මහනුවර දළදා පෙරහැරට සෞඛ්‍ය මාර්ගෝපදේශ අදාළ නැද්ද?

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (18) දිනයේ නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව පනසල්, පල්ලි, කෝවිල් වැනි පූජනීය ස්ථානවල ක්‍රියාකාරකම් රැසක් තහනම් කර තිබෙනවා.

ඒ අනුව එම ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් පැවැත්වීම තහනම් කර ඇති අතර කිසිදු හේතුවක් මත ඒකරාශීවීමට අවසර නොමැති බව එම නිවේදනයේ සදහන්.

කෙසේ වෙතත් මහනුවර වාර්ෂික දළදා පෙරහැර තවදුරටත් දිනපතා වීදි සංචාරය කෙරෙනවා.

ඊයේ දිනයේ පළමු රන්දෝලි පෙරහැර විදි සංචාරය කෙරුණු අතර අද රාත්‍රියේ එහි දෙවන රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතයි.

මීට පෙර යාපනය දිස්ත්‍රික්කයේ ඉරුපාලි නැගෙනහිර පිහිටි නාචිමාර් කෝවිලේ පැවැත්වූ තේරු උත්සවය සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකා හරිමින් පැවැත්වීමේ චෝදනාව මත අදාළ ආගමික උත්සවයේ භාරකාර මණ්ඩලයේ සභාපතිවරයාව සහ ලේකම්වරයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගැණුනා.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...