ආණ්ඩුව දැනට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධාන අපරාධ වැළක්වීමේ පනත සම්බන්ධ සංවාදය ඉදිරියට පැමිණීමත් සමඟ පොලිසියේ මර්දනකාරී ක්‍රියාකලාපය සම්බන්ධවද විශාල සාකච්ඡාවක් මතුව තිබේ. එම සාකච්ඡාව තවත් තීව්ර වීමට බලපෑවේ පොලිස් ප්රචණ්ඩත්වය සම්බන්ධ සිදුවීම් කිහිපයක් ද වාර්තා වීමත් සමඟයි.
නමුත් එම සංවාදයට ගැන ගැඹුරින් බාරගැනීම වෙනුවට ආණ්ඩුව සූදානම් වෙන්නේ පොලිසියේ හුදු පිටත පෙනුම වෙනස් කිරීම හරහා එම සංවාදය යටපත් කිරීමයි. එය ආණ්ඩුව විසින් දැක්වූ පළමු ප්‍රතිචාරය වූවේ පොලිසියේ නිල ඇඳුම වෙනස් කරන බවයි.
ශ්‍රී ලංකා පොලිසියේ නිල ඇඳුම වෙනස් කිරීම සඳහා සැලසුම් කර ඇති බවට පසුගිය දා පාර්ලිමේන්තුවේදී අයවැය යෝජනා ඉදිරපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර තිබුණි. නව නිල ඇඳුම සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුට්ලර් මාධ්‍ය වෙත පවසා ඇත.
මෙම නිල ඇඳුම 2027 වසරේදී හඳුන්වාදීමට සැලසුම් කර ඇතැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල අමාත්‍යවරයාද පවසා තිබේ.
මේ අතර ශ්‍රී ලංකාව සහ චීනය අතර අද (නොවැම්බර් 24) අත්සන් තබන ලද ගිවිසුමක් යටතේ, ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන්ගේ ධාරිතාව සංවර්ධනය කිරීමට සහ පොලිස් යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට චීනය සහාය ලබා දීමට නියමිත බවට වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ චීන තානාපති වෙයි හුවාෂියැං (Wei Huaxiang) සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න විසින් පොලිස් මූලස්ථානයේදී අද උදෑසන මෙම ගිවිසුමට අත්සන් තබා තිබේ.
නවීන තාක්ෂණය ඉතා දියුණු මට්ටමකින් යොදා ගනිමින් සිදු කෙරෙන නවීන අපරාධ ක්‍රම වේදයන් හඳුනා ගැනීමටත්, එවැනි අපරාධ හමුවේ වඩාත් ඵලදායී ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමටත් ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් සතු හැකියාවන් ශක්තිමත් කිරීම මෙම සහාය මගින් අපේක්ෂා කෙරෙන බව පැවසේ.
මෙම ගිවිසුම් අත්සන් තැබීමේ අවස්ථාවට පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය, පොලිස් පරිපාලන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගී වී ඇත.
එසේම මෙම පොලිස් දෙපාර්තමේන්තුවේ ඇත්ත ප්රශ්නය පිළිතුරු දීම වෙනුවට යටිතල පහසුකම් වර්ධනය කිරීම යනු තව තවත් ජනතාව මර්දනය කිරීමට අවස්ථාව සලසා දීම බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ.




