කොන්ත්‍රාත්කරුවන්ගේ නොසැලකිල්ල බිලිගත් ජීවිතයක්

Date:

එප්පාවල පොලිස් වසමේ ඇඳගල මංසන්ධිය ආසන්නයේ අලුත්වැඩියා කෙරෙමින් පවතින පාලම් බෝක්කුවක් තුලට වැටී යතුරු පැදියක ගමන් කළ තරුණයකු ඊයේ (19) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, තිරප්පනය, පෙරියකුළම ප්‍රදේශයේ පදිංචි කුෂාන් චතුරංග නම් 25 හැවිරිදි අවිවාහක තරුණයෙකි.
ඔහු පෞද්ගලික රථ වාහන රක්ෂණ ආයතනයක එප්පාවල නගර ශාඛාවේ සේවය කර ඇති අතර, ඊයේ (19) සේවය නිම වී නිවස බලා යමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇත.පස්වරු 6.30 ට පමණ මෙම අනතුර සිදු ව ඇති අතර, ඒ අවස්ථාවේ තරමක වර්ෂාපතනයක්ද පැවතී ඇත.බෝක්කුවේ එක් පැත්තක් ඉදි කෙරෙමින් පවතින බැවින් මාර්ගයේ එක් මං තීරුවක් පමණක් විවෘත කර තිබී ඇත, ෙ යතුරු පැදිය ඉදි කරමින් පවතින බෝක්කුව දෙසින්ම ධාවනය වී බාධකයන් හරහාද ගමන් කර බෝක්කුව අසල තිබූ යකඩ බටයක ගැටී යතුරු පැදිය එම ස්ථානයේ පෙරළි ඇති අතර, යතුරු පැදිකරු බෝක්කුව තුළට වැටී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.ඒ වන විටත් බෝක්කුව තුළ ජලය පිරී තිබී ඇත. අදාළ බෝක්කුව අසල මාර්ග සංඥා මගින් බෝක්කුව ඉදි කිරීම් කටයුතු සම්බන්ධයෙන් දැනුම්වත් කර ඇතත්, දැඩි අඳුරු ස්වභාවයක් ගන්නා එම ස්ථානයේ විදුලි ආලෝක මගින් පාලමේ ඉදි කිරීම් සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට කොන්ත්‍රාත් සමාගම් කටයුතු කර නොමැති බවද එහි ගිය අපට දැක ගත හැකි විය.
අනතුර සිදුවන ආකාරය කිසිවෙකුත් ඇසින් දැක නැති අතර, අනතුර සිදු වී යතුරු පැදිය පාලම් බෝක්කුව අසල වැටී තිබෙනු දැක අසල්වාසීන් ඒ පිළිබඳව සොයා බැලීමේදී ඉදි කෙරෙමින් පවතින පාලම් බෝක්කුව තුළට පුද්ගලයකු වැටී සිටිනු දැක ගොඩට ගෙන ත්‍රී රෝද රථයකින් එප්පාවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇත, ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.අනතුරින් ඔහුගේ සුසුම්නාවට සිදු වූ හානි හේතුවෙන් ජීවිතක්ෂයට පත් වන්නට ඇතැයි ඔහු පැවසීය.මේ වන විටත් ඔහුගේ දේහය එප්පාවල ප්‍රාදේශීය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

තලාව – එප්පාවල -ඉපලෝගම මාර්ගය වසරකට ආසන්න කාළයක සිට අලුත්වැඩියා කරමින් පවතින අතර, මාර්ගයේ ස්ථාන රැසක පාලම් බෝක්කු ඉදි කෙරෙමින් පවතියි.එප්පාවල ඇඳගල මංසන්ධිය ආසන්නයේ පිහිටි පාලම් බෝක්කුවද මාස ගණනක්ම ඉදි කෙරෙමින් පවතින බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.මෙම බෝක්කුව තුළට මීට පෙරද පුද්ගලයින් දෙදෙනකු වැටී අනතුරක් සිදු වූ බවත්, ඔවුන්ගේ ජීවිතද අනූ නවයෙන් බේරුණු බව ප්‍රදේශවාසීන් පවසති. මෙම මාර්ගයේ ඉදි කිරීම් කරන කොන්ත්‍රාත් සමාගම් දෙකම මාර්ගයේ ගමන් කරන ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකරන බවත්, පාලම්, බෝක්කු ඉදි කරන ස්ථාන වල ආරක්ෂිත ක්‍රියාමාර්ග නිසි ලෙස සිදු කර නොමැති බවද , ඒ හේතුවෙන් අනතුරු රැසක් සිදු වූ බවද ප්‍රදේශවාසීන් පවසති.

සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...