ඉදිරි දින 02 තුලදී වෛරසය සාමාජ ගතවී ඇත්ද යන්න කිව හැකියි – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව හරහා ඇතිවූ කොරෝනා පොකුර හේතුවෙන් එම වෛරසය සමාජ ගතව ඇත්ද යන්න සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේදී පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර සිටියි.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානියා සඳහන් කළේ මේ වන විට දිවයිනේ ඇතැම් ස්ථාන වලින් වාර්තා වන කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් වාර්තා වන්නේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින්ගේ සමිපතයින් බවයි .

ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 6000ක් සිදුකොට ඇති බවත් එම පරීක්ෂණ බහුතරයක් සමාජයෙන් සහ මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින්ඇසුරෙන් සිදුකළ බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

මේ අතර දැනට කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා ඇති ඇදන් ප්‍රමාණය 2000 දක්වා වැඩි කිරිමට පියවර ගත් බවත් අවශ්‍ය නම් එය 3000 දක්වා ඉහළ නැංවීමේ හැකියාවක් ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසා ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...