හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදෙස්ගත වීමට අවශ්‍ය බව පවසා රටින් පිටවීම අත්හිටවා පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඔහුගේ නීතිඥයන් විසින් කළ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (25) ප්‍රතික්ෂේප කළා. කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි .
එසේ ගුවන් ගමන් තහනම ඉවත් නොකරන බවට ලබාදුන් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා සිටියේ කඩිනමින් පර්යේෂණ අවසාන කොට පාස්කු නඩුවට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සැකකරුවෙක් ලෙස නම් කරනවාද නැද්ද යන්න පිළිබඳ අධිකරණයට දන්වන ලෙසයි.
එළඹෙන සිකුරාදා ලලිත් ගුගල් අතුරුදහන් කිරීමේ නඩුවේ යළි කැඳවීමට නියමිත අතර සාක්ෂිකරුවකු ලෙස ගෝඨාභය අධිකරණයේ පෙනී සිටි යුතුව ඇ




