සුව වීමට ප්‍රථම ත්‍රස්‌ත විමර්ශන ඒකකය යළි සිරිධම්ම හාමුදුරුවන් පැහැරගෙන යයි

ත්‍රස්ත විමර්ශන ඒකකයෙ හිරකරගෙන හිටපු සිරිධම්ම හාමුදුරුවෝ ඩෙංගු හැදිල අමාරු වෙලා රෝහල්ගත කරල හිටියෙ. අද හදිසියේම ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් ඇවිල්ලා සිරිධම්ම හාමුදුරුවෝ රෝහලෙන් අරගෙන යනවා. ඩෙංගු හැදිල අසාධ්‍ය වෙච්ච රෝගියෙක් දින දෙක තුනකින් සනීප වෙන්නෙ නෑ කියන එක අපි පැහැදිලිවම දන්න කාරණයක්. රෝහලෙන් ටිකට් කැපුවත් ඩෙංගු රෝගියෙක් මාස කීපයක් විවේකයෙන් ගත කළ යුතුයි. රෝහල්ගත කරල ඉද්දි සිරිධම්ම හිමිට විවේකයක් තිබ්බෙත් නෑ. තුවක්කු තියාගෙන, වටතිර ඇදලා හුස්මක් කටක් ගන්න බැරි වෙන විදිහට හිර කරගෙන තමයි රෝහලෙත් හිටියෙ. නාරාහේන්පිට ත්‍රස්ත විමර්ශන කාර්යාලයේ ඉද්දි ඩෙංගු හැදිලා සතියක් යනකම් පැනඩෝල් පෙත්තක් දෙන්න තරම්වත් අසනීපෙ ගණන් අරගෙන තිබුණේ නෑ. ඒ තමයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අමනයින්ට මිනිහෙක්ගෙ සෞඛ්‍ය ගැන තියෙන වගකීම. එහෙම තියෙද්දි අද රෝහලෙන් නැවතත් සිරිධම්ම හිමි අර නිරූපමා රාජපක්ෂගෙ නාරාහේන්පිට භූත ගොඩනැගිල්ලට අරන් යනවා. එතන තියෙන සෞඛ්‍ය පහසුකම මොකක්ද? ලෙඩෙක්ට විවේකයක් ගන්න තරම් එතන තියෙන සුදුසු පරිසරය මොකක්ද? ඉර එළිය, පිරිසිදු වාතාශ්‍රය නැතිව ඒ භූත ගොඩනැගිල්ල ඇතුළෙම වසන්ත සහෝදරයා දරුණු චර්ම රෝගයකට ගොදුරු වෙලා ඉන්නවා. ඩෙංගු හැදිල හිටපු සිරිධම්ම හිමිත් ආයෙ ඒ තිරිසන් අපායටම දක්කගෙන යනවා. මේ තරම් මිනිහෙක්ට වද දෙන්න මුන්ට සිරිධම්ම හිමිත් එක්ක එච්චර තියෙන වෛරය මොකක්ද? ඒ මනුස්සයා මොකක්ද කරේ?

ඒ මදිවට පැය ගාණක් යනකම් අරගෙන ගියේ කොහෙටද කියලා හෙළිදරව් කරෙත් නෑ. ලෝයර්ස්ලටවත් කිව්වෙ නෑ. අන්තිමේදි ලෝකෙ වටේ මානව හිමිකම් සංවිධානවලට කතා කරලා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් විමසුවාට පස්සෙ තමයි නාරාහේන්පිට අරන්ගියා කියල කිව්වෙ. මේ ගොබ්බ වැඩේ වහාම නතර කරපියව්. ලෙඩෙකුට ලෙඩෙක් ගැලපෙන විදිහට සලකපියව්. අපි දන්නවා තොපිට ⁣⁣ගොඩක් දේවල් තේරුම්ගන්න අමාරුයි කියලා. තේරෙන්න කියල දෙන්න එන්නම්. බලාගෙන හිටපල්ලා. ආණ්ඩුවේ බල්ලො.
ඡායාරූපය – රෝහල්ගත කර සිටි සිරිධම්ම හිමි.
(උපුටාගැනීම – රත්කරව්වේ ජිනරතන හිමිගෙන්)

Share post:

Popular

වෙනත් පුවත්

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...

රනිල්ලා එකතු වෙන්නේ ජනතාවට අමාරු නිසාලු!

ජාතික ජන බලවේගය හැර සියලු පක්ෂ පොදු රාමුවක් යටතේ...

2013න් පාඩම් ඉගෙන ගෙන අනොජන් වෙනුවෙන් වගවෙමු!

සෞදි අරාබියේ අධිකරණ ක්‍රියාවලියකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික...