Breaking News

මහනුවර දළදා පෙරහැරට සෞඛ්‍ය මාර්ගෝපදේශ අදාළ නැද්ද?

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (18) දිනයේ නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව පනසල්, පල්ලි, කෝවිල් වැනි පූජනීය ස්ථානවල ක්‍රියාකාරකම් රැසක් තහනම් කර තිබෙනවා.

ඒ අනුව එම ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් පැවැත්වීම තහනම් කර ඇති අතර කිසිදු හේතුවක් මත ඒකරාශීවීමට අවසර නොමැති බව එම නිවේදනයේ සදහන්.

කෙසේ වෙතත් මහනුවර වාර්ෂික දළදා පෙරහැර තවදුරටත් දිනපතා වීදි සංචාරය කෙරෙනවා.

ඊයේ දිනයේ පළමු රන්දෝලි පෙරහැර විදි සංචාරය කෙරුණු අතර අද රාත්‍රියේ එහි දෙවන රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතයි.

මීට පෙර යාපනය දිස්ත්‍රික්කයේ ඉරුපාලි නැගෙනහිර පිහිටි නාචිමාර් කෝවිලේ පැවැත්වූ තේරු උත්සවය සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකා හරිමින් පැවැත්වීමේ චෝදනාව මත අදාළ ආගමික උත්සවයේ භාරකාර මණ්ඩලයේ සභාපතිවරයාව සහ ලේකම්වරයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගැණුනා.

leave a reply