හාන්ස් විජයසූරියලා සමඟ පුනරුදය වෙත යාහැකිද?

Date:

නව ආණ්ඩුව විසින් කරන ලද තවත් පත්වීමක් සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ. එම පත්වීම වන්නේ හාන්ස් විජයසූරියගේ පත්වීමයි.

අද (01) පස්වරුවේ ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක අතින් සිය පත්වීම ලබාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ඩයලොග් ආසිආටා හි මව් සමාගම වන ආසිආටා ගෲප් බර්හාඩ් පවසන්නේ එහි සමූහ විධායක අධ්‍යක්ෂ සහ එහි විදුලි සංදේශ ව්‍යාපාර සම්බන්ධ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජයසූරිය ශ්‍රී ලංකා රජයේ ආරාධනය ආචාර්ය විජයසූරිය විසින් පිළිගෙන ඇති බවයි.

ඒ අනුව ඔහු 2025 ජනවාරි 25 වනදා ආසියාටා සමාගමෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී ඇති බව එම නිවේදනයේ දැක්වෙනවා.

ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යන ගමනේ මූලික පියවරක් තබමින් ආචාර්ය හාන්ස් විජයසූරිය ඩිජිටල් ආර්ථිකය පිලිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක තනතුරට පත් කර තිබෙනවා.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ තාජුඩීන් ඝාතනය ලසන්ත වික්‍රමතුංග ඝාතන සම්බන්ධ දත්ත ලබාදීම හිතා මතාම මගහැරීම සම්බන්ධයෙන් හාන්ස් විජෙසුරියට චෝදනා එල්ල වී තිබුණි. එසේම ඔහු ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික උපදේශක සභාවේද කටයුතු කර ඇති පුද්ගලයෙකි .

එසේම මෙවැනි පුද්ගලයෙකු ඩිජිටල් ආර්ථිකය පිලිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක තනතුරට පත් කිරීමට ඇති සුදුසුකම කුමක්ද යන්න ගැනත් බොහෝ දෙනෙකු ප්‍රශ්න කර තිබේ.

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...