Breaking News

අතහැර දමා ඇති ගොඩනැගිලි ප්‍රයෝජනයට

විවිධ කාලවලදී පැවැති රජයේ ආයතන විසින් ඉදි කරනු ලැබ ප්‍රයෝජනයට නොගෙන අතහැර දමා ඇති ඉදිකිරීම් ඵලදායි කටයුතු සඳහා යොදා ගැනීමට නොවැම්බර් 27 වන දා රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බව අද මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක ලෙස පෙනී සිටි විජිත හේරත් සඳහන් කර සිටියා .

මෙසේ නිසි භාවිතයකට ගනිමින් නොපවතින ඉදිකිරීම් පිළිබඳව මහ භාණ්ඩාගාරය විසින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ ාත් පාලන අමාත්‍යාංශයේ සහාය ඇතිව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් තොරතුරු රැස්කරගෙන තිබේ . එම තොරතුරු වලට අනුව ප්‍රයෝජනයට නොගන්නා ගොඩනැගිලි 2 972ක් හඳුනාගෙන තිබේ . මේවා පිළිබඳව වාර්තාවක් පසුගිය විසි හත්වන දා පැවති කැබිනට් මණ්ඩලයට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය විධිමත් වැඩපිළිවෙළක් සකස් කර එසේ අත්හැර දමා ඇති ගොඩනැගිලි හා ඉදිකිරීම් ඵලදායි කටයුතු සඳහා යොදා ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශකවරයා කියා සිටියා .

leave a reply