Breaking News

මැතිවරණ දිය කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක්

මුලින්ම පවත්වන්නේ ජනාධිපතිවරණයද මහ මැතිවරණයද කියන ප්‍රශ්නය අද දේශපාලන වේදිකාව තුළ ප්‍රධාන මාතෘකාව බවට පත්වී තිබේ . ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යෑමේ අවස්ථාවක් තිබෙන අතර එසේ නොමැති නම් පාර්ලිමේන්තුවේ බහුතරයකගේ කැමැත්ත මත පාර්ලිමේන්තුව විසුරුවා ගැනීමට හැකියාව ද තිබේ.

ව්‍යවස්ථාවට අනුව නම් මේ වසර අවසාන වීමට ප්‍රථම ජනාධිපතිවරණය පවත්වා නව ජනාධිපතිවරයෙක් තෝරාපත් කරගත යුතුයි. මහ මැතිවරණය පිළිබඳව පසුව කල්පනා කළ හැකියි.

අප මීට ඉහත ලිපියක සඳහන් කළ ආකාරයට රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයක් අවශ්‍ය වී තිබෙන බව හැඟෙන්න තිබුනත් මහින්ද රාජපක්ෂ බැසිල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායමට අවශ්‍ය වී තිබෙන්නේ මහ මැතිවරණයක් කියන එක ඉඟි වෙමින් පවතිනවා. ජනතාවට අඟවන ආකාරයේ එසේ වුවත් මොවුන්ගේ සැබෑ අරමුණ බවට පත්වී තිබෙන්නේ මැතිවරණ නොපවත්වා ඉදිරියට යෑමයි.

ඉතින් මෙවන් වටපිටාවක් තුළදී තමයි ඊයේ කැබිනට් මණ්ඩලයට විජයදාස රාජපක්ෂගෙන් යෝජනාවක් ඉදිරිපත් වෙන්නේ.

මොකක්ද මේ යෝජනාව

අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ ඊයේ කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ගෙන එමින් කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතු බවයි. ඇවිත් තියෙනවා. මේ යෝජනාව පිළිබඳ අදහස ඔහු පාර්ලිමේන්තුවේදී ද ප්‍රකාශ කරනවා. ඒ අනුව ඒ කතාව ඇත්තක් බව සනාථ වෙනවා.

ඊයේ රාත්‍රියේදී කැබිනට් මණ්ඩලයට මේ යෝජනාව විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කරපු අවස්ථාවේදී ඊට අනුමැතියත් ලැබී තියෙනවා කියලා අද මාධ්‍ය සනාථ කලා.

විජයදාස රාජපක්ෂ යෝජනා කිරීමට සූදානම් වන්නේ සමානුපාතික සහ කොට්ඨාස මිශ්‍ර ක්‍රමයකට පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරා ගැනීමේ ක්‍රමයක්. මේ ක්‍රමයට අනුවත් පාර්ලිමේන්තුවට දෙසිය විසිපහක්ම තේරී පත්වෙනවා.

විජයදාස රාජපක්ෂ රාජපක්ෂ මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වනවා.පවතින ක්‍රමයේ අවුලක් තියෙනවා ඒ අවුල ලියහන්ඩ ඕන කියලා කියනවා. ඉතින් මේ විජයදාස කියන්නෙ මේ අවුල ලියන්න පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා නව ක්‍රමයක් ගේන්න ඕනා කියන එක.

මේ ව්‍යවස්ථාව තුළ අවුල් තියෙන බව අපි ඕනෑවටත් වඩා දන්නවා මොකද ඒකට හේතුව තමයි මේ ව්‍යවස්ථාව විසිතුන් වතාවක් පමණ දැන් සංශෝධනය කරලා තියෙනවා. ඉතින් එහෙම සංශෝධනය කරන්න සිද්ධ වෙන්නේ අවුල් තියෙන නිසා.

මැතිවරණයක් ළඟ තියෙද්දි මෙවැනි සංශෝධනයක් කිරීමට සූදානම් වීම තුළ තියෙන්නේ සද්භාවයේ උවමනාවක් නොවන බව අපි කාටත් පැහැදිලියි. ඉහත සඳහන් කළ ආකාරයට රනිල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායමට අවශ්‍ය වී තිබෙන්නේ මැතිවරණ නොපවත්වා ඉදිරියට යාමේ උවමනාවක්. අන්න ඒ නිසා මැතිවරණ දිය කිරීමේ උවමනාව මත මෙවැනි සංශෝධන ගෙන එන්නට සූදානම් වන බව අපගේ හැඟීමයි.

leave a reply