Breaking News

ඉදිරි දින 02 තුලදී වෛරසය සාමාජ ගතවී ඇත්ද යන්න කිව හැකියි – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව හරහා ඇතිවූ කොරෝනා පොකුර හේතුවෙන් එම වෛරසය සමාජ ගතව ඇත්ද යන්න සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේදී පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර සිටියි.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානියා සඳහන් කළේ මේ වන විට දිවයිනේ ඇතැම් ස්ථාන වලින් වාර්තා වන කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් වාර්තා වන්නේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින්ගේ සමිපතයින් බවයි .

ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 6000ක් සිදුකොට ඇති බවත් එම පරීක්ෂණ බහුතරයක් සමාජයෙන් සහ මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින්ඇසුරෙන් සිදුකළ බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

මේ අතර දැනට කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා ඇති ඇදන් ප්‍රමාණය 2000 දක්වා වැඩි කිරිමට පියවර ගත් බවත් අවශ්‍ය නම් එය 3000 දක්වා ඉහළ නැංවීමේ හැකියාවක් ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසා ඇත.

leave a reply