අතහැර දමා ඇති ගොඩනැගිලි ප්‍රයෝජනයට

විවිධ කාලවලදී පැවැති රජයේ ආයතන විසින් ඉදි කරනු ලැබ ප්‍රයෝජනයට නොගෙන අතහැර දමා ඇති ඉදිකිරීම් ඵලදායි කටයුතු සඳහා යොදා ගැනීමට නොවැම්බර් 27 වන දා රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බව අද මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක ලෙස පෙනී සිටි විජිත හේරත් සඳහන් කර සිටියා .

මෙසේ නිසි භාවිතයකට ගනිමින් නොපවතින ඉදිකිරීම් පිළිබඳව මහ භාණ්ඩාගාරය විසින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ ාත් පාලන අමාත්‍යාංශයේ සහාය ඇතිව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් තොරතුරු රැස්කරගෙන තිබේ . එම තොරතුරු වලට අනුව ප්‍රයෝජනයට නොගන්නා ගොඩනැගිලි 2 972ක් හඳුනාගෙන තිබේ . මේවා පිළිබඳව වාර්තාවක් පසුගිය විසි හත්වන දා පැවති කැබිනට් මණ්ඩලයට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය විධිමත් වැඩපිළිවෙළක් සකස් කර එසේ අත්හැර දමා ඇති ගොඩනැගිලි හා ඉදිකිරීම් ඵලදායි කටයුතු සඳහා යොදා ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශකවරයා කියා සිටියා .

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...