එළඹෙන සඳුදා (30) දිනයේ සියලුම ගුරුවරුන් අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ලංකා ගුරු සංගමය දැනුම් දී තිබේ.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අද (24) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ලිඛිතව අදාළ බලධාරීන් දැනුම්වත් කිරීමට පියවර ගෙන ඇති බවයි.
ප්‍රධාන ලේකම්වරයා අවධාරණය කළේ මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන 30 වනදා විභාග පැවැත්වෙන දිනයක් බවත්, විභාග සම්බන්ධයෙන් තීරණ ගැනීම අධ්‍යාපන බලධාරීන්ගේ වගකීම බවයි .
ගුරු විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් නිසි අවදානයක් නොගැනීමට විරෝධය පළකරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කළ බව ඔහු සඳහන් කර ඇත.
නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සභාපතිත්වය දරණ ලංකා ගුරු සේවා සංගමය හැර අනෙකුත් සියලුම ගුරු විදුහල්පති සංගම් එළඹෙන සඳුදා (30) මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹීමට කැමැත්ත පළකර ඇති බවත් ජෝසප් ස්ටාලින් ප්‍රධාන ලේකම්වරයා මෙහිදී සඳහන් කර ඇත.
ඔහු වැඩිදුරටත් සඳහන් කරේ එකට සටන් කළ මහින්ද ජයසිංහලා දැන් බලයට පත්වූ ඔවුන්ගේ අදහස් වෙනස් කරන්නේ නම් ඒ හරහා ඔවුන්ගේ ඇත්ත ස්වභාවය පෙන්වන බවයි. එසේම ඔහු සඳහන් කලේ මහින්ද ජයසිංහගේ ප්‍රකාශය ඉතාම උද්ධච්ච ප්‍රකාශයක් බවයි.




