉල්ලීමක් කර තිබෙනවා.ඒ ඉල්ලීමෙන් කරේ උතුරේ මෙන්ම දකුණේද අපේ පීඩිත පංතියේ පීඩනයෙන් මිදීමට අපේ ජීවිත සුරක්ෂිත කරන්නට පුතෙක් බිහිකර හදා ගන්න අම්මේ එදාට ඔහු අපේ වීරයෙක් ලෙස පිළිගන්නම් කියායි. මා සිතනවා මරණය වෙනුවට ජීවත්වීමේ අයිතිය හා යුක්තිය හා නිදහස ඉල්ලා සිටින මේ මගේ සහෝදර කවියා උතුරේ මවක් බිහි කළ වීරයෙක් කියා.ඉතින් අප අපේක්ෂා කරන මනුෂ්‍යත්වයේ අරුත් ආරක්ෂා කර ගත හැකි යුක්තිය හා ජීවිතය උදෙසා පෙනී සිටින දීපචෙල්වන් ඔබේ කවීත්වය සැබෑ වීරත්වයක ප්‍රති මූර්තියක්.
    ඔබ එරෙහි වූයේ උතුරේ පමණක් නොව ලොව කොතනක හෝ සිදුවන මනුෂ්‍ය සංහාරයේ සාපරාධයටයි.

    එහෙයින් ඔබේ කවීත්වයේ රාවය ඔබගේ නිජ බිමෙන් ඔබ්බේ විශ්වය සිසාරා නින්නාද වනු ඇත.ඔබ නිමවන වේදනාවේ රතු කුරුලු නාදය ලොව පුරා සෑම ගම්මානයකම සෑම රාත්‍රියකම පැතිරෙනු ඇත.එය සැහැසි ලෙස මිනිසුන් වර්ග කර දරුණු වධ හිංසා පමුණුවා ඝාතනය කරන වාර්ගික මුග්ධ සංස්කෘතික නිමාවක් පිලිබද සිතීමට ප්‍රවේශයක් සපයාවි. ප්‍රචණ්ඩත්වයේ වේදනාවෙන් හුදකලා වූ මිනිස් හදවත් සුවපත් කරන මානුෂීය එක්වීමක් ඔබේ රාත්‍රිය මත රතු කුරුල්ලා සිදු කරාවි.

    පෑනක් හෝ ලිපිනයක් ලග තබා ගැනීමම මරණයට හේතු සාධකයක් වූ දේශයක…ලෙයින් සහ බියෙන් පිරී ගිය යුගයක ඔබ නිරන්තරව අවතැන් වෙමින් විසිර පවතින මළ කදන් අතර බංකරයක් තුළ ජීවිතය යන්තම් රදවා ගනිමින් කෲර ප්‍රචණ්ඩත්වයකට එරෙහිව ඔබේ ජනතාවගේ වේදනාත්මක සිතුවිලි හා ඔවුනගේ ජීවත්වීමේ බලාපොරොත්තුව කවීත්වයට නගා ඇත.ඒ වේදනාව හා බලාපොරොත්තු මෙතරම් කවීත්ව බසකින් ඔබ ප්‍රකාශ කිරිම විශ්මිතය.කුසට අහරක් නැතිව ළමා කාලයේ නිදහස සුරතලය අහිමිව මාපියන් අහිමිව ,එහෙත් ජීවත්වීමේ එකම බලාපොරොත්තුවෙන් සැගවෙන පලා යන දස දහසක් ළමුන් හා ඔවුන්ගේ සිතෙහි නැගෙනා කිසි දිනක නිශ්චිත පිළිතුරු නැති ප්‍රශ්න ඔබ ද බංකරයේ දරුවෙක්ව හිදිමින් බෙහෙවින් සංවේදී හා විශිෂ්ට රිද්මයකින් නිර්මාණය කර ඇත.. ඔබේ ඒ විශිෂ්ට මානවීය පරිකල්පනයෙන් හා රිද්මීයත්වයෙන් මට ඉල්ලීමක් කරන්නට තිබෙනවා.

    අපේ මානව ඉතිහාසය ඉතාම සාවද්‍ය මිත්‍යා මත ගොඩ නංවමින් වාර්ගිකත්වය මත හා වෙනත් බොහෝ සාධක මත බෙදා වෙන් කර මනුෂ්‍යත්වය එකිනෙකාට එරෙහි හිංසනය පීඩනය පමුණුවන වෛරය හා අසත්‍ය පතුරුවන අමානුෂිකත්වයක් ගොඩ නංවා තිබෙනවා.එහෙත් ඉතිහාසය පුරා එයට එරෙහිව වෙනස් දැක්මක් සහිත බුද්ධිමත් හා සංවේදී මිනිසුන් මනුෂ්‍යත්වය එකම තලයක යා කරන්නට සමාජ දේශපාලන ආර්ථික යුක්තිය ,සමානත්වය හා සත්‍යය උදෙසා පීඩකයන්ට එරෙහිව ජීවිතය පරිත්‍යාග කළා.

    දේශපාලන ඉතිහාසයෙහි සොක්‍රටිස්ගේ සිට 20 වන සියවසේ හිට්ලර්ගේ නාසි වධකාගාර වල සිට වර්තමානයේ ගාසා තීරය දක්වාද ලොව පුරාමත් මනුෂ්‍යත්වයේ නිදහස වෙනුවෙන් දහස් ගණන් සොදුරු මිනිසුන් ජීවිත පරිත්‍යාග කළා.

    ආදරණිය දීපචෙල්වන් සොයුර මම ඔබ ඒ සොදුරු කවියන් මාධ්‍යවේදීන් හා අදහස් ප්‍රකාශ කරන්නන් අතරට ඔබේ කවීත්වය සහ මානවීයත්වය සමග ඔබ එක් කරමින් වාර්ගිකත්වයේ සහ සෑම ආකාරයකම මිනිසුන් අසමානයන් හෝ වෙනස් කොට සිතිමේ පටු සීමාවෙන්ගෙන් ඔබ්බේ මිනිස්කම එකම සිතීමේ රේඛාවකින් එකම සහෝදරත්වයකින් යා කරන මානවීයත්වයේ සොදුරු අඩහැරයක් වෙන්න යයි සහෝදරත්වයෙන් ඉල්ලා සිටිනවා.

    දීපචෙල්වන්, කවියෙක්..ලේඛකයෙක්..
    කලාකරුවෙක් අයිති මුලු ලොවටමයි.ඉතින් ඔබ විශ්වීය සිතන්නෙකු හා විශ්වීය කලාකරුවකු වෙන්න.

    මා අද මෙතන ඔබ හා එක්ව සිටින්නේ මනුෂයත්වය තුළ සාවද්‍ය ලෙස ගොඩ නැංවූ වෙන් කිරීමේ මිනුම් රේඛා ඛණ්ඩනය කරන්නට මගේ සිතිමට හා මගේ ප්‍රකාශනයට හැකිවූ නිසායි.
    මෑතකදී මගේ ‘ආදරණිය දෙවියන්වහන්සේ සහ අන්ධකාර රාත්‍රිය ‘ ප්‍රබන්ධය ගැන පැවැත්වූ සංවාදයකදි ‘රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන’ පරිවර්තනය කළ අනූෂා සිවලිංගම් සහෝදරිය කියා සිටියේ මා ඔබේ නියෝජනයක් නොව මා ඒ පීඩනයේ කොටස් කාරිනියක බවයි. ඒ බව ඔබට තහවුරු කිරිමට දීපචෙල්වන්ගේ හා මගේ ප්‍රකාශනයන්හි සමානකමින් බිදක් අවසානයේ ගෙන හැර දක්වන්නම්.
    ඒ තුළ ඔබ මා දෙදෙනෙකු නොව මාද ඔබමය.ඔබේ පීඩනය මගේද පීඩනයි.අපි ඒ පීඩනයෙන් මිදෙන්නට එක්විය යුතුමය.අවසාන වශයෙන් දිපචෙල්වන් ඇතුලු මෙහි සිටින සමස්ත සහෝදරත්වයෙන් ඉල්ලා සිටිනුයේ ඔබද මාද එක්වන් මානුෂිකත්වයෙන් සිතන නව දේශපාලන සිතා බැලීමකට නැඹුරු වන ලෙසය.

    දීපචෙල්වන්ගේ කවිය ඒ සිතා බැලීමේ දීප්තිමත් ආලෝකයක්ව ලොවක පීඩනයට එරෙහිව එළිය විහිදනු ඇතැයි සොදුරු සිහිනෙක වෙලෙමින් අප එක්ව ඇති මානුෂීයත්වයේ සමානත්වය විදහාලමින් මේ කතාව අවසන් කරමි.

    යාළ් නගරය…

    කොත්තු රොටි කඩයක්
    නාදුනන මළකුණක්..වටකරගත් නගරයක්.;
    යාපනය නිහැඩියාවක්…
    මා කුමක් කලාද මා කැමති වූයේ මොනවටද මා ආදරය කළේ කාටද
    මා විරුද්ධ වූයේ කාටද
    මගේ ගේ ඇත්තේ මොන ගමේද
    මගේ පසුබියෙ ඇති පින්තූරය කාගේද
    මගේ ඇඳුමේ තැවරී ඇත්තේ කිනම් පුසුඹක්ද..
    මගේ හිස පීරා ඇත්තේ මොන රටාවටද …
    කවුරු

    මං ගැන විපරම් කළාද..
    කඳවුරක් පිහිටි කොයි වීදියකද
    මං නොගියේ…

    ප්‍රශ්න පත්තරයකි
    මගේ මළකුණ
    කවදද ඒ කුණ
    හඳුනා ගන්නේ…

    දීපචෙල්වන් 2008දී ‘රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන ‘හරහා එසේ
    අසද්දී 1996දී ‘නාදුනන ගැහැනිය ‘ හරහා මම මෙසේ අසමි..

    තමාගේ මරණය ගැන ඕනෑම සාක්ෂියක් දීමට සූදානම්වූ ඒ මිනිසාද,මෙවැනි මළ සිරුරක් වෙනුවෙන් පරීක්ෂණ පැවැත්වීමට කල්ගත කිරීම නොවැදගත් සේ සලකන පොලිස් භටයා හා හමුදා භටයන් දෙදෙනා ද සමග ඇගේ මළ සිරුරට හමුදා කඳවුරක් වෙත යාමට සිදුවිය.

    පරීක්ෂණය ඕනෑම ආකාරයේ එකක් විය හැකිය .එහිදී ඇයට ඕනෑම නමක් හා ගමක අයිතිය හිමිවීමට පුළුවන .

    ඇතැම් විට ලෙච්චමි.. තංගම්මා.. රාණි.. සරස්වතී.. නැතිනම් වෙනත් ඕනෑම ද්‍රවිඩ තරුණියකට හිමි නමකට උරුමකම් කියනවා ඇත.

    ඇය කාගේ කවුදැයි දන්නේ ඇය පමණි නැතිනම් ඇය ගැන තීරණයක් ගැනීමට දෙවියන් හෝ ඇගේ මරණය රාත්‍රියේදී දුටු නිහඬ නදියට හෝ ඇගේ නිරුවත් සිරුර වැසෙන්නට කහපැහැ ගැනුණු කොළ විසුරුවා හල අඳුරු ගස් කොළන් වලට හෝ පමණක් භාර කළ යුතුය.

    ඇයට කිසි දිනෙක ආපසු හමුදා කඳවුරකට යාමට අවශ්‍යව නොතිබෙන්නට ඇත. ඇගේ ගම ද යුද්ධයේ කොටසක්ව තිබුණා නම් ගමට ඉතාම ආසන්නව ඇති හමුදා කඳවුරට මින් පෙර ඇය ගොස් තිබෙන්නට පුළුවන.

    නැතිනම් ඇයව කැඳවාගෙන හෝ අකමැත්තෙන් කැඳවාගෙන ගොස් තිබුණාද විය හැකිය.

    මේ ඇය පෙම්වතාගේ ගම්බිම් සොයා ගිය ගමනක්..
    රැයෙන් රැයට පමණක් හමුවන පෙම්වතුන්ගෙන් සමු ගැනීමට යන ගමනක්.. නැතිනම් යුද්ධයට බියෙන් ජීවිතයට පලායාමට තැත් කිරීමක් ..
    ඇතැම් විට මේ සියල්ලම විය හැකියි.

    ඇය පාසැල් ගියාද ..
    අකුරු ලියන්නට කියන්නට
    ඉගෙන ගත්තාද ..
    මිනිසුන් සමග බියෙන් නොපැකිලී කතා කරන්නට ඉගෙන ගෙන තිබෙනවාද…
    දහවලට හෝ රාත්‍රියට ඇයට කෑම සඳහා කිසිවක් ලැබුණාද…
    කිසිවෙකුත් මේ කිසිවක් දන්නේ නැත . සෑම ගමකම වැසියෝ බියෙන් හා සැකෙන් පමණක් ජීවත් වෙති. ඔවුන් මිනිසුන් හෝ ගැහැණුන් ගැන වැඩිපුර සිතන්නේ නැත. සොයන්නේද නැත .තමන්ගේ ජීවිත ගැන සිටීමට පවා ඉඩ කඩක් නැති ගම්මානයක මිනිසුන්ට උදේ පාන්දර ගැහැනියකගේ නිරුවත් මළ සිරුරක් හමුවිය.

    ඇගේ නාසයෙහි කුඩා කරාබුවක් ඉතිරිව තිබුණි.
    ඔවුන් දන්නේ එපමණකි. මළ සිරුර ඉතා ඉක්මනින් ගමෙන් ඉවත් වෙනවා නම් එය පවා ඔවුනට සැනසීමකි.

    ඒකි විහින් පණ නහගෙන!

    ඒ මළ සිරුර ඉක්මනින් මිහිදන් වනු ඇත ..

    ඇය කවුද …
    ජීවිතය..
    යුද්ධය…
    මරණය…

    තිලිනා වීරසිංහ – 2026 ජනවාරි 17

    දීපචෙල්වන්ගේ ‘රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන’ නව මුද්‍රණය දොරට වැඩීමේ උළෙලේදී පැවැත්වූ කතාව.

    நிச்சயமாக, 2026 ஜனவரி 17 அன்று கிளிநொச்சியில் நடைபெற்ற தீபச்செல்வனின் நூல் வெளியீட்டு விழாவில் நீங்கள் நிகழ்த்திய உரையின் தமிழ் மொழிபெயர்ப்பு இதோ:

    தீபச்செல்வனின் “நினைவில் நாடற்றவன்” (நினைவுகளின் நிலத்தை கொண்டிருப்பவன்) என்ற அர்த்தம் பொதிந்த கவிதைப் படைப்பின் (சிங்களத்தில் ‘இரவின் மீது அமர்ந்திருக்கும் செங்குருவி’ என மொழிபெயர்க்கப்பட்ட ‘பதுங்கு குழியில் பிறந்த குழந்தை’ எனும் நூல்) இரண்டாம் பதிப்பு வெளியீட்டு விழா 2026 ஜனவரி 17 அன்று கிளிநொச்சியில் நடைபெற்றது.

    அதற்காக எனக்கும் ஒரு விசேட சகோதரத்துவ அழைப்பு கிடைத்தது மிகுந்த மகிழ்ச்சியளிக்கிறது. அங்கு தீபச்செல்வன் மற்றும் எனது சகோதரத்துவ சமூகத்தினரை விளித்து உரையாற்றுவதற்கு கிடைத்த சந்தர்ப்பம் ஒரு வரலாற்று அனுபவமாகும். ஏனெனில் அவர்கள் கூறுவதற்கிணங்க, சிங்கள மொழியில் எழுதும் ஒருவர் வடக்கின் கவிஞரின் படைப்பை மதிப்பீடு செய்து வடக்கிலேயே உரை நிகழ்த்திய முதல் அனுபவம் இதுவாகும். அங்கு என்னால் நிகழ்த்தப்பட்ட உரையின் திருத்தப்பட்ட சுருக்கம் இங்கே பகிரப்படுகிறது.

    மானுடத்தை இணைத்த செங்குருவி…
    தீபச்செல்வனின் கவித்துவத்துடனான எமது இந்தச் சந்திப்பு, எமது தாய்நாட்டின் எதிர்காலம் குறித்த புதியதொரு வரலாற்று அரசியல் பதிவை ஏற்படுத்தும் சந்தர்ப்பமாக அமையட்டும் என்ற மானுட மற்றும் சகோதரத்துவ எதிர்பார்ப்புடன் எனது உரையை ஆரம்பிக்க விரும்புகிறேன்.

    உடலால் இன்று நான் உங்களுடன் இணைந்திருந்தாலும், நீண்டகாலமாகவே நான் உங்களுடனும், சித்திரவதைகளின் அழுத்தத்திலிருந்து விடுபடும் கனவுடனும் வாழ்ந்து வருகிறேன் என்பதைச் சொல்ல வேண்டும்.

    ஒவ்வொரு மனிதனும் சித்திரவதையின்றி, சுதந்திரமாகத் தனது மனிதத்தன்மையை அனுபவிக்க வேண்டும் என்ற அதே கனவைத் தாங்கியிருக்கும் தீபச்செல்வனின் மனிதாபிமான வெளிப்பாடே இன்று என்னை இங்கு அழைத்து வந்திருக்கிறது. அந்தக் கனவின் வெளிப்பாடு, என்னுள் இருக்கும் தென்னிலங்கை சகோதரத்துவத்தை மாத்திரமன்றி உலகையே விழிப்படையச் செய்து, மனிதநேயத்தின் பொருள், சுதந்திரம், நீதி மற்றும் சமத்துவம் குறித்து மீண்டும் மீண்டும் சிந்திக்க நமக்கு ஒரு ஆழமான வாய்ப்பை வழங்கியுள்ளது. அதன் மூலம் தீபச்செல்வன், எமது தாயகத்தின் வடபுலத்துச் சகோதரத்துவத்தினால் தசாப்தங்களாக ஆயுதம் ஏந்தித் தங்களின் ஒடுக்குமுறை பற்றிய உரையாடலையும் சுதந்திரம் பற்றிய எதிர்பார்ப்பையும் கட்டியெழுப்பிய போராட்டத்தை விடவும் மிகத் தத்ரூபமாக, எமது அரசியல் கலாசாரத்தின் மனச்சாட்சியை கேள்விக்குட்படுத்துவதில் வெற்றியடைந்துள்ளார்.

    மானுடம்.. சுதந்திரம்.. வன்முறை ஆதிக்கத்தின் அழுத்தத்திலிருந்து விடுபட்டு வாழ்வதற்கான உரிமைக்காகத் தனது உயிரைப் பணயம் வைத்து கருத்துக்களை வெளிப்படுத்திய தீபச்செல்வனின் கவித்துவம் எம்மீது எவ்வளவு ஆழமான தாக்கத்தை ஏற்படுத்துகிறது என்பதை வெளிப்படுத்த, அவரை எமது தாயகத்தில் உருவான மிகச்சிறந்த ‘மனிதநேயக் கவிஞர்’ என்று அழைக்க நான் விரும்புகிறேன்.

    “இரவின் மீது அமர்ந்திருக்கும் செங்குருவி” (பதுங்கு குழியில் பிறந்த குழந்தை) நூலின் சிங்கள மொழிபெயர்ப்பை வாசித்து முடித்ததும் நான் இட்ட குறிப்பு இதுதான்:

    ‘இத்தனை மரணங்களுக்கு மத்தியில் இவ்வளவு நேர்த்தியான கவித்துவம்…’

    இதில் கவிதைக்குக் கவிதை மாத்திரமன்றி, ஒவ்வொரு வரியிலும் தீபச்செல்வன் செதுக்கியிருப்பது மனிதநேயத்தின் வலியைத்தான். அந்த வலியைச் சுமந்து மௌனமாக இருக்கும் சமூகத்தின் நிசப்தத்தை உடைக்க, நீதிக்காகவும் சமத்துவத்திற்காகவும் குரல் கொடுக்க தீபச்செல்வன் மிக உணர்வுப்பூர்வமான, மனிதாபிமான அரசியலை முன்னெடுக்கிறார். அந்த மனிதாபிமான அரசியலின் அதிர்வை சிங்கள மொழியில் மொழிபெயர்த்துத் தென்னிலங்கைச் சமூகத்திடம் கொண்டு சேர்த்த சகோதரி அனுஷா சிவலிங்கத்திற்கும் எனது அன்பான நன்றிகளைத் தெரிவித்துக் கொள்கிறேன்.

    சரியாக 35 வருடங்களுக்கு முன்னால், 1991 ஜனவரி மாதத்தில், யாழ்ப்பாணத்துத் தாய்களை விளித்து ‘யாழ்ப்பாணத்து அம்மாவிற்கு’ என்று சிங்களம் மற்றும் தமிழ் மொழிகளில் மொழிபெயர்க்கப்பட்ட கடிதம் ஒன்றின் ஊடாக ஒரு வேண்டுகோளை விடுத்திருந்தேன். வடக்கிலும் சரி, தெற்கிலும் சரி எமது ஒடுக்கப்பட்ட வர்க்கத்தின் துன்பங்களிலிருந்து விடுபடவும், எமது உயிர்களைப் பாதுகாக்கவும் ஒரு மகனைப் பெற்றெடுங்கள் அம்மா, அன்று அவரை நாம் எமது வீரராக ஏற்றுக்கொள்வோம் என்பதே அந்த வேண்டுகோள். மரணத்திற்குப் பதிலாக வாழ்வதற்கான உரிமை, நீதி மற்றும் சுதந்திரத்தைக் கோரும் எனது சகோதரக் கவிஞரை, வடக்கின் தாய் ஈன்றெடுத்த ஒரு வீரன் என்றே நான் கருதுகிறேன். எனவே, நீதிக்காகவும் வாழ்வுக்காகவும் குரல் கொடுக்கும் தீபச்செல்வன், உங்களது கவித்துவம் உண்மையான வீரத்தின் பிம்பமாகும். நீங்கள் எதிர்த்தது வடக்கில் மாத்திரமல்ல, உலகில் எங்கேனும் இடம்பெறும் மனிதப் பேரழிவின் குற்றங்களைத்தான்.

    எனவே உங்கள் கவித்துவத்தின் ஓசை உங்களது தாய்நாட்டைக் கடந்து பிரபஞ்சம் முழுவதும் எதிரொலிக்கும். நீங்கள் உருவாக்கும் அந்த வலியின் ‘செங்குருவி’யின் நாதம் உலகம் முழுவதும் உள்ள ஒவ்வொரு கிராமத்திலும் பரவும். வன்முறையின் வலியால் தனிமைப்படுத்தப்பட்ட மனித இதயங்களை குணப்படுத்தும் ஒரு மனிதாபிமான இணைப்பை உங்கள் படைப்பு ஏற்படுத்தும்.

    பேனாவோ அல்லது ஒரு முகவரியோ வைத்திருப்பதே மரணத்திற்கு ஏதுவான ஒரு தேசத்தில்… பதுங்கு குழியில் உயிர் பிழைத்திருந்து, கொடூர வன்முறைக்கு எதிராக உங்கள் மக்களின் வேதனையான எண்ணங்களையும் அவர்களின் வாழ்வாதார நம்பிக்கைகளையும் கவிதையாக்கியுள்ளீர்கள். பசியோடும், பெற்றோரை இழந்து, வாழ்வதற்கான ஒரே ஒரு நம்பிக்கையில் ஒளிந்து ஓடும் பல்லாயிரக்கணக்கான குழந்தைகளையும் அவர்களின் மனதில் எழும் விடையற்ற கேள்விகளையும், நீங்களும் ஒரு பதுங்கு குழிக் குழந்தையாக இருந்தபடி மிக உணர்வுப்பூர்வமாக உருவாக்கியுள்ளீர்கள்.

    அன்பான சகோதரர் தீபச்செல்வன், அந்த உன்னதக் கவிஞர்கள், ஊடகவியலாளர்கள் மற்றும் கருத்தாளர்களுக்கு மத்தியில் உங்களை இணைக்கிறேன். இனவாதம் மற்றும் சகல விதமான மனிதப் பாகுபாடுகளின் குறுகிய எல்லைகளுக்கு அப்பாற்பட்டு, மனிதநேயத்தை ஒரே சிந்தனைக் கோட்டில், ஒரே சகோதரத்துவத்தில் இணைக்கும் மனிதாபிமானத்தின் இனிய குரலாக நீங்கள் ஒலிக்க வேண்டும் எனச் சகோதரத்துவத்துடன் கேட்டுக்கொள்கிறேன். தீபச்செல்வன், ஒரு கவிஞன், எழுத்தாளன், கலைஞன் ஒட்டுமொத்த உலகிற்கும் சொந்தமானவன். எனவே நீங்கள் ஒரு உலகளாவிய சிந்தனையாளராகத் திகழுங்கள்.

    சமீபத்தில் எனது ‘அன்பான கடவுளும் அந்தகார இரவும்’ புனைகதை குறித்த கலந்துரையாடலில், சகோதரி அனுஷா சிவலிங்கம் ஒரு கருத்தைக் கூறினார்: நான் உங்கள் பிரதிநிதி அல்ல, மாறாக அந்த ஒடுக்குமுறையின் ஒரு பங்குதாரர் என்று. அதை உங்களுக்கு உறுதிப்படுத்த தீபச்செல்வனுடையதும் எனதுமான வெளிப்பாடுகளில் இருக்கும் ஒற்றுமையை இறுதியில் முன்வைக்கிறேன். அதில் நானும் நீங்களே. உங்கள் துன்பம் என்னுடையதும் கூட. அந்தத் துன்பத்திலிருந்து விடுபட நாம் ஒன்றிணைய வேண்டும்.

    தீபச்செல்வனின் கவிதை உலகத்திலுள்ள ஒடுக்குமுறைக்கு எதிராக ஒரு பிரகாசமான ஒளியைப் பரப்பும் என்ற இனிய கனவோடு, மானுடத்தின் சமத்துவத்தை வெளிப்படுத்தி இந்த உரையை முடிக்கிறேன்.

    யாழ் நகரம்…

    கொத்து ரொட்டி கடை அடையாளம் தெரியாத பிணம்… சூழ்ந்திருக்கும் ஒரு நகரம்; யாழ்ப்பாணம் ஒரு நிசப்தம்… நான் என்ன செய்தேன், எதை விரும்பினேன், யாரை நேசித்தேன், யாரை எதிர்த்தேன், எனது வீடு எந்தக் கிராமத்தில் உள்ளது, எனது பின்புலப் புகைப்படம் யாருடையது, எனது உடையில் படிந்திருப்பது எத்தகைய மணம்… எனது தலை எவ்வகையில் சீவப்பட்டுள்ளது… யார் என்னைப் பற்றித் துருவி ஆராய்ந்தார்கள்… முகாம் அமைந்திருக்கும் எந்த வீதிக்கு நான் போகவில்லை…

    ஒரு வினாத்தாளாகிறது எனது பிணம் எப்போது அந்தச் சடலம் அடையாளம் காணப்படும்…

    தீபச்செல்வன் 2008 இல் இவ்வாறு கேட்டபோது, 1996 இல் “அடையாளம் தெரியாத பெண்” ஊடாக நான் இவ்வாறு கேட்கிறேன்:

    விசாரணை எவ்வகையிலும் அமையலாம். அங்கே அவளுக்கு எந்தப் பெயரும் எந்தக் கிராமத்தின் உரிமையும் கிடைக்கலாம். சிலவேளை லட்சுமி… தங்கம்மா… ராணி… சரஸ்வதி… என ஏதேனும் ஒரு பெயருக்கு அவள் உரிமையாளராக இருக்கலாம். அவள் யார் என்பதை அவள் மாத்திரமே அறிவாள். இல்லையேல் அவள் குறித்துத் தீர்மானிப்பதை கடவுளிடமோ அல்லது அவளது மரணத்தை இரவில் கண்ட அந்த அமைதியான நதியிடமோ ஒப்படைக்க வேண்டும்.

    அவளுக்கு ஒருபோதும் இராணுவ முகாமிற்குச் செல்ல வேண்டிய தேவை இருந்திருக்காது. அவளது கிராமம் போரின் ஒரு பகுதியாக இருந்திருந்தால், கிராமத்திற்கு மிக அண்மையில் இருந்த முகாமிற்கு அவள் முன்னரே சென்றிருக்கலாம். அல்லது அவள் அழைத்துச் செல்லப்பட்டிருக்கலாம்.

    இது தனது காதலனைத் தேடிச் சென்ற பயணமாக இருக்கலாம்… அல்லது போருக்குப் பயந்து ஓட முயன்ற ஒரு முயற்சியாக இருக்கலாம்… எவருக்கும் இது தெரியாது. ஒவ்வொரு கிராமத்து மக்களும் பயத்துடனும் சந்தேகத்துடனும் மாத்திரமே வாழ்கிறார்கள். தங்களது சொந்த உயிருக்குக் கூட உத்தரவாதம் இல்லாத ஒரு கிராமத்து மக்களுக்கு, அதிகாலையில் ஒரு பெண்ணின் நிர்வாணச் சடலம் கிடைத்தது. அவளது மூக்கில் ஒரு சிறிய மூக்குத்தி எஞ்சியிருந்தது. அவர்களுக்குத் தெரிந்ததெல்லாம் அவ்வளவுதான்.

    “அவளா தானாக உயிரை மாய்த்துக் கொண்டாள்!”

    அந்தச் சடலம் விரைவில்