Breaking News

සමාගම්වල ණය කපනවා වගේ ලේසියෙන් ක්ෂුද්‍ර මූල්‍ය ණයත් කපයිද?

මහා පරිමාණ සමාගම් විසින් ගත් රුපියල් බිලියන 54 ක් බොල් ණය ලෙස කපා හැර තිබේ. පසුගියදා කෝප් කමිටුව ඉදිරියේ දී මේ බව හෙළි කළේ, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂයි.

2017 වසරට සාපේක්ෂව රජය සතු මහජන බැංකුවේ අක්රීය ණය (NPLs) 2020 දී 45.94% දක්වා ඉහළ ගොස් ඇති බව මෙහිදී අනාවරණය කෙරිණි.

මහජන බැංකුව වැනි රාජ්‍ය බැංකුවක තිබෙන්නේ ජනතාවගේ මුදල්ය. නමුත් රටේ ලොකු ලොකු ව්‍යාපාරිකයන්ට ලැබෙන මෙවැනි සහන එම මුදල් අයිති මහජනතාවට ලැබෙන්නේ නැත.

ණය මුදල් කපාහැරීමේ වාසනාව ලැබූ, දහ දෙනෙක්ගේ නම් සහ එසේ කපා හැරි මුදල් ලැයිස්තුව මෙන්න …
ඔබේ නමත් එහි තිබේදැයි බලන්න.
යශෝදා සමූහ ව්‍යාපාරය – රුපියල් මිලියන 24000
දයා ගමගේ – එජාපයේ භාණ්ඩාගාරික – මිලියන 2647
අර්ජුන් ඇලෝසියස් – රනිල්ගේ හිතවතෙක් – මිලියන 3242
ග්‍රෑන්ඩ් මවුන්ටන් හොටෙල් – මාතලේ පොදු පෙරමුණු හිටපු නියෝජ්‍ය ඇමැති කෙනෙක් – මිලියන 3685
CML.MTD. සමූහ ව්‍යාපාර – රුපියල් මිලියන 5028
හුරවී ඉන්ටර්නැෂනල් සමාගම – රුපියල් මිලියන 2521
නවලෝක සමාගම – රුපියල් මිලියන 1442
මිහින් ලංකා – රාජපක්ෂවරුන් පටන් ගත් – මිලියන 2566
සතොස – රුපියල් මිලියන 5443
ශ්‍රී ඉක්විප්මන්ට් ෆිනෑන්ස් – රුපියල් මිලියන 3173

මෙම සියලුම සමාගම්වලට, දේශපාලකයින් සමඟ සෘජු හෝ වක්‍ර සම්බන්ධකම් තිබේ.

මුදු, මාල, කරාබු උගස් කර ඔබ විසින් ලබාගත් ණය හෝ ඔබ විසින් ලබාගත් ක්ෂුද්‍ර මූල්‍ය ණය මුදල්, නිවාස ණය හෝ මෙසේ කපා හැර තිබේද …..?

ලක්ෂ 28ක් පමණ වෙන ක්ෂුද්‍ර මුල්ය ණය වින්දිතයන් වසර ගණනාවක් පුරා ණය කපා දමන ලෙස ඉල්ලමින් අරගලයක නිරතව සිටියි. ඔවුන් බහුතරයක් ලබාගෙන ඇත්තේ මේ සමාගම් මෙන් කෝටි ගණන්වල ණය නොව ලක්ෂයට අඩු සොච්චම් ණයකි. ණය වින්දිතයන්ට ප්‍රධාන පක්ෂ දෙකම නියෝජනය කරන ආණ්ඩු විසින් මැතිවරණ සමයේදී ණය කපා දමන බවට පොරොන්දු ද ලබාදී තිබේ.
රටේම සිටින ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය ගෙන බැලුවද එම මුදල් රු බිලියන 54ට වඩා අඩුය.

ඔවුන් ණය ගෙවාගත නොහැකිව සියදිවි නසාගන්නා විට නොඇරෙන ආණ්ඩුවේ කන් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දුක්ගැනවිලි ඉදිරියේ ඇරෙන බවනම් පෙනේ.

leave a reply