වරාය නගරයට ඇතුළුවෙන්න වීසා වර්ගයක්

කොළඹ වරාය නගරයට ඇතුල් වීම සඳහා නව වීසා වර්ගයක් හඳුන්වා දී තිබේ.

කොළඹ වරාය නගරයේ ස්ථාපිත කිරීමට නියමිත ජාත්‍යන්තර නාවුක,මූල්‍ය,තොරතුරු තාක්ෂණය,සංචාරක වැනි විවිධ සේවාවන් සැපයීමට පැමිණෙන ආයෝජකයින්ට සහ අනෙකුත් අදාළ පාර්ශව වෙත වීසා නිකුත් කිරීම සහ ඊට අදාළ කාර්යයන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිදුකෙරෙන බවයි අද (20) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා තිබේ.

කොළඹ වරාය නගරයේ කොමිෂන් සභාවේ නිර්දේශ මත පදනම්ව වීසා කාණ්ඩ 3ක් යටතේ එම වීසා නිකුත් කිරීමට කැබිනට අනුමැතිය ලබා දී ඇති බව අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

ඒ අනුව ආයෝජකයින්ට ආයෝජන කාණ්ඩය යටතේත්, එම ව්‍යාපෘතිවල සේවය කරන සේවා නියුක්තිකයින් වෙනුවෙන් සේවා නියුක්ති වීසාත්, බදු පදනම මත වාසය කරන නේවාසිකයින් සඳහාත් යන ලෙස වීසා නිකුත් කෙරෙනු ඇති.

කොළඹ වරාය නගරය තුළ ලංකාවේ ක්‍රියාත්මක නොවන වෙනමම බදු ප්‍රතිපත්තියක්, වෙනස් කම්කරු නීති අත්විය හැකි බවට මීට පෙර ආන්දෝලනයක් මතුවිය.

 

Share post:

Popular

වෙනත් පුවත්

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...